සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා වැනි කෙටිදුර ධාවන පිටිය දිග්විජය කළ ලාංකික ක්‍රීඩිකාවන්ගේ සමුගැනීමෙන් පසු අගාධයකට යමින් තිබූ කාන්තා කෙටිදුර ධාවනයට නව පණක් ගෙන එමින් 2018 දකුණු ආසියානු සහ ආසියානු කනිෂ්ඨ තරගාවලිවල දී මෙන්ම නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද කැපී පෙෙනන දස්කම් දැක්වීමට සමත් වූ ඇය නමින් අමාෂා ද සිල්වායි.
1999 වසරේ කන්ද උඩරට දී උපත ලැබූ අමාෂා මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු කරන අතර වාරයේ දී සිය පාසල නියෝජනය කරමින් කෙටිදුර ධාවන පිටියේ ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් විය.
එම දස්කම් නිසාවෙන් ඉතාමත් ඉක්මනින් දේශීය මලල ක්‍රීඩා පිටියේ සිය නාමය ඉහළින්ම රැඳවීමට සමත් වූ අමාෂා මෙරට ක්‍රීඩා පිටියේ මෙන්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ද ඉහළ දස්කම් දක්වමින් මෙරට කාන්තා කෙටිදුර ධාවනයට නැවත වරක් ජීවයක් එක් කිරීමට සමත් විය.
මෙවර Photo Story ලිපිය වෙන්වන්නේ අමාෂා ද සිල්වා සිය මලල ක්‍රීඩා දිවිය තුළ මෙතෙක් ආ ගමනේ දී කැමරා කාචයේ සටහන් වූ සේයා රූ කිහිපයක් වෙනුවෙනි.
- පාසල් ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම්

- ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත්වීම

- දකුණු ආසියානු කනිෂ්ඨ පිටියේ ආධිපත්‍ය

- වාර්තා සමඟින් ජයගෙන ආ සහය දිවීමේ තරග
එම ජයග්රහණයෙන් පසු දකුණු ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ මීටර් 100X4 සහ 400 X4 සහය දිවීමේ කණ්ඩායම් නියෝජනය කළ අමාෂා සිය කණ්ඩායම වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දීමට සමත් වූ අතර අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ ද දස්කම් නිසාවෙන් එම තරග ද්විත්වයම නව උළෙල වාර්තා ද ( තත්පර 46.23 & තත්පර 3:43.31) පිහිටුවමින් ජය ගැනීමට ඔවුන් සමත් විය.
තවත් Photo Stories:
- Photo Story – දකුණු ආසියාවේ කිරුළු පැලඳි පන්නල කුමරා
- Photo Story – දකුණු ආසියාව රජ කළ වේගයේ කුමාරයා
- Photo Story – ලාංකීය කෙටිදුර ධාවනය කලඑලි කරන යොවුන් ශූරිය
- Photo Story- වාර්තා පොත් අලුතින් ලියවන දිගුදුර ශූරිය
- Photo Story- මලල ක්‍රීඩාවේ අනාගතයට කැපවෙන පඬුවස්නුවර පසිඳු
- ආසියානු පදක්කම් සිහිනය සපුරා ගැනීම

- ජාතික පිටියේ ජ්‍යෙෂ්ඨයන් සමඟින් කරට කර

- ජාතික කෙටි දුර ශූරිය බවට පත්වීම

- දකුණු ආසියානු රන් සිහිනය සැබෑ කර ගැනීම

ක්‍රීඩාවෙන් මෙන්ම අධ්‍යාපන අංශයෙන් ද ඉහළ දස්කමක් දක්වන අමාෂා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියක් ලෙස උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන අතරවාරයේ සිය ක්‍රීඩා හැකියාවන් ද දිනෙන් දින ඉහළ නංවාගැනීමට ඉතා කැපවීමෙන් පුහුණු කටයුතු සිදු කරන අධිෂ්ඨානශීලී ක්‍රීඩිකාවකි.
එලෙස කැපවීම තුළින් දිනෙන් දින සිය දස්කම් වර්ධනය කරගන්නා අමාෂා මෙරට කෙටිදුර ධාවනයට ලෝක මට්ටමේ ජයක් ගෙන ඒමට හැකි ඉතාමත් දක්ෂ ක්‍රීඩිකාවකි. ඇයගේ දස්කම් වැඩි දියුණු කරගනිමින් අනාගතයේ මෙරට මලල ක්‍රීඩා නාමය ඉහළින්ම බැබලවීමට ඇයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com ප්‍රාර්ථනා කරන්නෙමු.
තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<























