කමිඳුගේ නායකත්වයෙන් යුත් නැගී එන සංචිතයට ක්‍රීඩකයින් 32ක්

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2022

2632

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 32 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන මූලික සංචිතය නම් කර තිබෙනවා.

නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ සහ අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලියේ දී දැක්වූ දස්කම් අනුව ජාතික තේරීම් කමිටුව විසින් මේ මූලික සංචිතය සඳහා ඇතුලත්ව සිටින ක්‍රීඩකයින් තෝරාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සහ එංගලන්ත නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත මේ තරගාවලිය සඳහා සිව්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්. එහි දී ශ්‍රී ලංකා නැගී එන සංචිතය මෙහෙය වීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් වෙත ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ රුවන් කල්පගේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

ක්‍රීඩකයින් 32 දෙනෙකුගෙන් සමන්විත මේ සංචිතය ක්‍රීඩකයින් 18 දක්වා අඩු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා නැගී එන සංචිතය මැයි 1 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා නැගී එන මූලික සංචිතය: කමිඳු මෙන්ඩිස් (නායක), ලසිත් කෘස්පුල්ලේ, නිශාන් මදුෂ්ක, ජොහෑන් ද සිල්වා, කාමිල් මිශාර, නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, අවිශ්ක තරිඳු, දිනුක ඩිල්ශාන්, අවිශ්ක පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, කවිෂ්කා අංජුල, සන්තුෂ් ගුණතිලක, කලන පෙරේරා, අම්ෂි ද සිල්වා, නිපුන් මාලිංග, උදිත් මදුශාන්, යසිරු රොද්‍රිගෝ, ඩිල්ශාන් මදුශංක, දිලුම් සුධීර, අශේන් ඩැනියල්, ලක්ෂිත මානසිංහ, කෞමාල් නානායක්කාර, සුමින්ද ලක්ෂාන්, මනෙල්කර් ද සිල්වා, මොවින් සුබසිංහ, නිපුන් රන්සික, කවිඳු පතිරත්න, කවික ඩිල්ශාන්, තීසාන් විතුසාන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<