මැතිව්ස්ගේ ඒක පුද්ගල ප්‍රසංගයට එංගලන්තයෙන් බාධා

545
මැතිව්ස්ගේ ඒක පුද්ගල ප්‍රසංගයට එංගලන්තයෙන් බාධා
©AFP

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු කාණ්ඩයේ තරඟයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරඟය ඉන්දියාවේ දිල්ලි නුවර අද (26) පැවැත්විණි. මෙම තරඟය දෙපිලටම ඉතා තීරණාත්මක තරඟයක් වන නිසා තරඟය ඉතා උණුසුම් මුහුණුවරක් ගන්නා ලදි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයට පිවිසියේ එක් වෙනස්කමක් සහිතවය. ඒ නුවන් කුලසේකර විවේක ගන්වා දසුන් ශානක කණ්ඩායමට කැඳවා තිබීමයි.

සුපුරුදු ලෙස එංගලන්තයේ ආරම්භක පිතිකරු යුගල වන ඇලෙක්ස් හේල්ස් හා ජේසන් රෝයි පිටියට පිවිසි අතර සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩකඩ ලබා දුන්නේ නැත. පළමු කඩුල්ල ලෙස ඇලෙක්ස් හේල්ස් ලකුණු නොලබාම කඩුල්ල මුවා කිරීමේ වරදට, රංගන හේරත් ගේ පන්දුවකින් දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි ජෝයි රූට් සමඟ එක්වූ ජේසන් රෝයි ඳග පන්දුවලට හොඳින් පහරදී, පන්දුවාර 6 ක් නිමා වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමද පෙර තරඟයට සාපේක්ෂව තරමක් ඉහළ මට්ටමක පැවැතිණි. දෙවන කඩුල්ල සඳහා ලකුණු 61 ක සබඳතාවක් එක් කිරීමට ඔවුන් දෙපල සමත් විය. කෙසේ වෙතත් දෙවන කඩුල්ල ලෙස පන්දු 24 කදී 4 පහරවල් 4 ක් සමඟ ලකුණු 25 ලබා සිටියදී ජෝයි රූට් දැවී යන ලදි. එංගලන්තය පන්දුවාර 10 කදී, එක කඩුල්ලක් දැවී ලකුණු 65 ක් ලබා සිටින ලදි. තර්ජනාත්මක පිතිහරඹයක නිරත වු ජේසන් රෝයි පන්දු 39 කදී 4 පහරවල් 3 ක් හා මනරම් 6 පහරවල් 2 ක් සමඟ ලකුණු 42 කට, ජෙෆ්රි වැන්ඩර්සේ ගේ පන්දුවටකට දැවී යන ලදි.

අනතුරුව පිිටියට පිවිසි ඉයන් මෝර්ගන් සමඟ එක්වු ජෝස් බට්ලර් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15 ක් නිමා වන විට කඩුළු 3 ක් දැවී ලකුණු 99 ක් දක්වා ගෙන ඒමට හැකියාව ලැබිණි. වේගයෙන් පිත්ත හැසිරවු ජෝස් බට්ලර් ප්‍රවේගයෙන් පන්දුවට පහර දෙන ලදි. 17 වන පන්දුවාරයේ දී දුෂ්මන්ත චමීර යැවූ පන්දුවක් නිපන්දුවක් ලෙස විනිසුරු සටහන් කලද, එය නිපන්දුවක් නොවිණි. ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන පන්දුවාර 5 තුල තරඟයේ අවධානය එංගලන්ත කණ්ඩායම වෙතට යොමු කරන ලදි. ඒ අවසාන පන්දුවාර කිහිපය තුල ඔවුන් පිටිය සිසාරා පිති සංදර්ශනයක නිරත වෙන ලදි. 4 වන කඩුල්ල ලෙස දුවද්දී දැවී යාමකට ඉයන් මෝර්ගන් හසු කර ගැනීමට තිසර පෙරේරා සමත් විය. ඔහු පන්දු 16 කදී ලකුණු 22 කට දැවී යද්දී එක් 4 පහරක් හා 6 පහරක් තම නමින් සටහන් කරන ලදි. විශිෂ්ට ඉණිමක් දියත් කර ජෝස් බට්ලර් 4 පහරවල් 8 ක් හා දැවැන්ත 6 පහරවල් 2 ක් සමඟ නොදැවී පන්දු 37 කදී ලකුණු 66 ක් ලබා ගන්නා ලදි. අනික් අන්තයේ ක්‍රීඩා කල බෙන් ස්ටොක් එක් පන්දුවකදී ලකුණු 6ක් නොදැවී ලබා ගන්නා ලදි. කෙසේ වෙතත් පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 171 ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකි විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සේ පන්දුවාර 4 කදී ලකුණු 26 ට කඩුළු 2 ක්ද, රංගන හේරත් පන්දුවාර 4 කදී  ලකුණු 27 කට එක් කඩුල්ලක්ද ,ඇන්ජලෝ මැතිව්ස් පන්දුවාර 4 කදී ලකුණු 25 ක් ද ලෙස සටහන් කර ගන්නා ලදි.

