පැන්ඩාගෙන් තවත් සුපිරි ඉනිමක්

159

නවසීලන්ත ප්‍රේක්ෂකයින් සහ ක්‍රීඩකයින් හට කිසිදා අමතක නොවන මතකයන් ගොන්නක් ඉතුරු කර ආ තිසර පෙරේරා තමා තුල මෙතෙක් කලක් සැඟව සිටි ඒ ප්‍රවේගකාරී පිතිකරුවා හට යළිත් වරක් ජීවය ලබා දුන්නේ ප්‍රබල නවසීලන්ත පන්දු බලඇණියට එරෙහිව අදහාගත නොහැකි ඉනිම් කිහිපයක් ක්‍රියාත්මක කරමිනි.

තිසර විස්සයි විස්ස පළමු පහ ඇතුළට; මාලිංග හා රාජිතත් ඉදිරියට

ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේ දී කඩුලු තුනක් දවා….

නවසීලන්ත සංචාරය නිමා වී බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයෙහි සිය පැමිණීම ඔහුටම ආවේණික අයුරින් සනිටුහන් කිරීමට ඊයේ දිනයේදී (14) ඔහු සමත් විය. මෙවර තරග වාරය සඳහා තිසර දායකත්වය ලබා දෙන කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සහ චිතගොං වයිකින්ග්ස් කණ්ඩායම අතර පැවති එම තරගයේ දී අංක අට පිතිකරුවා ලෙස පිටියට පිවිසෙමින් වේගවත් ලකුණු 74ක් රැස්කිරීමට ඔහු සමත් වූයේ පන්දු 26කට පමණක් මුහුණ දෙමිනි. එම අගනා ඉනිම හතරේ පහර තුනකින් සහ දැවැන්ත හයේ පහර අටකින් වර්ණවත් විය.

තරග වාරය ආරම්භයේ දී ම වැලමිට ප්‍රදේශයේ හට ගත් ආබාධ තත්ත්වයක් නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටිව් ස්මිත්ට සිදු වූ අතර ඔහු වෙනුවෙන් කොමිලා වොරියර්ස් කණ්ඩායම මෙහෙයවීමේ කාර්යභාරය ආරම්භක පිතිකරු ඉමෘල් කයිස් වෙත පැවරුණි..

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසුණු කොමිලා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 86ක් තුල බිඳ වැටීම නිසා ඉතා අසීරු අඩියකට ඇඳ වැටී තිබුණු කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමේ වගකීම සිය කර මතට ගත් තිසර පෙරේරා ඔහුගේ සුපුරුදු ගිණිකෙළි සංදර්ශනය වේදිකාගත කළේ කොමිලා කණ්ඩායමේ ලකුණු තත්වය 186ක් දක්වා ඔසවා තබමිනි.

අපි එහෙම පහළට වැටිය යුතු රටක් නෙවෙයි – ලසිත් මාලිංග

වරෙක ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වූ ශ්‍රී ලංකා කණ්ඩායමට…

ඔහු එසේ පිත්තෙන් දස්කම් දැක්වූවත් ඔහුගේ සහ කණ්ඩායමේ සෙසු පන්දු යවන්නන්ගේ පන්දු යැවීම එතරම් සුභදායී නොවූයේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරගනිමින් පන්දු යැවීමට ඔවුන් හට නොහැකි වූ නිසාවෙනි. තිසර යැවූ පන්දුවාර දෙකට ලකුණු 28කින් සංග්‍රහ කිරීමට ප්‍රතිවාදී චිතගොං ක්‍රීඩකයින් සමත් වූ අතර ඔවුන් තරගය ජය ගත්තේ කඩුලු 4ක් අතැතිවය.

කොමිලා වික්ටෝරියන්ස් – 184/5(20): තිසර පෙරේරා 74, එවින් ලෙවිස් 38*, ඉමෘල් කයිස් 24, කලීඩ් අහමඩ් 3/34.

චිතගොං වයිකින්ග්ස් – 186/6(19.4): මුෂ්ෆිකර් රහීම් 75, මොහොමඩ් ෂසාඩ් 46, මොහොමඩ් සයිෆුඩීන් 3/45, ෂහීඩ් අෆ්රිඩි 1/15.

තරගයේ වීරයා – මුෂ්ෆිකර් රහීම් (චිතගොං වයිකින්ග්ස්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<