ගුරුකුල, හෝලික්‍රොස් ජය පැන් බොති

390
Singer U15 cricket 2016

සිංගර් කුසලාන වයස අවුරුදු 15 න් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරඟ කිහිපයක්ම පසුගිය දින කිහිපයේ දී පැවැත්විණි.

පසුගිය ලිපි: හෝලික්‍රොස් හා අන්තෝනි ඉණිමක ජයග්‍රහණයන් දකියි

කැළණිය ගුරුකුල විද්‍යාලය හා වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය බැසිලිකා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් ගුරුකුල විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.මෙම තරඟය ගුරුකුල විද්‍යාලය පළමු ඉණිමක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – 177-9 dec (49) ලික්ෂාන් සසංග ලකුණු 64, චතුමින ජනිත් ලකුණු 28, කෙමිර නයනතරු ලකුණු 23යි. පන්දු යැවීමේ දී ලකුණු 22 කට කඩුලු 4 ක් දවාලීමට කවීෂ දුලංජන සමත් විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම90-10 (23.5) අවිශ්ක තරිදු ලකුණු 32, කනිෂ්ක දැරණියගල ලකුණු 22, තරුෂ ඉමේෂ් ලකුණු 9කට කඩුලු 4ක් දවාලීමට සමත් විය.

පසුගිය ලිපි: 15න් පහල ක්‍රිකට් තරග කිහිපයකට වැස්සෙන් බාධා

කළුතර හෝලික්‍රොස් විද්‍යාලය හා පානදුර රාජකීය විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයේ දී හෝලික්‍රොස් විද්‍යාලය තියුණු පළමු ඉණිමක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය. රාජකීය විද්‍යාලය කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

හෝලික්‍රොස් විද්‍යාලය පළමු ඉණිම – 83-10 (23) විහඟ ඉදුෂාන් ලකුණු 21 ප්‍රසන්න පුෂ්පකුමාර ලකුණු 27 කට කඩුලු 3 ක් හා ප්‍රශාන්  කල්හාර ලකුණු 26 කට කඩුලු 3 ක් දවාලන ලදි.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම73 -10 (26.4) ප්‍රසන්න පුෂ්පකුමාර ලකුණු 15යි. රුතිල අකලංක ලකුණු 35 කට කඩුලු 5 ක් පන්දු යැවීමේ දී දවාලන ලදි.

හෝලික්‍රොස් විද්‍යාලය දෙවන ඉණිම 136-3 (24) කවිදු උමයංග ලකුණු 79*, ෂෙරෝන් ලක්ෂිත ලකුණු 48

තවත් ක්‍රිකට් පුවත් සිංහලෙන් කියවන්න – එන්න ක්‍රිකට් පිටුවට

කොළඹ මහානාම විද්‍යාලය හා පානදුර රාජකීය විද්‍යාලය අතර තරගය

මෙම තරඟය වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා අත්හිටුවීමට තීරණය කරන ලදි.

වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා අත්හිටුවීමට තීරණය කරන ලදි.

තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න මුල් පිටුවට