සචිත්‍ර සේනානායක ක්‍රිකට් දිවිය ගැන තීන්දුවක් ගනියි

194
Sachithra Senanayake

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලුම අංශවලට සමු දීමට අද (8) තීරණය කර තිබේ.

එංගලන්ත සුපිරි තරුවකට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි?

එංගලන්ත වේගපන්දු බලඇණිය සවිබල ගන්වන ප්‍රබල තුරුම්පු කිහිපය අතරින් ජොෆ්රා ආචර්ගේ…

වයස අවුරුදු 34ක් වන සේනානායක ටෙස්ට් තරගයක්, එක්දින තරග 49ක් සහ විස්සයි විස්ස තරග 24ක් ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර කඩුලු 78ක් දවාගෙන තිබෙන්නේ ලබා ගත් ලකුණු 351ට අමතරවයි.

2016 වසරේ සැප්තැම්බර් මස 9 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් (විස්සයි විස්ස) ක්‍රීඩා කළ සේනානායක ඉන්පසුව සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දේශීය ක්‍රිකට් පිටිය තුල ඉතාමත් හොඳ දස්කම් දක්වන ලදි.

ඉතාමත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන සේනානායක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ 2018/19 සඳහා වන සම්මාන උළෙලේ දී දේශීය පළමු පෙළ සීමිත පන්දුවාර තරගාවලියේ හොඳම පිතිකරු සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වයම දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාවට තරගාවලි පරාජයක්

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත (DEAF) ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර..

“මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මගේ සමුදීම පිළිබඳව දැනුවත් කරලා තියෙන්නේ. මට එදා ඉඳන් මේ වෙනකන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න ගොඩක් අය උදව් කළා ඒ හැමෝටම මගේ ස්තුතිය මා පුද කර සිටිනවා.” යැයි සේනානායක විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සිය සමුගැනීම පිළිබඳව පවසා සිටියේය.

2013 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළ සේනානායක එම කණ්ඩායම සඳහා වෙන්දේසි වූයේ ඇමරිකන් ඩොලර් 650,000ක් වැනි මුදලකටයි. (වත්මන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 118කට ආසන්න වේ)

2014 වසරේ පැවති ICC ලෝක විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීම වෙනුවෙන් සේනානායක විශාල මෙහෙයක් ඉටු කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<