දෝනි සමඟ ක්‍රීඩා කරන්න කරන් නොඉවසිල්ලෙන්

83

ලොව පුරා බොහොමයක් පවුල් මෙන් කරන් සහෝදරයින් වන, ටොම්, සෑම් හා බෙන් තිදෙනාත් COVID-19 වයිරස ව්‍යාප්තිය නිසා මේ දිනවල සිටින්නේ එකිනෙකාගෙන් ඈත් වී බව සෑම් කරන් පවසා සිටිනවා.

ඔවුන් තිදෙනා සති හතරක් තමන්ගේ නිවෙස්වලට වී කල් ගත කරන අතර ටොම් විහිළුවට මෙන් පවසා සිතන්නේ එකිනෙකාගෙන් ඈත් වීමට ලැබීම වාසනාවක් බවයි. කෙසේ වෙතත් සිත යටින් ඔහු දුක්වන බව අපට හැඟී යන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින් ස්වභාවයෙන්ම හැඟුම්බර නිසාවෙන්.

ඩිවිලියර්ස්ට ඉදිරිය ගැන දෙගිඩියාවක්

දකුණු අප්‍රිකානු හිටපු නායක මෙන්ම දක්ෂ පිතිකරුවෙක් වන ඒ. බී ඩිවිලියර්ස් 2020…

කොරෝනා වයිරස ව්‍යාප්තිය නොවන්නට ටොම් හා සෑම් දෙදෙනා ලන්ඩනයේ සිය නිවෙස්වල සිටීම දුලබ දසුනක්. COVID-19 නොවන්නට ඔවුන් දෙදෙනා මේ වන විට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හා චෙන්නායි සුපර්කින්ග්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් ඉන්දියාවේ සිටිනු ඇත. පසුගිය දෙසැම්බර් මාසයේ දී ඔවුන් දෙදෙනාම නව IPL කණ්ඩායම්වලට මිල දී ගනු ලැබුවා.

අප්‍රේල් 2 වැනිදා චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී ඔවුන් දෙදෙනා එකිනෙකා හමුවීමටත් නියමිතව තිබුණා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර සෑම් බලාපොරොත්තු වන්නේ ඔහුට ඉක්මනින්ම ඔහුගේ සහෝදරයා ක්‍රීඩා පිටියේ දී හමුවේ යැයි කියායි. “මම ඉක්මනින්ම ටොම් හමුවේවි, ඔහුගේ ඇඟ පුරාවට පන්දුව වද්දවා අවසානයේ ඔහුගේ කඩුල්ල බිඳ දමන්නට මම බලාපොරොත්තු වෙනවා” ඔහු සිනහවෙන් පවසා සිටියා.

කරන් සහෝදරයින් කිසිවෙකුට IPL තරගාවලිය ආරම්භ වන දිනයක් හෝ තරගාවලිය පැවැත්වේ දැයි කියා හෝ තවමත් කිසිම අදහසක් නැහැ. මම බොහොම සතුටින් හිටියේ නව කණ්ඩායමකට ක්‍රීඩා කරන්නට ලැබුණු එක ගැන” සෑම් කරන් පවසා සිටියා. “චෙන්නායි හොඳ කණ්ඩායමක් වගේම ප්‍රබල ක්‍රීඩකයින් සිටිනවා. මම එම්. එස් දෝනි යටතේ ක්‍රීඩා කරන්න නොඉවසිල්ලෙන් සිටින්නේ.” 

“ඔහු හා කෝලි තමා ප්‍රබලම, නමුත් ඉන්දීය ක්‍රිකට් තරු සියල්ලම පාහේ ගොඩක් ප්‍රබලයි, චෙන්නායි පරණ කණ්ඩායමක් වගේම ගොඩක් අමරණීය ක්‍රීඩකයින් එහි සිටිනවා. මම බලාපොරොත්තු වෙනවා ඔවුන් යොවුන් ක්‍රීඩකයින්ට උදව් කරයි කියලා. මම ගොඩක් බලාපොරොත්තු වෙන දෙයක් ඒක.”

චෙන්නායි කණ්ඩායම පවුම් 593,000ක මුදලකට වමත් තුන් ඉරියව් ක්‍රීඩක සෑම් මිලදී ගත් අතර තරගාවලිය නොපැවැත්වුනොත් ඔහුට කිසිදු ආදායමක් නොලැබෙනු ඇත. ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැටුප් සැකසෙන්නේ ඔහු ක්‍රීඩා කරන තරග ගණනට අදාලව වීමයි. ඒ නිසා සෑම් පවසා සිටියේ ඔහු ඒ ලැබෙන මුදල් වියදම් කිරීම ගැන සිතන්නට කල් ගන්නා බවයි. ඔහු මහල් නිවාසයක් මිලට ගන්නට සිටියත් තරගාවලිය ආරම්භ වන තුරු ඔහු බලා සිටින බව ඔහු පවසා තිබුණා.

