කල් ගිය ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය නැවතති

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

277

මැයි 09 වැනිදා රටේ ඇතිවූ අර්බුදය නිසාවෙන් ඉසව් කිහිපයක් පවත්වා කල් දැමූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ නව දින වකවානු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ ඉතිරි ඉසව් ජුනි 07 වැනිදා සිට 10 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය නිසාවෙන් වසර දෙකක් මුළුල්ලේ මෙම තරගාවලිය පැවැත්වීමට නොහැකි වීමෙන් අනතුරුව මෙවර තරගාවලිය මැයි 09 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කළ නමුත් ආරම්භක දිනයේම රටේ ඇතිවූ අර්බුදකාරී වාතාවරණය නිසාවෙන් දින නියමයකින් තොරව කල් දැමීමට සිදු වුනා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින නිසාවෙන් තරගාවලිය එම විභාගයෙන් පසුව පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ ඉතිරි අදියර ජුනි 07 වැනිදා ආරම්භ වන අතර වයස අවුරුදු 16න් පහළ, 18න් පහළ, 20න් පහළ සහ 23න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ නව කාලසටහන,

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න