ඒකල ශූරයා සචිනක; ශූරිය නදීෂා

ප්‍රේමසිරි හැලඹගේ අනුස්මරණ දකුණු පළාත් බැඩ්මින්ටන් ශූරතාවය

105

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අනුග්‍රහයෙන් හතරවැනි වරටත් පැවති ප්‍රේමසිරි හැලඹගේ අනුස්මරණ දකුණු පළාත් බැඩ්මින්ටන් ශූරතාවය පසුගිය දා සාර්ථක අවසන් වුනා.

ගාල්ල දඩැල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී දින හයක් පුරාවට පැවති මෙම තරගාවලිය සඳහා කනිෂ්ඨ, ජ්‍යේෂ්ඨ සහ විවෘත කාණ්ඩ නියෝජනය කරමින් තරගකරුවන් 680කට අධික සංඛ්‍යාවක් සහභාගී වුනා.

තරගාවලියේ පිරිමි විවෘත ඒකල ශූරතාවය කසුන් මධුශංක පරදවමින් සචිනක වීරසිංහ විසින් ජයග්‍රහණය කළ අතර ඉසුරි අමන්දා පරදවමින් නදීෂා ගයාත්‍රි කාන්තා විවෘත ඒකල ශූරතාවය දිනා ගත්තා.

කාන්තා යුගල ශූරතාවය නදීෂා ගයාත්‍රි සහ බිනාරි ද සිල්වා විසින් දිනා ගත් අතර මිශ්‍ර ශූරතාවය බිනාරි ද සිල්වා සහ සියත් දුලන්ත විසින් දිනා ගැනීමට සමත් වුනා.

මෙම තරගාවලියේ ජයග්‍රහණ ලැබූ සියලු දෙනාට සහතික සහ කුසලාන ප්‍රදානය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා, ප්‍රේමසිරි හැලඹගේ මහතාගේ පවුලේ සාමාජිකයින් සහ දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<