හිටපු නවසීලන්ත ක්‍රීඩකයාට IPL පිටියේ විශේෂ වගකීමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය

3566
Daniel Vettori appointed head coach of SRH

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Sunrisers Hyderabad කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරුවා ලෙස හිටපු නවසීලන්ත ක්‍රීඩක Daniel Vettori පත් කරන බව කණ්ඩායම නිල වශයෙන් නිවේදනය කළා.  

ඒ අනුව අවසන් තරග වාරයේ දී කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ Brian Lara හට එම තනතුර අහිමි වන අතර මුත්තයියා මුරලිදරන් ඇතුළු අනෙක් සහය පුහුණුකාර මණ්ඩලය එලෙසම රැඳී සිටිනවා ද නැතහොත් ඉවත් වනවා ද යන්න තවමත් තීරණය කර නැහැ.  

Daniel Vettori මෙම කණ්ඩායමේ සිව්වැනි පුහුණුකරුවා වන අතර ඔහුට පෙර Tom Moody (2013-2019 and 2022), Trevor Bayliss (2020-2021) සහ Lara (2023) ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා. 

පසුගිය තරග වාරයේ දී ඔවුන් මූලික වටය නිමා කළේ අවසන් ස්ථානයෙන් වන අතර ඉන්පසු සිය ප්‍රධාන පුහුණුකරුවා වෙනස් කිරීමට කණ්ඩායම් බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වුනා.  

ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ අත්දැකීම් සහිත පුහුණුකරුවෙකු වන Vettori 2014-2018 කාලසීමාවේ Royal Challengers Bangalore කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔහු එංගලන්තයේ පැවැත්වෙන Hundred තරගාවලියේ Birmingham Phoenix කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.  

ඔහු ජාත්‍යන්තර පිටියේ දී බංග්ලාදේශ දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායමට ද පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ සේවය ලබා දී තිබෙනවා. 

පසුගිය දින කිහිපයේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩා කරන කණ්ඩායම් කිහිපයක්ම සිය පුහුණුකරුවන් වෙනස් කිරීමට කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.   

Cricbuzz ඇසුරිනි. 

>>තවත්ක්‍රිකට්පුවත්සඳහාපිවිසෙන්න<<