තහනම ඉවත් කරන්න මලික්ගෙන් ආයාචනයක්

68

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක සලීම් මලික් තමන්ට ජීවිතාන්තය දක්වා පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කර පුහුණුකරුවෙකු වීමට අවස්ථාව ලබා දෙන ලෙස පාකිස්තාන ක්‍රීඩා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. ඒ පසුගිය බදාදා (22) වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින්. 

57 හැවිරිදි වන මලික් හට 2000 වසරේ දී තරග පාවාදීමේ චෝදනාවක් එල්ල වූ අතර පරීක්ෂණ ගණනාවකින් අනතුරුව ඔහු එයට වරදකරු බවට තහවුරු විය. ඒ අනුව 2000 වසරේ දී අධිකරණය විසින් ඔහුට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හා ක්‍රිකට් සම්බන්ධ කිසිදු වැඩසටහනක් හෝ ක්‍රියාවක් සඳහා සහභාගි වීම තහනම් කළේය. මෙම තීරණය පාකිස්තානය මෙන්ම මුළුමහත් ක්‍රිකට් ලෝකයම සෙලවීමට සමත් විය. 

පස්වැන්නා ලෙස ඉන්දියාව 2021 ලෝක කුසලානයට

2021 වසරේ පැවැත්වීමට නියමිත ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්…..

1995 වසරේ දී පාකිස්තානයේ පැවති ඕස්ට්‍රේලියා තරග සංචාරයක් අතරතුර මෙම සිදුවීම වාර්තා වී තිබුණි. එහි දී ඕස්ට්‍රේලියානුවන් වන ෂේන් වෝන්, මාක් වෝ සහ ටිම් මේ යන ක්‍රීඩකයන් විසින් මලික්ට විරුද්ධව චෝදනා එල්ල කළේය. ඒ තරගාවලියේ දී තමන්ගේ ක්‍රීඩා රටාව දුර්වල කර ගැනීමට අල්ලස් ලබා දීමට උත්සාහ කළ බව පවසමිනි. 

2000 වසරේ දී මලික්ට එල්ල වූ මෙම නඩු තීන්දුව 2008 වසරේ දී පාකිස්තාන අධිකරණයක් විසින් ඉවත් කිරීමට කටයුතු කළේය. එහෙත් එම තීරණය පාකිස්තාන ක්‍රිකට් ආයතනය (PCB) විසින් හෝ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් අනුමත කළේ නැත.

කෙසේ වෙතත් වීඩියෝ පණිවිඩයක් යොමුකරමින් සලීම් මලික් පවසා ඇත්තේ තමාට “දෙවන අවස්ථාවක්” ලැබිය යුතු බවයි.

“මට අවශ්‍ය වී ඇත්තේ මගේ රටට සහ ක්‍රීඩකයන්ට පුහුණුකරුවෙකු ලෙස සේවය කිරීමටයි” ඔහු එම වීඩියෝ පණිවිඩය නිකුත් කරමින් කියා සිටියේය.

මෙම තීරණාත්මක හා ප්‍රබල නඩු තීන්දුව මඟින් හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක අටා-උර්-රෙහ්මාන්ට ද ජීවිතාන්තය දක්වා තහනමක් පැනවූ අතර තවත් ක්‍රීඩකයින් හය දෙනෙකුට දඩ නියම විය.

සලීම් මලික් කියා සිටියේ තහනම ආපසු හැරවීමට හෝ අවලංගු සඳහා තමා වසර ගණනාවක් පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටි බවයි.

1982 සිට 1999 දක්වා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සලී මලික් එරට වෙනුවෙන් ටෙස්ට් 103ක් සහ එක්දින තරග 283ක් ක්‍රීඩා කර තිබේ. ටෙස්ට් ලකුණු 5768ක් හා එක්දින ලකුණු 7170ක් වාර්තා කිරීමට ඔහු සමත් විය. 

අශ්වින් හා දෝනි නව තාක්ෂණයෙන් පුහුණු කිරීම් අරඹයි

කොරෝනා හෙවත් COVID-19 වසංගතය මධ්‍යයේ අඛණ්ඩව සිදු වන අගුළු දැමීමේ….

“මම පුහුණුකරුවෙකු ලෙස සේවය කිරීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම මාව නොසලකා හරිනවා.” මෙම වීඩියෝව නිකුත් කරමින් මලික් පැවසීය.

ඔහු 2012 දී පාකිස්තානයේ පිතිකරණ පුහුණුකරු ලෙස එක්වීමට ඉල්ලුම් කළ අතර එය ප්‍රතික්ෂේප විය. මීට පෙර 2008 දී ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ඔහු ඉදිරිපත් වූ අතර වාද විවාද කීපයකින් අනතුරුව ඔහුව නොසලකා හැරීමට තීරණය විය. 

කෙසේ වෙතත් මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් සලීම් මලික් තර්ක කළේ ක්‍රීඩාව තුල සිදු කළ වැරදිවලට වැරදිකරුවන් වූ අනෙක් ක්‍රීඩකයින්ට නැවත ක්‍රීඩාවට යාමට අවසර දී ඇති බවයි.

“මොහොමඩ් අමීර්, සල්මන් බට්, මොහොමඩ් අසීෆ් සහ ෂර්ජීල් ඛාන් වැනි ක්‍රීඩකයන් නැවත ක්‍රීඩාවට පැමිණියා. නමුත් මාව නොසලකා හැර තිබෙනවා” ඔහු පැවසීය.

දෝනි සමඟ ක්‍රීඩා කරන්න කරන් නොඉවසිල්ලෙන්

ලොව පුරා බොහොමයක් පවුල් මෙන් කරන් සහෝදරයින් වන, ටොම්, සෑම් හා…

සල්මන් බට්, මොහොමඩ් අසිෆ් සහ මොහොමඩ් අමීර්ට ද තරග පාවාදීමේ චෝදනා එල්ල වූ අතර ඔවුන්ට වසර පහක තරග තහනමක් පැනවීමට තීන්දු විය. ෂර්ජීල් ඛාන්ට ද 2017 දී එවැනිම චෝදනාවක් එල්ල වූ අතර ඔහුට ද ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට තීරණය විය. 

මලික්ගේ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් අදහස් දක්වම්ජ්න් සලීම් මලික්ගේ හිටපු කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු පැවසුවේ හිටපු නායකයාගේ තහනම ඉවත් කිරීමට තමන් මෙම මස මුලදී පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් සිදු කළ බවයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<