දකුණු අප්‍රිකාවේ lockdown නිසා තරගාවලියට බාධාවක් නැහැ!

204
(espn)

නව කොරෝනා වයිරස ප්‍රභේදය ව්‍යාප්ත වීම නිසා දකුණු අප්‍රිකාව නැවතත් සම්පූර්ණයෙන් වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබුනත් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය සැලසුම් කළ ලෙසම පැවැත්වෙන බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් පවසා සිටිනවා. 

කොරෝනා වයිරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා දකුණු අප්‍රිකානු රජය විසින් තුන්වැනි මට්ටමේ වයිරස අවදානමක් ප්‍රකාශයට පත් කර ඇති අතර සති දෙකක් යනතුරු සියලුම ආකාරයේ මහජන රැස්වීම් තහනම් කර ඇඳිරි නීතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

කෙසේ වෙතත් එරට නීති රීති වලට අනුව මහා පරිමාණයෙන් Covid-19 ව්‍යාප්ත වී නොමැති රටවල් සමඟ ජාත්‍යන්තර තරග පැවැත්වීමට මේ රට වසා දැමීම තුළ වුනත් කිසිදු බාධාවක් නැහැ. තරග මහජනයාට විවර නොවන අතර ක්‍රීඩාංගණය රාත්‍රී 8 වන විට වසා දැමිය යුතු වෙනවා.

“මාධ්‍යවේදීන්, ගුවන් විදුලි හා රූපවාහිනී කණ්ඩායම්, ආරක්ෂක නිලධාරීන්, හදිසි වෛද්‍ය කණ්ඩායම් සහ අත්‍යවශ්‍ය සේවකයින්, ක්‍රීඩකයින්, තරග නිලධාරීන්, කණ්ඩායම් නිලධාරීන් යන තරගයක් පැවැත්වීමට අත්‍යවශ්‍ය පාර්ශවයන්ට ක්‍රීඩා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයට පැමිණීමට අවකාශ පවතිනවා” යැයි එරට සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති නීති රීති මාලාවක 36 (17) කොටසේ සඳහන් වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුණේ මේ නව තත්වය මේ වන විට පැවැත්වෙන දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට බාධාවක් නොවන බවයි.

දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය Covid-19 ව්‍යාප්තියෙන් පසුව පැවැත්වුණු ක්‍රිකට් තරගාවලි කිසිවක් ප්‍රේක්ෂකයින්ට විවෘත කළේ නැහැ. ශ්‍රී ලංකාව සමඟ බොක්සිං දින ටෙස්ට් තරගයට ද ප්‍රේක්ෂකයින් සහභාගී කරනොගත් අතර දකුණු අප්‍රිකානු දේශීය තරග පැවැත්වෙන්නේත් හිස් ක්‍රීඩාංගණවලයි.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු දේශ සීමා තවමත් වසා දමා නොමැති අතර Covid-19 පරීක්ෂණ සමත්වන ගුවන් මගීන්ට එරටට ඇතුළු වීමට තවමත් අවස්ථාව පවතිනවා. එම නිසා ජනවාරියේ පැවැත්වෙන පාකිස්තාන තරගාවලියටත් දැනට කිසිදු බාධාවක් නොමැති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් පවසා තිබුණා.

Cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<