Red Bull ශූරතාවයට සියල්ල සූදානම්

318

6 වැනි වරටත් පැවැත්වෙන Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලිය මේ මස 23 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ SSC හා NCC ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව ඇෆ්ගන් ක්‍රීඩකයන් ඉදිරියේ දනින් වැටෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන්ට ද යමක් කළ හැකි බැව් ඔප්පු කළ ඇෆ්ගනිස්තාන..

පසුගිය වසර පහක කාලය තිස්සේ පැවැත්වූ Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා හරහා නිරෝෂන් දික්වැල්ල, කේ. එල්. රාහුල්, ලුන්ගි නිගිඩි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චිරාන් සුරි වැනි ක්‍රිකට් ක්‍රීඩකයින් ලෝකයට දායාද වී ඇත. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, සිම්බාබ්වේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල සහභාගිත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වේ.

මෙම තරගාවලියේ අවසන් මහා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන්නේ එකී රටවල්වල හොඳම විශ්ව විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම් කිහිපය යි. මේ සෑම කණ්ඩායමක්ම තම මව් රටේ දී සෙසු සරසවි ක්‍රිකට් කණ්ඩායම් හා තරග වැදී ශූරතාවය දිනා ගත යුතු අතර Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලිය සඳහා ඔවුන් සුදුසුකම් ලබන්නේ ඉන් අනතුරුවයි.

“වසරක් පාසා අප මෙම තරගාවලිය සංවිධානය කරනු ලබනවා. වසරින් වසර තරගාවලිය  උසස් වෙනවා. මෙවරත් ඉතාමත් හොඳ තරගාවලියක් දැක බලාගත හැකි වනු ඇති බව විශ්වාසයි.” යැයි තරගාවලි අධ්‍යක්ෂක, හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා පැවසීය.

සාන්ත ජෝසප් – සෙබස්තියන් අවසන් මහා තරගයට සියල්ල සූදානම්

මාස පහකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ පළමු…

“ශ්‍රී ලංකාවේ තරුණ සරසවි ක්‍රීඩකයින්ට මෙය මහඟු අවස්ථාවක් වන්නේ තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉස්මතු කොට ඔවුන්ව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට සමත් තරගාවලියක් දේශීය ක්‍රිකට් පිටිය තුල නොමැති බැවිනි. ඔවුන්ගේ තරුණ ජවය ජාත්‍යන්තර මට්ටමේ තියුණු, තරගකාරී රටාවකට ගෙන ඒමට ඉඩකඩ ලැබුණේ Red Bull කුසලාන ක්‍රිකට් ලෝක ශූරතාවලිය තුලිනුයි.” යැයි කුරුප්පු මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව හා යොවුන් ක්‍රිකට් ක්‍රීඩාව අතර ඇති දුරස්ථ බව නැති කරන පාලමක් ලෙස මෙම ක්‍රිකට් තරගාවලිය හැඳින්වීමට හැකිය. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු කරන අතරතුර තම ක්‍රීඩා හැකියාවන් වර්ධනය කර ගැනීම උදෙසා මේ තරගාවලිය විශාල පිටිවහලක් වෙයි.

“මේ Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලිය වසර 5ක් මුළුල්ලේ පවත්වා ගෙන එන එකක්. මෙය අප විසින් අත දිය යුතු ප්‍රවේශයක් වශයෙන් මා දකින්නේ, වයස අවුරුදු 18-23 අතර බොහෝ ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩකයින් අපට අහිමි වීමේ ප්‍රවණතාවක් මා දකින නිසා” යැයි හිටපු ICC තරග තීරක, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා පැවසීය.

චමරි – මිතාලි සහ මන්සි අතර ලියැවුණ එක්දින තරගාවලිය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින්..

Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සිව්වැනි අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාවේ ශූරතාවය දිනා ගත් BMS කණ්ඩායම මෙවර මේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරයි. ඔවුන් 2016 වසරේ ලෝක ශූරතාවය දිනා ගත් අතර 2017 වසරේ දී ලෝක අනුශූරතාවය දිනා ගන්නා ලදි.

මෙහි ඇති තරගකාරීත්වය තුල හමුවන සුවිශේෂී Energizer පන්දුවාරය විශේෂ වැදගත්කමක් ගන්නේ එම පන්දුවාරය තුල ලබා ගන්නා ලකුණු ප්‍රමාණය දෙගුණ වන නිසාවෙනි. එසේම කඩුලු බිඳ වැටීමේ දී පන්දුවට පහර දෙන කණ්ඩායමෙන් ලකුණු 5ක් අඩුවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) තරග රටාවට අනුව පළමු වටයේ සියලු තරග රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වෙන අතර අවසන් වටය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පවත්වනු ඇත.

මෙවර තරගාවලියේ අවසන් වටයේ තරග කිහිපය ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර තරගාවලියේ නිල තරග කාලසටහන මේ මස 21 වැනිදා මාධ්‍යයට නිකුත් ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<