අශ්වින් හා දෝනි නව තාක්ෂණයෙන් පුහුණු කිරීම් අරඹයි

78

කොරෝනා හෙවත් COVID-19 වසංගතය මධ්‍යයේ අඛණ්ඩව සිදු වන අගුළු දැමීමේ කාලය තුළ, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි සහ රවිචන්ද්‍රන් අශ්වින් ඔවුන්ගේ ඇකඩමි හරහා online ක්‍රිකට් පුහුණු වැඩසටහන් සඳහා පහසුකම් සපයා ඇත. 

Times Of India හි වාර්තාවකට අනුව 38 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනිගේ ක්‍රිකට් ඇකඩමිය සඳහා දෝනි සෘජුවම මෙහෙයුම් සඳහා සම්බන්ධ නොවන අතර පසුගිය සතියක කාලය තුල එහි පුහුණුවන්නන් සඳහා ෆේස්බුක් උපයෝගී කරගනිමින් සජීවී පන්ති පවත්වයි.  

2020 IPL ශ්‍රී ලංකාවේ?

මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය නිසා ලොව…..

අශ්වින්ගේ ඇකඩමිය එයට වඩා වෙනස් වන අතර සිය ඇකඩමියේ විවිධ මට්ටම්වල නියැලී සිටින ක්‍රීඩකයන් සමඟ දඟපන්දු යවන්නා සබැඳි සැසි ඇතුළත් වේ.

ක්‍රිකට් ක්‍රීඩාවට රට තුළ ඇති දැවැන්ත අනුගාමිකයන් සැලකිල්ලට ගෙන මෙම online පුහුණු වැඩසටහන් ආරම්භ කළ බවත්, එයට විශාල උනන්දුවක් ඇති බවත් වාර්තාව තවදුරටත් පවසයි.

හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ දෝනි ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු සත්‍රාජිත් ලහිරි පවසන්නේ ඔවුන් විසින් පළ කරන සෑම වීඩියෝ සැසියක්ම සමාජ මාධ්‍ය හරහා දස දහසකට ආසන්න සංඛ්‍යාවක් නරඹන බවයි. 

ලහිරි පවසන්නේ ඔවුන් Cricketor නම් ක්‍රිකට් යෙදුමක් (APP) භාවිතා කරන බවත්, එහි දී ඔවුන් සිය නිරූපණ අභ්‍යාස උඩුගත (Download) කරන බවත්ය.  

“පුහුණුවන්නන් ඔවුන්ගේ වීඩියෝ පට උඩුගත කළ යුතු අතර එමඟින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් අපිට තබා ගත හැකි වෙනවා. අපි ඒ අනුව නැවත ඔවුන්ට උපදෙස් ලබා දෙනවා.”

IPL ගැන සංවිධායකයින් අවසන් තීරණයකට!

ඉන්දියාව තවදුරටත් වසාදැමීමකට යොමුවීමත් සමඟින් අප්‍රේල් 15 වැනිදා…..

මෙම වීඩියෝවල දී පිතිකරුවන් බිත්තියක් මතට බෝල විසි කර මෘදු දෑතින් එයට පහරදීම අවශ්‍ය වේ. මේ අතර, පන්දු යවන්නන්ට පන්දුව මුදා හැරීමෙන් තොරව ඔවුන්ගේ අභ්‍යාසවල පුනරාවර්තන හැකියාව සහ ඉරියව් අවසන් කරන ස්ථානය නිරීක්ෂණය කරමින් විවිධ අභ්‍යාස සිදු කළ හැකිය.

වෙනත් වේදිකා වන Ludimos සහ වීඩියෝ ඇමතුම් යෙදුම් වන Zoom හෝ Google Classroom වැනි යෙදුම් වෙනත් පුහුණුකරුවන් හා පුහුණු ආයතන තම පුහුණුවීම් සඳහා යොදා ගනී.

මේ වන විට ඉන්දියාවේ රෝගීන් 5000 අධික පිරිසක් වාර්තා වන අතර මරණ 300ක් පමණ වාර්තා වී ඇත. වයිරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා ඉන්දීය ‍රජය විසින් එරට තවත් සති තුනක කාලයක් සඳහා සම්පූර්ණයෙන් වසාදැමීමට තීරණය කළේය. මේ හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ඇතුළු එරට සියලු තරග අවලංගු වී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<