ඔලිම්පික් සහ ආසියානු කුසලාන වරම් ශ්‍රී ලංකාවට අහිමි වන ලකුණු

150

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කිරීම නිසා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට 2024 ඔලිම්පික් උළෙල, 2024 ආසියා කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සහ 23න් පහළ ආසියා කුසලානය සුදුසුකම් ලැබීමේ තරග අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

මෙම තත්වය පිළිබඳ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලිපියක් යොමු කර තිබෙනවා. ඉහත තරගාවලි සඳහා ඇතුළත් වීම 2022 අප්‍රේල් 13 ආරම්භ කර තිබූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සිය ඇතුළත් වීම එම වසරේ මැයි 10 තහවුරු කර තිබුණා.

“ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් 2023 ජනවාරි 21 දින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නැවත දැනුම් දෙනතුරු තහනම් කළා. එම තහනම් කළ වගන්තියට අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සියලු වරප්‍රසාද අහිමි වන අතර ඔවුන් නියෝජනය කරන කිසිම කණ්ඩායමට ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වීම අවස්ථාව ලැබෙන්නේ නැහැ.

ඒ නිසා, අපි දැනුම් දීමට කැමතියි මෙම තහනම නිසා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට 2024 ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරග, ආසියා කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සහ 23න් පහළ ආසියා කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ.

තරගාවලි සඳහා කුසපත් ඇදීම මැයි 25 වැනිදා සිදු කරන්නට නියමිතව තිබෙන නිසා තරගාවලියට සහභාගී වීමට නම් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබෙන තහනම මැයි 11ට පෙර ඉවත් කර ගැනීමට සිදු වෙනවා,” යැයි එම ලිපියේ සඳහන් වනවා.

දේශීය සහ ජාත්‍යන්තර පාපන්දු පිටියේ උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<