Premier League ජර්සි වෙනස් වෙයි?

375

Premier League අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලිය සඳහා 2026-27 වාරයේ සිට සූදු ආයතනවලට නිල ඇඳුමෙහි ඉදිරිපස සඳහා අනුග්‍රහය දැක්වීම නැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා තරගාවලියේ සියලු කණ්ඩායම් සාමූහිකව එකඟ වී ඇති බව Premier League කමිටුව බ්‍රහස්පතින්දා (6) නිල වශයෙන් ප්‍රකාශ කළා.

Fun88, Betway සහ Everton (Stake.com) ඇතුළුව, ලීගයේ කණ්ඩායම් 20න් අටකටම දැනට නිල ඇඳුම් අනුග්‍රාහකයන් ලෙස මෙම ඔට්ටු ඇල්ලීමේ සමාගම් කටයුතු කරනවා.

මෙම ඔට්ටු ඇල්ලීම්/සූදු නියාමනය පිළිබඳ අනාගත නීති සම්පාදනය සඳහා යෝජනාවක් එක්සත් රාජධානියේ රජය විසින් ධවල පත්‍රිකාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද බලාපොරොත්තු වනවා

ටයිම්ස් පුවත්පත මේ පිළිබඳව පල කළ වාර්තාවකට අනුව සියලු කණ්ඩායම් ඒකමතිකව නිල ඇඳුමේ ඉදිරිපස අනුග්‍රාහකත්වය සඳහා සූදු ආයතන යොදා නොගැනීමට තීරණය කළ නිසාවෙන් මෙම ධවල පත්‍රිකාවට කමිස අනුග්‍රාහක සීමා කිරීම් ඇතුළත් වන්නේ නැහැ. කෙසේ වෙතත් නිල ඇඳුමේ අතෙහි එම අනුග්‍රාහකත්වය නිරූපණය කිරීමට සඳහා තවමත් අවසර ඇති බව වාර්තාව වැඩිදුරටත් සඳහන්.

ලීග් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ප්‍රිමියර් ලීග් ක්‍රීඩා සමාජ අද සාමූහිකව ඔවුන්ගේ නිල ඇඳුමේ ඉදිරිපස සූදු කණ්ඩායම් වල අනුග්‍රහය ඉවත් කර ගැනීමට එකඟ වී තිබෙනවා,” යනුවෙනුයි.

වත්මන් සූදු නීති පිළිබඳ රජයේ අඛණ්ඩ සමාලෝචනයේ කොටසක් ලෙස ලීග් තරගාවලිය, එහි සමාජ ශාලා සහ සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව සම්බන්ධ පුළුල් උපදේශනයකින් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.

නිල ඇඳුම් ඉදිරිපස අනුග්‍රහයෙන් සූදු සමාගම් ඉවත් කිරීමට සමාජ ශාලාවලට සහාය වීම සඳහා වන සාමූහික ගිවිසුම 2025/26 වාරය අවසානයේ ආරම්භ වනවා.”

මේ අතර වගකිවයුතු සූදු අනුග්‍රහය සඳහා නව නීති සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අනෙකුත් ක්‍රීඩා සමඟ ද කටයුතු කරමින් සිටින බව Premier League වැඩිදුරටත් සඳහන් කළා.

බ්‍රිතාන්‍යයේ සංස්කෘතික ලේකම් Lucy Frazer මෙම ප්‍රිමියර් ලීග් නිවේදනය සාදරයෙන් පිළිගෙන තිබෙනවා.

වැඩිහිටියන්ගෙන් අතිමහත් බහුතරයක් ආරක්ෂිතව සූදුවේ නියැලෙන නමුත් පාපන්දු ක්‍රීඩකයින් තරුණයින්ට විශාල බලපෑමක් ඇති කරන බව අපි දන්නවා. තරුණ රසිකයන් සඳහා නිවැරදි දේ කිරීමට Premier League වැනි ආයතන සමඟ වැඩ කිරීමට අපට අවශ්‍යයි,” Lucy Frazer පැවසීය.

අපි ඉක්මනින්ම මේ සූදු ආයතන ගැන ධවල පත්‍රිකාවක් ගෙන එනවා. සූදුව නිසා හානිකර සහ ඇබ්බැහි වීමේ අවදානමක් ඇති අය ආරක්ෂා කිරීම අපේ වගකීමක්.”

 සූදු ආයතන ප්‍රචාරණය සහ පාපන්දු ක්‍රීඩාවට සූදු ආයතන දක්වන අනුග්‍රහය අවසන් කිරීමට බිහි වූ ව්‍යාපාරයක් වන The Big Step කියා සිටියේ, මෙම පියවර සූදු අනුග්‍රාහකත්වය නිසා සිදු වන හානිය වැළැක්වීමට ගත් සැලකිය යුතු පියවරක් බවයි.

ලෝකය පුරා බිලියන ගණනක් මෙම නිල ඇඳුම් අඳිනවා. Premier League නිල ඇඳුම් වලින් තරම් වෙන කිසිම දෙයකින් ඔවුන්ට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැහැ. නමුත්, තවමත් තහනම තියෙන්නේ නිල ඇදුමේ ඉදිරිපස කොටසට පමණයි. දැන්වීම වෙනත් කොටසකට ගෙන යාම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ක්‍රීඩාංගණ වල මේ වෙළඳ දැන්වීම් දිගටම පවත්වා ගෙන යනවා. එය මේ තහනමට සම්පූර්ණයෙන්ම නොගැලපෙන දෙයක්.”

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<