දස්සාගෙන් පන්දු 23ක දී අර්ධ ශතකයක්

SLC Major Club T20 Tournament

3403

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය වූ අද (24) දවස නිමාවේ දී අර්ධ ශතක 5ක් වාර්තා වූ අතර SSC කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ප්‍රවේගවත් ඉනිමක් ද ඊට අයත් වුනා. 

Sri Lanka Air Force කණ්ඩායමට එරෙහිව වාර්තා වූ දසුන් ශානකගේ එම ඉනිමේ අර්ධ ශතකය 23 වැනි පන්දුවේ දී දැවැන්ත හයේ පහරකින් වාර්තා කිරීමට ඔහු සමත් වුනා. ඊට පෙර සහ පසු පන්දුවල දී ද හයේ පහර එල්ල කළ දසුන් තම ඉනිම නිමාවේ දී පන්දු 27කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 62ක් ලබා සිටියා.

මේ අතර දිනයේ සුවිශේෂී ම අර්ධ ශතකය වාර්තා කළේ Moors කණ්ඩායමේ ඉදිරිපෙළ 22 හැවිරිදි දකුණත් පිතිකරු පසිඳු සූරියබණ්ඩාරයි. Moors ඉනිමේ කඩුලු එකින් එක අඩු ලකුණු සංඛ්‍යාවකට කඩා වැටෙද්දී එක් අන්තයක් ආරක්ෂා කර ගත් පසිඳු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.

ඊට අමතර ව දවසේ සුවිශේෂී තරගය වූයේ Baduraliya SC සහ CCC අතර තරගයයි. එම තරගයේ දී දෙපිලේ ක්‍රීඩකයෝ අර්ධ ශතක ත්‍රිත්වයක් වාර්තා කළා. Baduraliya වෙනුවෙන් ආරම්භක පිතිකරු රවිජ සඳරුවන් පන්දු 39ක දී හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා.

ඔහු Kuwait විස්සයි විස්ස ජාතික කණ්ඩායම ද නියෝජනය කරන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙක්. මේ දක්වා ඔහු  Kuwait  ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 19කට සහභාගී වී සිටිනවා.

ඊට අමතර ව Baduraliya කණ්ඩායමේ අනෙක් අර්ධ ශතකලාභියා වූයේ ගිහාන් රූපසිංහ. ඔහු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.

CCC වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කළේ නායක ලසිත් අබේරත්න. ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 62ක් ලබා ගත්තා.

SSC සහ Sri Lanka Air Force SC අතර තරගය (CCC ක්‍රීඩා පිටියේ දී)

  • SSC – කඩුලු 5ක් දැවී 159 (16) ක්‍රිශාන් සංජුල 34, ෂෙවෝන් ඩැනියෙල් 35, දසුන් ශානක 62
  • Sri Lanka Air Force SC – කඩුලු 7ක් දැවී 119 (16) සහිල් ඩයස් 25, මොවින් සුබසිංහ 33, කවිඳු නදීශාන් 3/41, දසුන් ශානක 2/07

SSC කණ්ඩායමට ලකුණු 40ක ජයග්‍රහණයක්

Moors SC සහ Kalutara TC අතර තරගය (NCC ක්‍රීඩා පිටියේ දී)

  • Moors SC – කඩුලු 9ක් දැවී 125 (20) පසිඳු සූරියබණ්ඩාර 58, ටෂික් පෙරේරා 3/28, ඉන්ශක සිරිවර්ධන 3/17
  • Kalutara TC – කඩුලු 9ක් දැවී 117 (20) දමිඳු අශාන් 19, සඳකැන් පතිරණ 2/17, තිලංග උදේශන 2/16, අයන සිරිවර්ධන 2/16

Moors SC කණ්ඩායමට ලකුණු 8ක ජයග්‍රහණයක්

Sri Lanka Army SC සහ Bloomfield C & AC අතර තරගය (SSC ක්‍රීඩා පිටියේ දී)

  • Sri Lanka Army SC – සියලුම දෙනා දැවී 154 (19) අශාන් රන්දික 25, ලක්ෂාන් එදිරිසිංහ 33, අසේල ගුණරත්න 22, හිමාෂ ලියනගේ 30, කවිඳු රිද්මාල් 4/31, මාධව වර්ණපුර 2/36, චානක කොමසාරු 2/29
  • Bloomfield C & AC – කඩුලු 9ක් දැවී 108 (19) යොහාන් චානුක 25, ලහිරු මධුශංක 31, මහීෂ් තීක්ෂණ 2/24, ලක්ශාන් ගමගේ 2/12, අසේල ගුණරත්න 3/18

Sri Lanka Army SC කණ්ඩායමට ලකුණු 46ක ජයග්‍රහණයක්

Galle CC සහ Kurunegala YCC අතර තරගය (CCC ක්‍රීඩා පිටියේ දී)

  • Galle CC – කඩුලු 9ක් දැවී 107 (20) තරිඳු අමරසිංහ 26, ලහිරු ජයරත්න 2/15, නිලංක ප්‍රේමරත්න 2/30, දිනන්ජය ප්‍රේමරත්න 2/18
  • Kurunegala YCC – සියලුම දෙනා දැවී 67 (16.2) චතුර ලක්ෂාන් 2/06, රවිශ්ක විජේසිරි 3/26, සඳුන් මධුශංක 3/07

Galle CC කණ්ඩායමට ලකුණු 40ක ජයග්‍රහණයක්

Saracens SC සහ Ace Capital CC අතර තරගය (NCC ක්‍රීඩා පිටියේ දී)

  • Saracens SC – කඩුලු 9ක් දැවී 105 (20) සිතාර ගිම්හාන් 21, අශාන් ඩිල්හාර 2/20, තනුක දාබරේ 4/15
  • Ace Capital CC – කඩුලු 2ක් දැවී 107 (16.2) ෂෙහාන් ප්‍රනාන්දු 31, හර්ෂ කුරේ නොදැවී 30, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 25

Ace Capital CC කණ්ඩායමට කඩුලු 8ක ජයග්‍රහණයක්

Baduraliya SC සහ CCC අතර තරගය (SSC ක්‍රීඩා පිටියේ දී)

  • Baduraliya SC – කඩුලු 6ක් දැවී 154 (20) රවිජ සඳරුවන් 54, දුනිත් ජයතුංග 21, ගිහාන් රූපසිංහ 52, නුවන් තුෂාර 3/32
  • CCC – කඩුලු 7ක් දැවී 121 (17.2) ලසිත් අබේරත්න නොදැවී 62, පවන් පතිරාජ 33, සෙනාල් ද සිල්වා 2/22, චතුර රන්දුණු 2/25

Baduraliya SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 11ක ජයග්‍රහණයක්

හෙට (25) තරගාවලිය සිව්වැනි දිනයටත් ක්‍රියාත්මක වන අතර තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<