Misbah-ul-Haqට විශේෂ වගකීමක්

576

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද නව ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සැකැස්ම සහ එහි නිලධාරීන් පිළිබඳ ඊයේ (02) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

මෙම කමිටුවේ සභාපති තනතුර හිටපු ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන  Misbah-ul-Haq හට ලබා දීමට කටයුතු කර තිබෙන අතර එහි අනෙක් සාමාජිකයින් ලෙස Inzamam-ul-Haq සහ Mohammad Hafeez කටයුතු කරනවා.

එමෙන්ම එයට පාකිස්තාන දේශීය ක්‍රිකට් දෙපාර්තමේන්තුවේ මුල් පුටුව ද අයත් වන අතර මෙම කමිටුව පාකිස්තාන ක්‍රිකට් කළමනාකරණ කමිටුව ද නියෝජනය කරනවා.

දින කිහිපයකට පෙර පාකිස්තාන ක්‍රිකට් සභාපති Zaka Ashraf සහ Misbah-ul-Haq අතර හමුවක් පවත්වා තිබූ නමුත් මෙම තනතුර සඳහා ඔහුව පත් කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වුනා.

මෙම තාක්ෂණික කමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ ගත යුතු තීරණ පිළිබඳ ක්‍රිකට් සභාපතිවරයාට දැනුම් දෙන අතර එම තීරණ ක්‍රියාත්මක කිරීම ගැන අයිතිය ඇත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලයටයි.

මෙම තාක්ෂණික කමිටුවට පාකිස්තාන දේශීය පිටියේ තීරණ සීමාවකින් තොරව ගැනීමට හැකියාවක් ඇති අතර ඔවුන්ට ක්‍රිකට් පිටියේ ප්‍රවීණයින් කළමනාකරණ කමිටුව වෙත කැඳවීමට අවශ්‍ය බලය ද තිබෙනවා.

“මෙම පැරණි නායකයින්ට ක්‍රිකට් ගැන විශාල දැනුමක් තියෙනවා වගේම ඔවුන්ට නූතන ක්‍රිකට් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ක්‍රිකට් කණ්ඩායමකට වැදගත්ම දේ දේශීය තරග පිටිය වන නිසා ඒක තරගකාරී ලෙස ගොඩනගන්න අපි අවධානය දීලා තියෙන්නේ.

Misbah-ul-Haq, Inzamam-ul-Haq සහ Mohammad Hafeez එම දේශීය පිටියෙන් ආව ඉතා දක්ෂ ක්‍රීඩකයින් වන නිසා ඔවුන්ගේ සහයෙන් දේශීය තරගය පිටිය ගොඩ නගා දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරීමට අපිට හැකි වෙයි,” යැයි පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Hindustan times ඇසුරිනි.   

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<