ලසිත, කසුන් සහ නිමන්ද ශතකවලින් දිනය හැඩ කරයි

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය 2023

637
අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (24) අවසන් වුනා.

වර්ෂාව නිසා වරින්වර තරග රැසකට බාධා එල්ල වූ නිසා පැවති තරග දහයෙන් ප්‍රතිඵලයක් සහිතව අවසන් කිරීමට හැකි වුනේ එක් තරගයක් පමණක් වීම විශේෂත්වයක්.

ඒ අනුව මීගමුව ක්‍රිකට් සමාජය පරාජය කරමින් ලකුණු 35ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Kandy Customs ක්‍රීඩකයින් සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් තරගය පුරා කැපී පෙනෙන දස්කම් දැක්වූ ගයාන් සිරිසෝම කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුනා.

අද දිනය තුළ ශතක තුනක් වාර්තා වූ අතර Tamil Union නායක ලසිත අබේරත්න නොදැවී ලකුණු 100ක්, Chilaw Marians ක්‍රීඩක කසුන් විඳුර ලකුණ 116ක් සහ BRC ක්‍රීඩක නිමන්ද මදුශංක නොදැවී ලකුණු 100ක් රැස් කළා.

BRC කණ්ඩායමට ප්‍රබල පිළිතුරක් ලබා දීමට ගාල්ල ක්‍රීඩකයින් සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් බුද්ධික හසරංග (67), ඉරෝෂ් සමරසූරිය (63), හර්ෂ විතාන (64) සහ ශාලිත් ප්‍රනාන්දු (54) අර්ධ ශතක රැස් කිරීමට සමත් වුනා.

දිනයේ තවත් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට Moors ක්‍රීඩක ජනිෂ්ක පෙරේරා සමත් වූ අතර පන්දු 127කට මුහුණ දෙමින් ක්‍රීඩා කළ ඔහු අවාසනාවන්ත ලෙස දැවී යන විට ලකුණු 96ක් ලබා සිටියා.

එමෙන්ම Tamil Union කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී පන්දු 25කට මුහුණ දෙමින් වේගවත් අර්ධ ශතකයක් රැස් කිරීමට ලහිරු උදාර සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් නිරෝෂන් දික්වැල්ල පන්දු 54ක දී ලකුණු 68ක් රැස් කළා.

දිනයේ කෙටි ලකුණු පුවරුව,

Kandy Customs Cricket Club සහ Negombo Cricket Club 

  • Kandy Customs පළමු ඉනිම– 117/10 (34): සහන් කෝසල 51, සමීන් කඳෙනේආරච්චි 34, චරණ ප්‍රනාන්දු 3/28, නිශාන් පීරිස් 3/24.
  • Negombo පළමු ඉනිම– 131/10 (5): හිමාෂ ලියනගේ 30, නිශාන් පීරිස් 22, බුද්ධික ගයාන් සිරිසෝම 4/34, බුද්ධික සංජිව 4/38/
  • Kandy Customs දෙවැනි ඉනිම– 221/10 (57): සදීෂ් ජයවර්ධන 45, මළිඳු මදුරංග 44, උපුල් ඉන්ද්‍රසිරි 4/63.
  • Negombo දෙවැනි ඉනිම– 172/10 (59.2): හිමාෂ ලියනගේ 68, මාධව වර්ණපුර 36, ගයාන් සිරිසෝම 4/75.

Kandy Customs කණ්ඩායමට ලකුණු 35ක ජයක්.

Burgher Recreation Club සහ Galle Cricket Club

  • BRC පළමු ඉනිම– 460/8d (111): නිමන්ද මදුශංක 100*, ලක්ෂාන් ගමගේ 77, රිසිර වීරසූරිය 74, දුලාශ් උදයංග 50, සහන් අදීශ 3/101.
  • Galle Cricket Clubපළමු ඉනිම – 324/4 (83): බුද්ධික හසරංග 67, හර්ෂ විතාන 64, ඉරෝෂ් සමරසූරිය 63, ශාලිත ප්‍රනාන්දු 50.

තරගය ජය පරාජයෙන් තොරයි.

Chilaw Marians Cricket Club සහ Moors Sports Club

  • Chilaw Marians පළමු ඉනිම– 321/10 (83/5): කසුන් විදුර 100*, විශ්ව චතුරංග 53, තරිඳු අමරසිංහ ප්‍රවීන් ජයවික්‍රම 4/76.
  • Moors පළමු ඉනිම –195/4 (42.4): ජනිෂ්ක පෙරේරා 96, පසිඳු සූරියබණ්ඩාර 74*.

තරගය ජය පරාජයෙන් තොරයි.

Air Force SC සහ Sebastianites Cricket and Athletic Club

  • Air Force– 205/10 (90): ප්‍රවීන් ද සිල්වා 68, උදයවංශ පරාක්‍රම 34, තරූෂ ප්‍රනාන්දු 4/40.
  • Sebastianites පළමු ඉනිම– 235/6 (85): නවිඳු විතානගේ 66, අදීශ නානයක්කාර 44, ඉසිවර දිසානායක 35.

තරගය ජය පරාජයෙන් තොරයි.

Tamil Union Cricket and Athletic Club සහ Nondescripts Cricket Club

  • Tamil Unionපළමු ඉනිම – 339/8d (86.4): ලසිත අබේරත්න 100*, රොන් චන්ද්‍රගුප්ත 58, රවිඳු ප්‍රනාන්දු 56, විජයකාන්ත් වියස්කාන්ත් 46, ලසිත් ඇඹුල්දෙනිය 4/113.
  • NCCපළමු ඉනිම – 130/2: (16.1) නිරෝෂන් දික්වැල්ල 68, ලහිරු උදාර 50.

තරගය ජය පරාජයෙන් තොරයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<