ආසියානු පරාජය හමුවේ කබඩි සභාපති ඉල්ලා අස්වෙයි

195

ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම් ලද පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කබඩි සංගමයේ සභාපති අනුර පතිරණ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ සිය ධූර කාලය තවත් වසර 3ක් පමණ ඉතිරිව තිබුනත් ශ්‍රී ලංකා කණ්ඩායම් ලද පරාජය හේතුවෙන් තමන් තව දුරටත් මෙම තනතුරේ රැඳී සිටීමට නුසුදුස්සෙකු ලෙස තමන් සලකන බවයි.

බැඩ්මින්ටන්, වොලිබෝල් කණ්ඩායම් තරමක් හෝ දස්කම් අතරට

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන පස්වැනි දිනය වන අද (23) දිනයේ..

ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම් දෙකම ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු වටයෙන්ම ඉවත් වූ අතර කාන්තා කණ්ඩායම සහභාගී වූ තරග 4න් 2ක් ද (ඉන්දියාව සහ තායිලන්තය හමුවේ), පිරිමි කණ්ඩායම සහභාගී වූ තරග 4න්  3ක් ද (ඉන්දියාව, දකුණු කොරියාව සහ බංග්ලාදේශය හමුවේ) පරාජය විය.

ඇත්තටම මම බලාපොරොත්තු වුනා ලංකාවට පදක්කමක් ගෙනියන්න පුළුවන් වෙයි කියලා. රටේ හැමෝගෙම වගේම ක්‍රීඩකයින්ගෙත් බලාපොරොත්තුවක් තිබ්බා. මේ වෙනුවෙන් අමාත්‍යාංශ්‍ය වුනත් ගොඩක් වියදම් කළා. ඉතිං ඒවගේ අවස්ථාවක පදක්කමක් ගේන්න බැරි වුනා කියන්නේ මම මේ තැනට නුසුදුස්සෙක් කියලා, යැයි ඔහු පැවසීය.

සම්පූර්ණ වීඩියෝව පහතින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<