©AFP
©AFP

ලකුණු 172 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් හා තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 4 ක් වෙද්දී ක්‍රීඩාගාරයේ රැඳවීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් විය. තිලකරත්න ඩිල්ශාන් පන්දු 2 කදී ලකුණු 2 කටද, දිනේෂ් චන්දිමාල් පන්දු 3 කදී එක් ලකුණකට දැවී යන විට පිටියට පිවිසි මිලින්ද සිරිවර්ධන හා ලහිරු තිරිමාන්න යන දෙපල ද ලකුණු පුවරුවට තවත් ලකුණු 11 ක් එක් වෙද්දී ඔවුන් දෙදෙනා ද නරඹන්නන් බවට පත් විය. දිගින් දිගටම මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වුවද මෙම තරඟාවලියේ ද මැද පෙළට කිසිදු පිළියමක් සොයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී නොමැත. මිලින්ද සිරිවර්ධන එක් 6 පහරක් සමඟ ලකුණු 7 ක් ද, ලහිරු තිරිමාන්න ලකුණු 3 ක්ද සටහන් කර ගන්නා ලදි. අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් හා චාමර කපුගෙදර 5 වන කඩුල්ල සඳහා T20 තරඟයක පැවැත්වු හොඳම සබඳතාවය පවත්වාගෙන බිදී ගිය මැදපෙළ ට ජීවයක් ගෙන එමින් ලකුණු 85 ක දැවැන්ත සබඳතාවක් ගොඩනංවන ලදි. 5 වන කඩුල්ල ලෙස චාමර කපුගෙදර 4 පහරවල් 2 ක් හා එක් 6 පහරක් සමඟ පන්දු 27 කදී ලකුණු 30 ලබා ගන්නා ලදි. අනතුරැව පිටියට පිවිසි තිසර ‍පෙරේරා ඇන්ජලෝ මැතිව්ස් හා එක්ව පන්දුවාර 15 ක් වන විට ලකුණු 111 ක් ලබා සිටින ලදි. නායකත්වයේ ඉණිමක් දියත් කරමින් ඇන්ජලෝ මැතිව්ස් පිතිහරඹය දැඩි කරන ලදි. අවසාන පන්දුවාර 4 තුල ලකුණු 40 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය විය. තිසර පෙරේරා 6 වන කඩුල්ල ලෙස එක් 4 පහරක් හා  6 පහරවල 2 ක් සමඟ පන්දු 11 කදී ලකුණු 20 කට දැවී යන ලදි. දසුන් ශානක පිටියට පිවිස පන්දු 9 කදී 4 පහරවල් 2 හා එක් 6 පහරක සමගින් ලකුණු 15 කට ප්‍රේක්ෂකාගාරයේ උණුසුම වැඩි කරමින් දැවී යන ලදි. රංගන හේරත් එක් ලකුණකට දැවී ගිය අතර අවසානයේ මැතිව්ස් එක් අන්තයක තනි විය. අවසාන පන්දුවාරය ට ලකුණු 15 ක් අවශ්‍ය වුවද එය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය. පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක්  දැවී ලකුණු 161 ක් ලබා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය කරට ගෙන පන්දු 54 කදී නොදැවී ලකුණු 73 ක් ගැනීමට දර්ශනීය 4 පහරවල්  3 ක් හා දැවැන්ත 6 පහරවල් 5 ක් එල්ල කරන ලදි.

පන්දු යැවීමේදී ක්‍රිස් ජෝර්ඩන් පන්දුවාර  4 කදී ලකුණු 28 කට කඩුළු 4 ක් ද, ඩේවිඩ් විලී ලකුණු 26  කට කඩුළු 2 ක් ගෙන එංගලන්ත කණ්ඩායම අවසාන පූර්ව වටයට රැගෙන ඒමට සමත් විය. අවසානයේ  එංගලන්ත කණ්ඩායම ලකුණු 10 කින් තරගය ජයග්‍රහණය කරන ලදි .

තරගයේ වීරයා ලෙස ජෝස් බට්ලර් සම්මාන දිනා ගන්නා ලදි. ඒත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියෙන් ඉවතට යාමට සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසාන තරඟය ලබන සදුදා (28) දිල්ලියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් තරගය වැදීමට නියමිතය.