රාජකීයයට සහ මහින්දයට ජයග්‍රහණය නූලෙන් මඟ හැරෙයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

79

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (28) නිමා විය. එහි දී කොළඹ රාජකීය විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාල සඳහා පළමු ඉනිමේ ජයග්‍රහණ වලින් පමණක් සෑහීමකට පත් වීමට සිදු විය.

මහානාම විද්‍යාලයෙන් යෝධ ලකුණු පුවරුවක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු ද්විත්ව ශතකය වාර්තා වූ තරගයේ දී…………….

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙමින් ඔවුන්ගේ පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 225ක් ලබා ගත්තේ කෞෂිත කොඩිතුවක්කු ලබා ගත් අර්ධ ශතකය ද සවියක් කරගෙනයි. 

ඊට පිළිතුරු දුන් සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම ලකුණු 100කට ද ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 197කට ද සීමා කළ මහින්ද විද්‍යාල ක්‍රීඩකයින් හට ලකුණු 73ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වූ නමුත් තරගය නිම වන විට කඩුලු 2ක් දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 18ක් පමණි. 

පන්දු යැවීමේ දී මහින්ද විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූ කුෂාන් මදූෂ පළමු ඉනිමේ කඩුලු 4ක් ද ඇතුළුව කඩුලු 10ක් දවා ගත අතර, සිය විද්‍යාලය ඉනිමක පරාජයෙන් ගලවා ගත් නිදුක මල්ශිත් සාන්ත ඇලෝසියස් විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් සටන්කාමි අර්ධ ශතකයක් ලබා ගන්නා ලදි. 

මහින්ද විද්‍යාලය – 225 (82.2) කෞෂිත කොඩිතුවක්කු 68, සඳෙව් ඉඳුවර 33, දුල්මිණ දසුන් 3/58. සහ 18/2 (4)

සාන්ත ඇලෝසියස් විද්‍යාලය  – 100 (42) අර්චන උඩුගම්පොල 26, කුෂාන් මදූශ 4/25, රන්මිණ හෙට්ටිආරච්චි 3/21, තීක්ෂණ සංජීව 2/25. සහ (F/O) 197 (63.2) නිදුක මල්ශිත් 65, සංදීප ශමෝද් 41, කුෂාන් මධූෂ 6/82, රන්මිණ හෙට්ටිආරච්චි 3/52.

Video – MAS යුනිචෙලා ඉනිම ඔසවා තැබූ වනිඳු හසරංග

27 වැනි වෙළඳසේවා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය දා (26) හේලීස් සහ MAS යුනිචෙලා කණ්ඩායම් අතර……………….

කොළඹ රාජකීය විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමින් අවසන් වූ මේ තරගය රාජකීය විද්‍යාල ක්‍රිකට් පිටියේ දී අවසන් විය. කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 320ක් ලබා ගනිමින් සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. 

කවිඳු පතිරණ නොදැවී ලකුණු 69*ක් වාර්තා කරගනිමින් ඒ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන විට, ඔහුට සවියක් වූ ප්‍රශාන් කල්හාර සහ කවිඳු මදාරසිංහ අර්ධ ශතක ලබා ගත්තේය. 

Photos: Royal College vs Maris Stella College | U19 Cricket Tournament 2019/20

ඊට පිළිතුරු දුන් මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉන්ම ලකුණු 178කට සීමා කළ කල්හාර ඇතුළු රාජකීයන් ලකුණු 142ක පළමු ඉනිමේ වාසියක් සමඟින් නැවතත් පන්දු රැකීමට තීරණය කළේය. 

කෙසේ නමුත් එම ලකුණු ප්‍රමාණය තුල ඔවුන්ගේ සියලුම කඩුලු බිඳ හෙලීමට රාජකීය විද්‍යාලයට අවස්ථාවක් උදා වූයේ නොමැත. එහි දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාල නායක නවීන් ප්‍රනාන්දු ලබාගත් ලකුණු 40* ඉතාමත් වැදගත් විය. ඊට අමතරව ඔවුන්ගේ පළමු ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ සහන් පෙරේරා ලකුණු 91ක් ලබා ගනිමින් දස්කම් ප්‍රදර්ශනය කරන ලදි. 

රාජකීය විද්‍යාලය – 320/7d (85) කවිදු පතිරණ 69*, ප්‍රශාන් කල්හාර  68*, කවිඳු මදාරසිංහ 50, තිතිර වීරසිංහ 33, තිලින පෙරේරා 3/111.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය –  178 (58) සහන් පෙරේරා 91, කවීන් ප්‍රනාන්දු 26, ප්‍රශාන් කල්හාර 6/22, ගිශාන් බාලසූරිය 3/51. සහ (F/O) 154/9 (50) නවීන් ප්‍රනාන්දු 40*,  චෙමිදු වීරවංස 24, පසිඳු පෙරේරා 24, ප්‍රශාන් කල්හාර 2/06, හරිඳු පලිහවඩන 2/21, තෙවිඳු සේනාරත්න 2/28.

හේලීස් ජය ලබද්දී ලහිරු සහ අවිශ්ක සම්මාන දිනා ගනී

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය කළ සිංගර් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා……………….

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

අස්ගිරිය ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දු රකින ලදි. 

ත්‍රිත්ව විද්‍යාලය – 230 (63.2) අභිෂේක් ආනන්දකුමාර් 92, තෙවින් අමරසිංහ 39, රනුද සෝමරත්න 24, කලන සංදීප 3/79, ඉඳුවර ද අල්විස් 2/30, සසික පෙරේරා 2/38.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 66/6 (28) උවිඳු විමලධර්ම 4/08.


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

කටුනේරිය ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

රිච්මන්ඩ් විද්‍යාලය – 164 (69) කවිඳු නිර්මාණ 38, සඳුන් මෙන්ඩිස් 28, ශෝන් ශෙනිල් 3/19, මෙනූශ පෙරේරා 3/45, ධනුක නිර්මාල් 2/22.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය  (පළමු දිනය අවසානයේ) – 57/4 (23.4)

පළමු දිනය වෙනුවෙන් පැවති තරග හෙට (29) දෙවන දිනය වෙනුවෙනුත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<