පළමු පෙළ එක්දින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ඇරඹේ

ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින තරගාවලිය 2020/21

138

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ තරග වටය හෙවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (07 වැනිදා) දිනයේදී පැවැත්වෙනු ඇත.

බදුරලිය සහ මුවර්ස් අතර තරගය මොරටුවේදීත්, රාගම සහ ටැමිල් යුනියන් අතර තරගය කටුනායකදීත්, එන්. සී. සී. සහ නාවික හමුදා අතර තරගය කෝල්ට්ස් හිදීත් සහ එස්. එස්. සී. සහ යුද හමුදා අතර තරගය පී. සරා ඕවල් ක්‍රීඩාංගණවලදීත් පැවැත්වෙනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

මෙම තරගවලින් ජය ගනු ලබන කණ්ඩායම් ලබන 09 වැනිදා සී. සී. සී. පිටියේ සහ එන්. සී. සී. පිටියේ පැවැත්වීමට නියමිත අර්ධ අවසන් තරග වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. අවසන් මහ තරගය ලබන අප්‍රේල් 11 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙනු ඇත.  

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<