Home Sinhala පාකිස්තානයට එරෙහිව ලක්ෂිතගෙන් හොඳ පන්දු යැවීමක්

පාකිස්තානයට එරෙහිව ලක්ෂිතගෙන් හොඳ පන්දු යැවීමක්

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

632

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා සභාපති ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගය අද (11) ආරම්භ වුනේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දීයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් දිනය අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 277ක් රැස් කරගෙන සිටිනවා.

පාකිස්තානය: Agha Salman (c & wk), Azhar Ali, Babar Azam, Imam-ul-Haq, Fawad Alam, Mohammad Rizwan,Saud Shakeel,Mohammad Nawaz,Shan Masood, Naseem Shah

ශ්‍රී ලංකා XI: නිපුන් ධනංජය (නායක), ලහිරු උදාර, නිශාන් මධුෂ්ක, නුවනිදු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, චාමික කරුණාරත්න, ලක්ෂිත මානසිංහ, ඩිල්ෂාන් මධුශංක, ප්‍රමෝද් මධුෂාන්, ලසිත් ඇඹුල්දෙණිය, අශේන් බණ්ඩාර.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනාම මුළු ලකුණු සංඛ්‍යාව 3ක් වන විට නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට හැකි වුනා.

නමුත් ඉන්පසුව පිටියේ එක්වූ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන Azhar Ali සහ Babar Azam එක්ව තෙවැනි කඩුල්ල සඳහා වටිනා ලකුණු 134ක සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වුනා.

ලකුණු 88ක් ලබා ගනිමින් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් Babar Azam ලකුණු 88කට ලක්ෂිත මුණසිංහගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ලකුණු 43ක් ලබා සිටි Azhar Ali පිටියෙන් ඉවත් වුනේ ලසිත් ඇඹුල්දෙනියගේ පන්දුවක් හමුවේයි.

නැවතත් ක්‍රියාත්මක වූ මුණසිංහ විසින් Fawad Alam ලකුණු 22කට සහ සුපිරි පිතිකරු Mohammad Rizwan ලකුණු 31කට දවා ගැනීමට සමත් වුනේ පාකිස්තාන ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 200ක් බවට පත් කරමිනුයි.

Shan Masood හට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් ලසිත් ඇඹුල්දෙනිය විසින් ඔහුව ලකුණු 6කට දවා ගත්තා.

ඉන්පසු පිටියේ එක්වූ Agha Salman සහ Saud Shakeel 8 වැනි කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 71ක නොබිදුණු සම්බන්ධතාව නිසාවෙන් පළමු දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 277ක් ලබා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයින්ට හැකි වුනා.


Result

Match drawn

Sri Lanka Cricket XI
375/8 (99)

Pakistan
323/10 (97) & 178/2 (50)

Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Nuwanidu Fernando b Udith Madushan 3 10 0 0 30.00
Imam-ul-Haq c Nipun Dananjaya b Angelo Perera 0 10 0 0 0.00
Azhar Ali c Nuwanidu Fernando b Lasith Embuldeniya 43 118 3 0 36.44
Babar Azam c Lahiru Udara b Lakshitha Manasinghe 88 113 8 4 77.88
Fawad Alam c Sadeera Samarawickrama b Lakshitha Manasinghe 22 64 2 0 34.38
Mohammad Rizwan b Lakshitha Manasinghe 31 65 3 0 47.69
Shan Masood c Minod Bhanuka b Lasith Embuldeniya 6 18 1 0 33.33
Saud Shakeel retired 30 74 3 0 40.54
Agha Salman c Nuwanidu Fernando b Udith Madushan 55 79 3 1 69.62
Mohammad Nawaz c Lasith Embuldeniya b Dilshan Madushanka 16 19 3 0 84.21
Yasir Shah not out 9 16 1 0 56.25
Shaheen Shah Afridi not out 5 15 0 0 33.33


Extras 15 (b 3 , lb 5 , nb 3, w 4, pen 0)
Total 323/10 (97 Overs, RR: 3.33)
Bowling O M R W Econ
Dilshan Madushanka 17 4 54 2 3.18
Pramod Madushan 12 2 29 1 2.42
Lasith Embuldeniya 30 8 83 2 2.77
Chamika Karunaratne 5 0 15 0 3.00
Lakshitha Manasinghe 23 2 83 3 3.61
Nipun Dananjaya 5 0 12 0 2.40
Ashen Bandara 2 0 13 0 6.50
Udith Madushan 3 0 17 1 5.67
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sarfaraz Ahmed b Shaheen Shah Afridi 57 94 9 0 60.64
Sadeera Samarawickrama c Yasir Shah b Agha Salman 91 99 13 0 91.92
Nuwanidu Fernando lbw b Yasir Shah 78 177 4 1 44.07
Nipun Dananjaya c Abdullah Shafique b Mohammad Nawaz 14 19 2 0 73.68
Lahiru Udara c Sarfaraz Ahmed b Mohammad Nawaz 4 5 1 0 80.00
Sahan Arachchige b Naseem Shah 28 67 2 0 41.79
Chamika Karunaratne lbw b Hasan Ali 27 43 5 0 62.79
Minod Bhanuka not out 32 45 7 0 71.11
Ashen Bandara lbw b Faheem Ashraf 12 23 2 0 52.17
Lakshitha Manasinghe not out 18 26 3 0 69.23


Extras 14 (b 0 , lb 9 , nb 2, w 3, pen 0)
Total 375/8 (99 Overs, RR: 3.79)
Bowling O M R W Econ
Shaheen Shah Afridi 12 4 34 1 2.83
Hasan Ali 12 0 35 1 2.92
Nauman Ali 16 2 60 0 3.75
Agha Salman 13 0 76 1 5.85
Naseem Shah 10 2 34 1 3.40
Yasir Shah 20 1 86 1 4.30
Mohammad Nawaz 10 2 24 2 2.40
Faheem Ashraf 4 0 10 1 2.50
Haris Rauf 2 1 7 0 3.50


Batsmen R B 4s 6s SR
Abdullah Shafique -select- b 63 111 5 2 56.76
Imam-ul-Haq c Minod Bhanuka b Lakshitha Manasinghe 30 45 5 0 66.67
Fawad Alam c Nuwanidu Fernando b Lasith Embuldeniya 6 19 1 0 31.58
Azhar Ali -select- b 40 75 3 0 53.33
Sarfaraz Ahmed not out 21 34 1 0 61.76
Mohammad Nawaz not out 13 16 1 0 81.25


Extras 5 (b 4 , lb 0 , nb 0, w 1, pen 0)
Total 178/2 (50 Overs, RR: 3.56)
Bowling O M R W Econ
Dilshan Madushanka 5 2 11 0 2.20
Pramod Madushan 4 0 17 0 4.25
Udith Madushan 3 0 7 0 2.33
Lasith Embuldeniya 20 1 72 1 3.60
Lakshitha Manasinghe 13 0 50 1 3.85
Ashen Bandara 4 0 12 0 3.00
Sahan Arachchige 1 0 5 0 5.00



තරගයේ දෙවැනි දිනය හෙටයි (12). තරගාවලියේ සියලූම තොරතුරු ඔබට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<