සුසන්තිකා සහ දමයන්ති දර්ෂාගෙන් පසුව ජාත්‍යන්තර කෙටිදුර ධාවන පිටියේ මෙරට කාන්තා නාමය ඉහළින්ම තැබීමට සමත් වෙමින්, ලෝක මලල ක්‍රීඩා පිටියේ ද ඉතා සාර්ථක දස්කම් දැක්වීමට සමත් වූ ඇය නමින් ශෙලින්ඩා ජැන්සන්ය.

2001 වසරේ කන්ද උඩරට දී උපත ලැබූ ශෙලින්ඩා සිය පවුලේ ආභාෂය ලබමින් කුඩා කල සිටම ඉතා ක්‍රියාකාරී දරුවෙකු ලෙස හැදිවැඩුණාය. ඇයගේ වයස අවුරුදු 8ක් වන විට සිය පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල සඳහා ඉදිරිපත් වෙමින් ඇය සිය මලල ක්‍රීඩා ගමනට අත්පොත් තැබුවාය.

මෙවර Photo Story ලිපිය වෙන් වන්නේ ශෙලින්ඩා ජැන්සන් මෙතෙක් ආ ගමනේ දී ThePapare.com කැමරා කාචයේ සටහන් වූ සේයා රූ වෙනුවෙනි.

  • ජාත්‍යන්තර පාසල් පිටියේ දස්කම්. 

Shelinda Jansen2017 වසරේ දියගම දී පැවති ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් අතර පැවැත්වෙන මලල ක්‍රීඩා ශූරතාවයේ දී කොළඹ ගේට්වේ ජාත්‍යන්තර ජාතික පාසල නියෝජනය කරමින් තරග කල ශෙලින්ඩා ජැන්සන් වයස අවුරුදු 17න් පහළ බාලිකා මීටර් 100 ඉසව්ව දෙවැන්නා ලෙස (තත්පර 26.04) අවසන් කිරීමට සමත් විය.

  • ජ්‍යෙෂ්ඨයන් සමඟ ගැටෙමින් දස්කම් දැක්වීම.

Shelinda Jansenපාසල් මලල ක්‍රීඩා පිටියේ සාර්ථක දස්කම් දක්වමින් 2017 වසරේ පැවති Senior John Tarbet මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ඉදිරිපත් වූ ඇය වයස අවුරුදු 18න් පහළ කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් සමඟ තරග වදිමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

  • ජාතික කනිෂ්ඨ වාර්තාවක් සියතට ගැනීම.

පාසල් මලල ක්‍රීඩා පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් 2018 වසරේ පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව නියෝජනය කිරීමට වරම් ලද ශෙලින්ඩා වයස අවුරුදු 18න් පහළ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එම කාණ්ඩයේම මීටර් 200 නියෝජනය කළ ඇය නව කනිෂ්ඨ වාර්තාවක් ද (තත්පර 24.98) සමඟින් එම ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් විය.

  • දකුණු ආසියානු තලයේ ජයක් ලැබීම.

Shelinda Jansenජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් 2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට තේරී පත්වූ ශෙලින්ඩා එහි දී අනෙකුත් ක්‍රීඩිකාවන්ට වඩා ළාබාල ක්‍රීඩිකාවක් ලෙස තරග වදිමින් මීටර් 100 සහ 200 ඉසව් ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කරන්නට සමත් විය.

  • දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට දායක වීම.

Shelinda Jansenකේවල ඉසව්වල දී දැක්වූ දස්කම්වලින් අනතුරුව 2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100X4 ඉසව්ව නියෝජනය කළ ඇය එම තරගයේ දී සාර්ථක ආරම්භයක් සිය කණ්ඩායමට ලබා දීමට සමත් වූ අතර අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ ද දස්කම් නිසාවෙන් නව තරගාවලි වාර්තාවක් ද සමඟින් (තත්පර 46.22) එම ඉසව්ව ජයග්‍රහණය කරන්නට ඔවුන් සමත් විය.

තවත් Photo Stories:

  • ලාංකීය කෙටි දුර ධාවනය ලෝක මට්ටමට.

Shelinda Jansen2018 වසරේ පැවති යොවුන් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගවල දී දැක්වූ දස්කම් නිසාවෙන් 2018 යොවුන් ඔලිම්පික් උළෙල සඳහා තේරී පත්වීමට සමත් වූ ශෙලින්ඩා එහි මීටර් 200 ඉසව්ව නවවැන්නා ලෙස නිමා කිරීමට සමත් වෙමින් මෙරට කෙටි දුර ධාවන නාමය නැවත වරක් ලෝක මට්ටමට රැගෙන යාමට සමත් විය.

  • ජාතික පිටියේ ජ්‍යෙෂ්ඨයින් අභිබවා යෑම. 

Shelinda Jansenකනිෂ්ඨ පිටියේ දැක්වූ දස්කම්වලින් අනතුරුව 2019 වසරේ පැවති ජාතික මලල ක්‍රීඩා සංචිත තේරීම් තරගවල දී කාන්තා මීටර් 100 ඉසව්වට සහභාගි වූ ඇය එම ඉසව්ව තත්පර 11.93කින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

  • දකුණු ආසියානු සිහිනය බොඳ වීම.

Shelinda Jansenකෙටි දුර ධාවන පිටියේ ඉහළ රිද්මයක සිටි ශෙලින්ඩා පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ තරග ලෙස පැවති 97 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ මූලික වටයේ දී ආබාධයකට ලක්වීම නිසාවෙන් ඇයගේ දකුණු ආසියානු ක්‍රීඩා සිහින බොඳව ගියේය.

  • පාසල් පිටියේ ගෞරවය රැකගැනීම.

Shelinda Jansenදකුණු ආසියානු සිහිනය බොඳ වීමෙන් අනතුරුව නැවතත් මෙම වසරේ පැවති අන්තර්ජාතික පාසල් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ඉදිරිපත් වූ ශෙලින්ඩා එහි දී තියුණු සටනකින් අනතුරුව මීටර් 200 ඉසව්ව ජය ගැනීමට සමත් වූ අතර එම තරගාවලියේම මීටර් 100 ඉසව්ව ද ජය ගනිමින් සිය ආධිපත්‍ය තවදුරටත් රැකගැනීමට සමත් විය.

  •  පාසල් මලල ක්‍රීඩා පිටියට ගෞරවාන්විතව සමුදීම.

Shelinda Jansenසිය පාසල් මලල ක්‍රීඩා ගමනේ අවසාන තරගාවලිය ලෙස මෙම වසරේ පැවති ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කළ ශෙලින්ඩා එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට නොකඩවා දෙවැනි වරටත් අභිෂේක ලබමින් පාසල් ක්‍රීඩා පිටියට සමුදෙන ලදි.

කෙටිදුර ධාවන පිටියේ මෙරට නාමය නැවතත් ජාත්‍යන්තර තලයට රැගෙන යාමට වෙර දරන ශෙලින්ඩා මෙරටට ලෝක මට්ටමෙ පදක්කමක් ගෙන ඒමට ඉහළ සම්භාවිතාවක් ඇති දක්ෂ ක්‍රීඩිකාවකි.

ඇගේ ක්‍රීඩා දිවියට හරස්වන සියලුම බාධක ජය ගනිමින් මෙරට කෙටිදුර ධාවන නාමය ජාත්‍යන්තරයේ ඉහළම රැඳවීමට ඇයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරන්නෙමු.

තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<