IPL අවලංගු වුනොත් දෝනි සමුගනීවි ද?

‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ ආරම්භය අප්‍රේල් මස 15 වනදා දක්වා කල් දැමීමට එහි සංවිධායකයන්ට සිදුවූයේ…

ටොම් පසුගිය වසරේ ලෝක කුසලානය ක්‍රීඩා කළ එංගලන්ත සංචිතයේ ද සාමාජිකයෙක් වුණු අතර ඔහු සරේ ප්‍රාන්තය නියෝජනය කරමින් T20 බ්ලාස්ට් තරගාවලිය ද ක්‍රීඩා කළා. ඔහු නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලිය, දකුණු අප්‍රිකාවේ Mzansi සුපර් ලීග් තරගාවලිය හා ඕස්ටේලියානු බිග් බෑෂ් තරගාවලිය ද ක්‍රීඩා කළා.

ඔහු අවසන් වරට පළමු පෙළ තරගයක් ක්‍රීඩා කර තිබෙන්නේ මීට වසරකට පෙර වීම විශේෂත්වයක්. ඔහු දිගටම සීමිත පන්දුවාර ආකෘතියට යොදා ගැනුණු ක්‍රීඩකයෙක් වුණු අතරම 2017/18 තරග වාරයේ අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තරග දෙකක් ඔහුට හිමි වුනා. “මට තවමත් ලොකු ටෙස්ට් බලාපොරොත්තුවක් තිබෙනවා.” ඔහු පවසා සිටියා. “ඒක ටිකක් අමාරු වෙයි මොකද මම පසුගිය වසර කිහිපය පුරාවටම වැඩිපුර ක්‍රීඩා කළේ සීමිත පන්දුවාර තරග. කවුන්ටි ශූරතාවලිය ක්‍රීඩා කරන්නේ නැතුව ටෙස්ට් ක්‍රීඩා කරන එක ටිකක් අමාරුයි.”

“අවසන් වසර කිහිපය පුරාවට ලෝක කුසලානයත් එක්ක මම ඉලක්ක කළේ සීමිත පන්දුවාර තරග. දැන් මම ටෙස්ට් තරග හා එක්දින තරග අතර සමබරතාවය සොයා ගන්නට ඕන. ඒ සඳහා මම මගේ කුසලතා වැඩි කරගෙන මට අවස්ථාවක් එන තුරු මම බලා සිටිනවා. මම හොඳින් පුහුණු වෙලා හොඳ අවස්ථාවක් එනකම් ඉන්නවා. සෑම් සමඟ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නට ලැබීම ඉතා විශිෂ්ට වෙයි. ඒක අපේ ලොකු අපේක්ෂාවක්.”

දැනට සියලු අපේක්ෂාවන් මඟ නතර වෙලා. ටොම් සිතන්නේ මෙය ඉතා අමුතු කාලයක් බවයි. පුහුණුවීම් කරන්නේ මොන තරගාවලිය ක්‍රීඩා කරන්නට ද නැවත ක්‍රීඩා පිටියට යන්නේ කවදාද යන කිසිවක් ඔහු දන්නේ නැහැ. “එක දිගට ගොඩ කාලයක් ක්‍රීඩා කරනවා, එක තරගාවලියකින් පසු අනෙක් තරගාවලියට මාරු වෙනවා.ඔහු පවසා සිටියා. “ක්‍රීඩාව අපේ ජීවිතයේ ලොකු දෙයක්. නමුත් මේ ලෝකයේ අවසානය නොවේ. අපි එයට හුරුවේවී.”

මේ අතර කොරෝනා සටනට උදව් කරමින් එංගලන්ත ක්‍රීඩකයින් පවුම් ලක්ෂ 5ක් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලබා දී තිබුණා. සෑම් ද මේ මොහොතේ දී පෙරමුණට පැමිණෙමින් NHS රෝහල් සේවකයින් වෙනුවෙන් මුදල් එකතු කරන්නට GoFundMe නමින් පිටුවක් පිහිටුවා තිබෙනවා. අප්‍රේල් 14 වැනිදා වන විට එහි එකතු වී තිබුණු මුදල පවුම් 10,000ක්.

“අපිට කරන්න පුළුවන් කුඩාම දේ තමයි ආධාර මුදල් එකතු කරන එක. අපි ඔවුන් කරන සේවය අගය කරන්නට ඕන. අපි හැමෝම ගෙදරට වෙලා කෝපි බිබී ඉද්දී සෞඛ්‍ය සේවකයින්  පැය ගණනක් එක දිගට සේවය කරමින් ඔවුන්ගේ ජීවිතය අවදානමේ හෙළනවා. අපි කොච්චර වාසනාවන්ත ද කියලා හිතෙන්නේ එතකොට.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<