Home Sinhala නිශාන් මධුශ්කත් අර්ධ ශතක ලාභීන් අතරට

නිශාන් මධුශ්කත් අර්ධ ශතක ලාභීන් අතරට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

420

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම අතර කොළඹ, හැව්ලොක් පෙදෙස කෝල්ට්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති පුහුණු තෙදින තරගය අද (13) ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

අද පෙරවරුවේ රජය මගින් මුළු දිවයිනට ම හදිසි නීතිය සහ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ ද, තරගය පස්වරු 4.31ක දක්වා ම පැවැත්වුනා. කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ තරගයේ අවසන් පැය ක්‍රියාත්මක නොකර නතර කිරීමට බලධාරීන් කටයුතු කළා. ඒ වෙද්දී පාකිස්තාන ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරමින් කඩුලු 2ක් දැවී ලකුණු 178ක් ලබා සිටියා.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 323ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාව තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 278ක් ලබා සිටියා. අද ඔවුන් තම ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 375ක් ලෙසින් කියැවෙද්දී ඉනිම අත්හිටු වීමට තීරණය කළා.

තරගයේ අවසන් දිනය ආරම්භ වන විට චාමික කරුණාරත්න නොදැවී ලකුණු 14ක් සහ නිශාන් මධුශ්ක නොදැවී ලකුණු 39ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ලට ලකුණු 63ක් එක් කරද්දී චාමික ලකුණු 27කට දැවී ගියා.

ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි මධුශ්ක ඉන් අනතුරුව 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිම අත්හිටු වන විට මිනෝද් භානුක පන්දු 45කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 32ක් සහ ලක්ෂිත මනසිංහ පන්දු 26කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමට එරෙහිව පාකිස්තාන පන්දු යවන්නෝ 9 දෙනෙක් යොදා ගත් අතර ඒ අතුරින් ඉහළ ම දක්ෂතා දැක්වූයේ Mohammad Nawaz. ඔහු ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 52ක් පිටුපස සිටිමින් තම දෙවැනි ආරම්භ කළ පාකිස්තාන ක්‍රීඩකයන් අතුරින් ආරම්භක පිතිකරු Abdullah Shafique පන්දු 111කට ක්‍රීඩා කරමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ද, Azhar Ali පන්දු 75කට ක්‍රීඩා කරමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ද ලබා ගනිමින් තම ඉනිම් අත්හිටු වූවා. ඊට අමතරව Imam-ul Haq පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

තරගය නිමා කරන විට Sarfaraz Ahmed නොදැවී ලකුණු 21ක් සහ Mohammad Nawaz නොදැවී ලකුණු 13ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටියා.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය සහ ලක්ෂිත මනසිංහ කඩුල්ල බැගින් දවා ගත්තා.


Result

Match drawn

Sri Lanka Cricket XI
375/8 (99)

Pakistan
323/10 (97) & 178/2 (50)

Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Nuwanidu Fernando b Udith Madushan 3 10 0 0 30.00
Imam-ul-Haq c Nipun Dananjaya b Angelo Perera 0 10 0 0 0.00
Azhar Ali c Nuwanidu Fernando b Lasith Embuldeniya 43 118 3 0 36.44
Babar Azam c Lahiru Udara b Lakshitha Manasinghe 88 113 8 4 77.88
Fawad Alam c Sadeera Samarawickrama b Lakshitha Manasinghe 22 64 2 0 34.38
Mohammad Rizwan b Lakshitha Manasinghe 31 65 3 0 47.69
Shan Masood c Minod Bhanuka b Lasith Embuldeniya 6 18 1 0 33.33
Saud Shakeel retired 30 74 3 0 40.54
Agha Salman c Nuwanidu Fernando b Udith Madushan 55 79 3 1 69.62
Mohammad Nawaz c Lasith Embuldeniya b Dilshan Madushanka 16 19 3 0 84.21
Yasir Shah not out 9 16 1 0 56.25
Shaheen Shah Afridi not out 5 15 0 0 33.33


Extras 15 (b 3 , lb 5 , nb 3, w 4, pen 0)
Total 323/10 (97 Overs, RR: 3.33)
Bowling O M R W Econ
Dilshan Madushanka 17 4 54 2 3.18
Pramod Madushan 12 2 29 1 2.42
Lasith Embuldeniya 30 8 83 2 2.77
Chamika Karunaratne 5 0 15 0 3.00
Lakshitha Manasinghe 23 2 83 3 3.61
Nipun Dananjaya 5 0 12 0 2.40
Ashen Bandara 2 0 13 0 6.50
Udith Madushan 3 0 17 1 5.67
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sarfaraz Ahmed b Shaheen Shah Afridi 57 94 9 0 60.64
Sadeera Samarawickrama c Yasir Shah b Agha Salman 91 99 13 0 91.92
Nuwanidu Fernando lbw b Yasir Shah 78 177 4 1 44.07
Nipun Dananjaya c Abdullah Shafique b Mohammad Nawaz 14 19 2 0 73.68
Lahiru Udara c Sarfaraz Ahmed b Mohammad Nawaz 4 5 1 0 80.00
Sahan Arachchige b Naseem Shah 28 67 2 0 41.79
Chamika Karunaratne lbw b Hasan Ali 27 43 5 0 62.79
Minod Bhanuka not out 32 45 7 0 71.11
Ashen Bandara lbw b Faheem Ashraf 12 23 2 0 52.17
Lakshitha Manasinghe not out 18 26 3 0 69.23


Extras 14 (b 0 , lb 9 , nb 2, w 3, pen 0)
Total 375/8 (99 Overs, RR: 3.79)
Bowling O M R W Econ
Shaheen Shah Afridi 12 4 34 1 2.83
Hasan Ali 12 0 35 1 2.92
Nauman Ali 16 2 60 0 3.75
Agha Salman 13 0 76 1 5.85
Naseem Shah 10 2 34 1 3.40
Yasir Shah 20 1 86 1 4.30
Mohammad Nawaz 10 2 24 2 2.40
Faheem Ashraf 4 0 10 1 2.50
Haris Rauf 2 1 7 0 3.50


Batsmen R B 4s 6s SR
Abdullah Shafique -select- b 63 111 5 2 56.76
Imam-ul-Haq c Minod Bhanuka b Lakshitha Manasinghe 30 45 5 0 66.67
Fawad Alam c Nuwanidu Fernando b Lasith Embuldeniya 6 19 1 0 31.58
Azhar Ali -select- b 40 75 3 0 53.33
Sarfaraz Ahmed not out 21 34 1 0 61.76
Mohammad Nawaz not out 13 16 1 0 81.25


Extras 5 (b 4 , lb 0 , nb 0, w 1, pen 0)
Total 178/2 (50 Overs, RR: 3.56)
Bowling O M R W Econ
Dilshan Madushanka 5 2 11 0 2.20
Pramod Madushan 4 0 17 0 4.25
Udith Madushan 3 0 7 0 2.33
Lasith Embuldeniya 20 1 72 1 3.60
Lakshitha Manasinghe 13 0 50 1 3.85
Ashen Bandara 4 0 12 0 3.00
Sahan Arachchige 1 0 5 0 5.00




දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර එම තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<