පස්වැන්නා ලෙස ඉන්දියාව 2021 ලෝක කුසලානයට

97
India Women's Cricket

2021 වසරේ පැවැත්වීමට නියමිත ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සිය ස්ථානය තහවුරු කර ගත් 5 වැනි රට බවට පත්වීමට ඉන්දියාව සමත් වී තිබේ. 2021 වසරේ පෙබරවාරි 6 වැනිදා සිට මාර්තු 7 දක්වා පැවැත්වීමට නියමිත 2021 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරක රට වන්නේ නවසීලන්තයයි. 

ICC ලෝක මට්ටමේ තරග රැසකටත් රතු එළි

මේ දිනවල ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද වේගයෙන් පැතිරෙමින් යමින් පවතින

ICC කාන්තා එක්දින ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිටින පළමු කණ්ඩායම් 4 සහ අදාළ වසරේ ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය දරන රට 2021 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබා ගන්නා අතර ඒ අනුව ලෝක ශූරියන් වන ඕස්ට්‍රේලියාව, සත්කාරක නවසීලන්තය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව මේ වන විටත් තරගාවලියට සුදුසුකම් ලබා අවසන්. 

මේ දිනවල පැතිර යන COVID-19 වසංගතය නිසාවෙන් ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට තිබූ ශ්‍රී ලංකා – නවසීලන්ත, දකුණු අප්‍රිකා – ඕස්ට්‍රේලියා සහ ඉන්දියා – පාකිස්තාන තරගාවලි තුන සමව ලකුණු බෙදා දීමෙන් අවසන් කිරීමට ICC තාක්ෂණික කමිටුව පියවර ගැනීම නිසාවෙන් ඉන්දියාවට ඔවුන්ගේ ස්ථානය රැක ගැනීමට අවස්ථාව ලැබී ඇත. ඒ අනුව පාකිස්තානයට තරගාවලි සඳහා සහභාගී වීමට තිබුණු අවස්ථාව ගිලිහි ගියේය.

Video – තවත් ක්‍රිකට් තරු COVID-19 වසංගතයට එරෙහිව සමාජ සත්කාරයේ

වසංගතයක් ලෙස ලොව පුරා පැතිර යන කොරෝනා

අනෙක් කණ්ඩායම් සඳහා ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා සහභාගී වීමට සිදු වනු ඇත. එම තරගාවලියේ පළමු කණ්ඩායම් තුන සඳහා 2021 වසරේ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව ලැබේ. 

කෙසේ නමුත් මෙම වසරේ ජූලි මස 3 වැනිදා සිට 19 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ද, ඇතිව තිබෙන තත්වය නිසාවෙන් දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇති බව ද ICCය විසින් පසුගිය දා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<