Inzamam-ul-Haqට පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නව වගකීමක්

273

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටු ප්‍රධානියා ලෙස හිටපු ක්‍රීඩක Inzamam-ul-Haq පත් කරන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඔහු මීට පෙර 2016-2019 කාල සීමාවේ දී මෙම තනතුරේ කටයුතු කළ අතර ඔහුගේ ධුර කාලය අතරතුර පාකිස්තාන කණ්ඩායම 2017 ශූරයින්ගේ කුසලානය දිනා ගැනීම සහ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ අංක 01 ස්ථානයට පැමිණීම විශේෂත්වයක්.

ඒ සමඟ ආසියානු කුසලානයට පෙර පැවැත්වෙන ඇෆ්ගනිස්තානය සංචාරයේ සිට ඔහු සිය තනතුරේ කටයුතු කිරීමට නියමිතව තිබෙන අතර ලෝක කුසලානය සඳහා සංචිතය නම් කිරීමේ වගකීම ද ඔහුට හිමි වෙනවා. ඔහු 2019 වසරේ ලෝක කුසලානය සඳහා පාකිස්තානයේ තේරීම් කමිටු නිලධාරියා ලෙස කටයුතු කළා.

පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු Grant Bradburn සහ Mickey Arthur ද මෙම තේරීම් කමිටුවේ නිලධාරීන් ලෙස කටයුතු කරන අතර එයට ඇතුළත් අනෙක් නිලධාරීන් ගැන මෙතෙක් සඳහන් කර නැහැ.

තේරීම් කමිටු ප්‍රධානී තනතුරට අමතර Inzamam-ul-Haq පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන අතර පාකිස්තාන ක්‍රිකට් නැවත ගොඩනැගීම සඳහා ඔහුට විශාල වගකීමක් හිමිව තිබෙනවා.

මෙම තේරීම් කමිටුවේ අවසන් නිලධාරීන් සහ වැඩ කටයුතු පිළිබඳ තීරණය පාකිස්තාන ක්‍රිකට් නායක Babar Azam සමඟ පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව දැනුම් දීමට නියමිත බව ද වාර්තා වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි.

>>තවත්ක්‍රිකට්පුවත්සඳහාපිවිසෙන්න<<