ශ්‍රී ලංකාව AFC කුසලාන සුදුසුකම් ලැබීමේ වටයට

267
Sri Lanka in AFC U19 Championship
Photo Courtesy - The AFC

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දී පැවැත්වීමට නියමිත 19න් පහළ ආසියානු සම්මේලන කුසලාන (AFC) තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ දී B කාණ්ඩයෙන් තරග වැදීමට ශ්‍රී ලංකා 19න් පහළ පාපන්දු කණ්ඩායමට ඉඩ විවර වී ඇත.

කණ්ඩායම් 43ක් තරගාවලියට සහභාගී වීම සඳහා එක්වන අතර තම තමන්ගේ ප්‍රතිවාදීන් කවුරුන්දැයි මේ වන විටත් ඔවුන් දැනුවත්ව ඇත්තේ කාණ්ඩ බෙදීමේ කුසපත් ඇදීම අවසන් වූ බැවිනි. අවසන් මහා තරග 6ක සහභාගීත්වයෙන් පසුව 2016 ශූරයන් බවට පත්වූ ජපානයට එරෙහිව පළමු කාණ්ඩයෙන් තරග වදින්නට තායිලන්තය , සිංගප්පූරුව සහ සත්කාරක මොන්ගෝලියාව එක්වෙයි.

ශ්‍රී ලංකාව තරග වදින්නේ දකුණු ආසියානු කණ්ඩායම් වන මාලදිවයින, බංගලාදේශය සහ උස්බෙකිස්තානයත්, සත්කාරක ටජිකිස්තානයත් සමඟයි.

සවුදි අරාබියේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන D කාණ්ඩයේ තරග සඳහා යේමනය, ටර්කිමනිස්තානය සහ ඉන්දියාව තරග වදියි. සවුදි අරාබිය, 2016 වසරේ අනුශූරතාවය ලබාගත් කණ්ඩායමයි. E කාණ්ඩයෙන් ඉරානයත්, පලස්තීනයත්, ජෝර්දානයත්, සිරියාවත් තරග වැදීමට එක්වේ.

12 වතාවක් මෙම තරගාවලියේ ශූරතාවය දිනා ඇති දකුණු කොරියාව F කාණ්ඩයෙන්, මැලේසියාව, තිමෝර් & ලෙසෝතෝ, බෲනායි දරුසලාම් සහ ඉන්දුනීසියාව සමඟ සටන් වදියි. කාණ්ඩ 10ක ශූරයන් සහ දෙවන ස්ථාන ලබාගන්නා කණ්ඩායම් අතුරින් 5ක්ද, සත්කාරක දේශයන්ද ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබයි.

2017 ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 8 වැනිදා දක්වා සුදුසුකම් ලැබීමේ වටයේ තරග පැවැත්වේ.

බටහිර කලාපය

A – බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, නේපාලය, කිර්ගිස්තානය (සත්කාරක)
B – උස්බෙකිස්තානය, බංගලාදේශය, ශ්‍රී ලංකාව, මාලදිවයින, ටජිකිස්තානය (සත්කාරක)
C – ඉරාකය, ලෙබනනය, ඇෆ්ගනිස්තානය, කටාර් (සත්කාරක)
D – යේමනය, ටර්කිමනිස්තානය, ඉන්දියාව, සවුදි අරාබිය (සත්කාරක)
E – පලස්තීනය, ජෝර්දානය, සිරියාව, ඉරානය (සත්කාරක)

නැගෙනහිර කලාපය

A – මැලේසියාව, තිමෝර් & ලෙසෝතෝ, බෲනායි දරුසලාම්, ඉන්දුනීසියාව, දකුණු කොරියාව (සත්කාරක)
B – චීනය, මියන්මාරය, පිලිපීනය, කාම්බෝජය (සත්කාරක)
C – වියට්නාමය, ලාඕසය, චීන තායිපේ, මැකාවු
D – ජපානය, තායිලන්තය, සිංගප්පූරුව, මොන්ගෝලියාව (සත්කාරක)
E – ඕස්ට්‍රේලියාව, උතුරු කොරියාව, හොංකොං, උතුරු මරියානා දූපත්

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට