ජොෆ්රා ආචර් ලෝක කුසලාන ගමනට වැඩ

1384

ආබාධ කිහිපයකින් පීඩා විඳිමින් සිටි එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආච‍ර්, එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වෙමින් සිටින බව සසෙක්ස්හි පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් පවසනවා.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වීමට එංගලන්තය ගිය ගමනේ ප්‍රබල පුරුකක් ලෙස ආචර්ව නම් වනවා. ඉන්පසුව පැමිණි වැලමිටේ ආබාධයත්, කොන්දේ ආබාධයත් ඔහුව දිගුකාලීනව කණ්ඩායමෙන් ඈත්ව තැබුවා.

28 හැවිරිදි ආචර් පිළිබඳ ෆාබ්‍රේස් මෙසේ පැවසුවා.

ඔහු හොඳට යනවා,” BBC ගුවන් විදුලි නාලිකා අංක 5 වෙත අදහස් දක්වමින් මේ අදහස් පළවුනා.

මං හිතන්නේ ඔහු ලෝක කුසලාන ගමනට ලෑස්ති වෙමිනුයි ඉන්නේ. ඒක නියම පුවතක්,” ඔහු පැවසුවා.

2021 පෙබරවාරි මාසයෙන් පසුව ආචර් ටෙස්ට් තරගයකට සහභාගී වී නැහැ. මේ වසර මුලදී එක්දින ක්‍රිකට් පිටියට යළි පැමිණුනත් ඔහුගේ සුපුරුදු දස්කම් අතරට ඒමට ඔහු අපොහොසත් වුනා. පසුව ඔහුගේ වැලමිටේ ආබාධය යළි පැන නැගුණු අතර අළුබඳුන තරගාවලියෙන් ඔහුව ඉවත් කරගැනීමට හේතු වූයේත් එයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<