මාලදිවයිනේ ක්‍රිකට් වගකීම ශ්‍රී ලාංකිකයෙකුට

1971

මාලදිවයින් ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලාංකික පුහුණුකරුවෙකු වන පසිඳු ලියනාරච්චි මහතා පත් කර තිබෙනවා.  

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තුන්වැනි මට්ටමේ පුහුණුකරුවෙකු වන ඔහු මෙරට පාසල් සහ දේශීය තලයේ කණ්ඩායම් රැසක පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙන අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වෙනවා.  

ඔහු මීට පෙර කොළඹ මහානාම සහ සාන්ත ජෝසප් විද්‍යාලයේ කනිෂ්ඨ පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙන අතර පසුව තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාලවල ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළා. 

එමෙන්ම ඔහු දේශීය ක්‍රිකට් පිටියේ Lankan Cricket Club, Colombo Malay Cricket Club, DFCC Bank සහ Nations Trust Bank කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කර තිබෙනවා.  

ඔහු මාලදිවයින් කණ්ඩායම සමඟ වසරක කාලයක් සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙන අතර පුහුණුකාර මණ්ඩලයට අයත් එකම ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුයි. අනෙක් සියලු සාමාජිකයින් මාලදිවයින් ජාතිකයින් වෙනවා.  

ජාතික පිරිමි කණ්ඩායමේ පුහුණුකාර ධුරයට අමතරව ඔහු 19න් පහළ කණ්ඩායමේ ද පුහුණුකරුවා ලෙස කටයුතු කරන අතර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පැවැත්වෙන ආසියානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඔහුගේ ප්‍රධාන ඉලක්කය වෙනවා.  

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

>>තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<