පාකිස්තානයට එරෙහි පුහුණු තරගයේ නායකයත්වය නිපුන්ට

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

3453
Nipun Dananjaya to lead SLC XI

ඕස්ට්‍රේලියානු තරග සංචාරය නිමාවට පත්වීමත් සමඟ ආරම්භ වීමට නියමිත පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයට පෙර පාකිස්තාන කණ්ඩායම සහභාගි වන තෙදින පුහුණු තරගය හෙට (11) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් XI සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි නායකත්වය නිපුන් ධනංජයට හිමිව තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත මෙම තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්. තරගාවලියට සහභාගි වීම සදහා පාකිස්තාන කණ්ඩායම ජූලි 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියා.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන 16 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර දෙවැනි තරගය ලබන 24 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම,

නිපුන් ධනංජය (නායක), ලහිරු උදාර, නිශාන් මධුෂ්ක, නුවනිදු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, ලක්ෂිත මානසිංහ, ප්‍රවීන් ජයවික්‍රම, ඩිල්ෂාන් මධුශංක, ප්‍රමෝද් මධුෂාන්, ලසිත් ඇඹුල්දෙණිය, උදිත් මධුෂාන්, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර

තරගයේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

Sri Lanka Cricket  වෙබ් අඩවියේ පල වූ පුවතක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<