සන්නිවේදනයේ ගැටළුවකින් අනුරට ප්‍රශ්නයක්

311

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සම්මේලන කමිටුවේ සාමාජිකයෙකුව සිටි ශ්‍රී ලංකා පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා ඉන් ඉවත් කිරීම පිලිබඳ නිල දැනුම් දීමක් ඔහුට නොලැබී ඇත්තේ FIFA පරිගණක දත්ත ගබඩාවේ ඇති විද්‍යුත් තැපැල් ලිපිනය වෙනුවට වෙනත් විද්‍යුත් තැපැල් ලිපිනයක් භාවිත කිරීම හේතුවෙන් බව වාර්තා වෙයි.

සභාපති පුටුවට නාමයෝජනා හතරක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණය මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා, හිටපු සභාපති රංජිත් රොද්‍රිගෝ, වත්මන් සභාපති අනුර ද සිල්වා සහ වත්මන් ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී යන මහත්වරුන්….

ජගත් පාපන්දු සම්මේලනයේ නව සභාපති ජියානි ඉන්ෆන්ටීනෝගේ පරිපාලනය යටතේ එහි පරිපාලන ව්‍යුහය තුල ප්‍රධාන වෙනස් කම් රැසක් සිදු කරමින් පවතියි.

එහිදී ප්‍රතිසංවිධානගත කෙරෙන ආයතනික ව්‍යුහයන් අතරට ශ්‍රී ලංකා පාපන්දු සභාපති වරයා සාමාජිකත්වය දැරූ සම්මේලන කමිටුව (FIFA Associations Committee) ද ඇතුලත් වෙයි.

ජගත් පාපන්දු සම්මේලනය 2017 ජනවාරි මස 18 වැනිදා එහි සාමාජික සියලු සංගම් වෙත විද්‍යුත් තැපැල් පණිවුඩ මාර්ගයෙන් දැනුම් දී තිබෙන්නේ මේ වන විට ක්‍රියාත්මක සියලුම කමිටු වල ක්‍රියාකාරීත්වය සහ සාමාජිකත්වය අවසන් කරන බවයි, කෙසේ වෙතත් මෙම පණිවුඩය යම් හේතුවක් මත ශ්‍රී ලංකා පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා වෙත ලැබී නැත.

සභාපතිවරයා පවසන්නේ සම්මේලන කමිටුවෙන් තමන් ඉවත් කර ඇති බව දැනගන්නට ලැබුනේ දේශීය මාධ්‍ය වාර්තා වල පසුගිය ජනවාරි 23 වැනිදා පල වී තිබු තොරතුරු අනුව පමණක් බවයි.

මෙම බලාපොරොත්තු නොවූ සිදුවීම් මාලාවත් සමඟ අනුර ද සිල්වා මහතා වහාම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් මේ පිළිබඳව විමසීමක් කරන්නට කටයුතු කර තිබේ. ලිපියක් මාර්ගයෙන් ඔහු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් මේ පිළිබඳව විමසා තිබෙන්නේ ඔහුගේ ඉවත් කිරීමට හේතුව විනය විරෝධී සහ දූෂිත ක්‍රියාකාරකම් බවට පලවූ මාධ්‍ය වාර්තා වල පිටපත් ද ඉදිරිපත් කරමිනුයි.

ThePapare.com වෙත මේ වන විට වාර්තා වී තිබෙන්නේ අදාළ ඉවත් කිරීම පිලිබඳ පණිවුඩය අනුර ද සිල්වා මහතා වෙත නොලැබී යාමට හේතුව ඔහු මේ වන විට භාවිත කරන විද්‍යුත් තැපැල් ලිපිනය සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලන දත්ත ගබඩාවේ සටහන් වී ඇති සන්නිවේදන තොරතුරු අතර පැවති පරස්පරතාවක් බවයි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මහ ලේකම් වරයා පසුව එවූ ලිපියක මේ බව පැහැදිලි කර ඇත.

මේ සිදුවීම පිලිබඳ අදහස් දැක්වූ අනුර ද සිල්වා මහතා සඳහන් කලේ’

”ද්වේශසහගත අභිප්‍රායෙන් යුතු ඇතැම් පුද්ගලයන් මුදල් සහ වෙනත් ක්‍රම භාවිත කරමින් තවත් පුද්ගලයන්ගේ අවංක භාවයට සහ කීර්ති නාමයට හානි පැමිණවීමේ උත්සාහයන් වල නිරත වනවා” යනුවෙනුයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය සමීප වන සමයක තම කීර්ති නාමය කෙලෙසන්නට ඇතැම් පාර්ශව උත්සාහ කරන බවක් ඔහුගේ එම ප්‍රකාශයේ යටි අරුත ලෙසද හුවා දැක්විය හැකියි.

අනුර ද සිල්වා මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

”මම වයස අවුරුදු 12 සිට 35 වෙන තුරුම නොකඩවා පාපන්දු ක්‍රීඩා කලේ අවංකවයි. මම පාසල් ක්‍රීඩකයෙකු ලෙස රට නියෝජනය කරලා තියනවා, කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායම් වල ක්‍රීඩකයෙකු ලෙස වගේම ජාතික කණ්ඩායමේ නායකයා ලෙසද සේවය කරලා තියනවා. මම කිසි දිනයක ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් ලබා දී තිබෙන ක්‍රීඩක හැඳුනුම්පත මට ක්‍රීඩකයකු ලෙස නීත්‍යානුකූල භාවයක් ලබා ගැනීම සඳහා භාවිත කරලා නැහැ. මට මහේ හදවතට අත තියලා කියන්න පුළුවන් මම අව්‍යාජ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කර ඇති බව, මොකද මම ක්‍රීඩා කරලා තියනවා, ඒවගේම මම වයස අවුරුදු 50න්  පස්සේ කිසිම දිනක මගේ ක්‍රීඩක නිල ඇඳුම නීති රීති  වලින් බේරෙන්නවත්, සමාජය නොමග යවන්නවත් භාවිත කරලා නැහැ. එහෙම කරපු අය පාපන්දු සම්මේලනයේ පරිපාලනයට තේරී පත් වුනොත් එතනදීත් ඒ දේවල්ම කරයි.”

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට