Home Sinhala ප්‍රබලයින් පසුපසට යද්දී නවකයින්ගෙන් ශ්‍රී ලංකාවට තර්ජනයක්

ප්‍රබලයින් පසුපසට යද්දී නවකයින්ගෙන් ශ්‍රී ලංකාවට තර්ජනයක්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1575

පාකිස්තාන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් දෙවැනි දිනය සඳහා තරගය නවතා දමන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 312ට පිළිතුරු දෙමින් සිටින පාකිස්තානය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 221ක් ලබාගෙන සිටිනවා.

නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Saud Shakeel සහ Agha Salman පිළිවෙළින් ලකුණු 69*ක් සහ ලකුණු 61*ක් ලබාගෙන සිටින අතර පාකිස්තානය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 91ක් පසුපසින් පසුවනවා.

>>Photos – Pakistan tour of Sri Lanka 2023 | 1st Test – Day 2<<

දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 242ක් ලබාගෙන සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි ධනංජය ද සිල්වා ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 94*ක්.

ඊයේ (16) දිනයේ අවසන් පන්දුවේ දී ලකුණු 36ක් ලබාගෙන සිටි සධීර සමරවික්‍රමගේ කඩුල්ල සුපිරි උඩපන්දු රැකගැනීමක් හමුවේ දැවී ගිය පසුව හිස් වුනු අඩුව පිරවීමට පිටියට පැමිණි රමේෂ් මෙන්ඩිස් ලකුණු 5කට දැවී ගියා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගත් ධනංජය පාකිස්තානයට එරෙහිව සිය තෙවැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණා. සිය 50 වැනි ටෙස්ට් තරගයේ දී ධනංජය වාර්තා කළ මේ අගනා ශතකය ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 10 වැනි ටෙස්ට් ශතකයයි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ පන්දුවාර 81කුත් පන්දු 3ක් ක්‍රියාත්මක වී ලකුණු 265කට කඩුලු 7ක් දැවී ගොස් තිබුණු අවස්ථාවේ දී පාකිස්තාන නායක Babar Azam නව පන්දුව යැවීමේ වගකීම දකුණතින් වේගපන්දු යවන Naseem Shah වෙත ලබා දුන්නා.

අවසානයේ දී පන්දු 214ක් තුල 4 පහර 12ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් පන්දුවට පහර දුන් ධනංජය ලකුණු 122කට දවාලීමට Naseem සමත් වුනා. එහි දී deep point කලාපයේ සිටි Shan Masood ධනංජයගේ කඩුල්ල දවා ගැනීමට ඉතාමත් දක්ෂ උඩපන්දු රැකගැනීමක් සිදු කළා.

ධනංජය මේ දක්වා පාකිස්තානයට එරෙහි ටෙස්ට් ඉනිම් 8ක් තුල ශතක 3ක් සමඟ ලකුණු 432ක් ලබාගෙන තිබෙන්නේ 61.71ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන වීම කැපී පෙනුණා.

මේ තරගය තුල ශ්‍රී ලංකා මුල් ඉනිමේ වාර්තා වුනු සිව්වැනි හොඳම සබඳතාවය වුනු 10 වැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 29ක් දක්වා රැගෙන යන්නට විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත සමත් වුනු අතර ඒ නිසාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300 සීමාව අභිබවා තරගකාරී ලකුණක් වෙත ශ්‍රී ලංකා පළමු ඉනිම රැගෙන යාමට හැකි වුනා. අවසානයේ දී අංක 11 පිතිකරු ලෙස ක්‍රීඩා කළ විශ්ව නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා.

නව පන්දුව ලබා ගැනීමෙන් පසුව පාකිස්තානය පන්දුවාර 14කුත් පන්දු 5ක් ක්‍රියාත්මක කළ අතර එහි දී ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 47ක් ලබා ගත්තා. එම නව පන්දුවෙන් පාකිස්තාන වේගපන්දු යවන්නන් වෙනුවෙන් Naseem විසින් ධනංජය සහ ප්‍රභාත්ගේ කඩුලු දවා ගත් අතර පා දඟපන්දු යවන Abrar Ahmed නව පන්දුවෙන් දවා ගත් කඩුල්ලක් ද සමඟ කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පළමු ඉනිමේ දැවී ගිය කඩුලු අතරින් වේගපන්දු යවන්නන් වන Naseem Shah, ආබාධවලින් පසුව වසරකට පමණ නැවතත් ටෙස්ට් පිටියට පැමිණි Shaheen Shah Afridi සහ පා දඟපන්දු යවන Abrar Ahmed කඩුලු 3 බැගින් දවා ගත් අතර Agha Salman කඩුල්ලක් දවා ගත්තා.

දිවා ආහාරයෙන් අනතුරුව ආරම්භ වූ පාකිස්තානු පළමු ඉනිමේ ආරම්භක කඩුල්ල ලකුණු 3 දී දවා ගන්නට කසුන් රාජිත සමත් වුනු අතර වමතින් පිතිකරණයේ නිරත වන Imam-ul-Haq එක් ලකුණකට එසේ දැවී ගියා.

පසුගිය වසරේ ගාල්ලේ දී ම පැවැත්වුණු ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 160ක් ලබාගෙන ශ්‍රී ලංකාවට  හිසරදයක් වුනු Abdullah Shafiqueගේ කඩුල්ල ලකුණු 19කට දවා ගත් ප්‍රභාත් සිය දෙවැනි පන්දුවාරය තුල ගාල්ලේ සිය කඩුලු දඩයම නැවතත් ආරම්භ කරමින් පාකිස්තානයට ප්‍රබල අභියෝගයක් රැගෙන ආවා.

Shafiqueගේ කඩුල්ල දැවී යාමත් සමඟම

ලකුණු 47/2ක් ලෙස සටහන් වුනු පාකිස්තානු අත්දැකීම් බහුල මැදපෙළ කඩුලු 3ක් (Shan Masood, Babar Azam, Sarfaraz Ahmed) ලකුණු 54ක් තුල දවාගෙන ශ්‍රී ලංකාවට තරගයේ වැඩි වාසිය ලබා දීමට ප්‍රභාත් සහ රමේෂ් යන ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සමත් වුනා.

Babar පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමඟ ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ නමුත් ඔහුට මේ ඉනිම තුල දී ලකුණු 13කට දැවී යන්නට සිදු වුනා.

ලකුණු 101කට කඩුලු 5ක් බිඳ වැටී තිබිය දී පිටියේ එක්වූ අංක 5 පිතිකරු Saud Shakeel සහ අංක 7 පිතිකරු Agha Salman 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 120*ක සබඳතාවයක් ගොඩනංවමින් බිඳ වැටුණු පාකිස්තානු ඉනිමට යම් ජීවයක් රැගෙන එන්නට සමත් වුනා.

එහි දී ඔවුන් දෙදෙනාම සිය අර්ධ ශතක සම්පූර්ණ කර ගත් අතර Shakeel සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6 වැනි අර්ධ ශතකයත් Agha සිය 4 වැනි ටෙස්ට් අර්ධ ශතකයත් වාර්තා කරගෙන ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කර දැමුවා. පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් දවා ගත්තා.

දෙවැනි දිනයේ ආරම්භක තරග සැසිය තුල පන්දුවාර 29කුත් පන්දු 4ක් තුල ලකුණු 70කට කඩුලු 4ක් දැවී ගිය අතර තරගයේ පළමු දිනයේ වුනු ඊයේ දිනයේ පළමු තරග සැසිය තුල දී පන්දුවාර 19ක දී ලකුණු 65කට කඩුලු 4ක් බිඳ වැටුණා. එසේම දෙවැනි දිනයේ දෙවැනි සැසිය තුල දඟපන්දු යවන්නන්ට වැඩි හිතකර බවක් දක්නට ලැබුණු අතර එහි දී ලකුණු 132කට කඩුලු 5ක් බිඳ වැටුණා.

Result


Sri Lanka
312/10 (95.2) & 279/10 (83.1)

Pakistan
461/10 (121.2) & 133/6 (32.5)

Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sarfaraz Ahmed b Shaheen Shah Afridi 4 9 0 0 44.44
Dimuth Karunaratne c Safraz Ahmed b Shaheen Shah Afridi 29 43 6 0 67.44
Kusal Mendis c Agha Salman b Shaheen Shah Afridi 12 14 3 0 85.71
Angelo Mathews c Sarfaraz Ahmed b Abrar Ahmed 64 109 9 0 58.72
Dinesh Chandimal c Babar Azam b Naseem Shah 1 6 0 0 16.67
Dhananjaya de Silva c Shan Masood b Naseem Shah 122 214 12 3 57.01
Sadeera Samarawickrama c Imam-ul-Haq b Agha Salman 36 57 5 0 63.16
Ramesh Mendis c Babar Azam b Abrar Ahmed 5 40 1 0 12.50
Prabath Jayasuriya c Sarfaraz Ahmed b Naseem Shah 4 29 0 0 13.79
Kasun Rajitha c Abdullah Shafique b Abrar Ahmed 8 24 1 0 33.33
Vishwa Fernando not out 21 28 2 1 75.00


Extras 6 (b 4 , lb 1 , nb 1, w 0, pen 0)
Total 312/10 (95.2 Overs, RR: 3.27)
Fall of Wickets 1-6 (2.2) Nishan Madushka, 2-22 (6.4) Kusal Mendis, 3-53 (14.2) Dimuth Karunaratne, 4-54 (15.2) Dinesh Chandimal, 5-185 (48.1) Angelo Mathews, 6-242 (65.4) Sadeera Samarawickrama, 7-257 (76.6) Ramesh Mendis, 8-282 (85.6) Prabath Jayasuriya, 9-283 (87.1) Dhananjaya de Silva, 10-312 (95.2) Kasun Rajitha,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 24 3 86 3 3.58
Naseem Shah 22 2 90 3 4.09
Abrar Ahmed 31.2 9 68 3 2.18
Agha Salman 5 1 18 1 3.60
Nauman Ali 13 2 45 0 3.46
Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Dhananjaya de Silva b Prabath Jayasuriya 19 28 3 0 67.86
Imam-ul-Haq c Kamil Mishara  b Kasun Rajitha 1 10 0 0 10.00
Shan Masood lbw b Ramesh Mendis 39 30 5 1 130.00
Babar Azam c Sadeera Samarawickrama b Prabath Jayasuriya 13 16 2 0 81.25
Saud Shakeel not out 208 361 19 0 57.62
Sarfaraz Ahmed lbw b Prabath Jayasuriya 17 15 3 0 113.33
Agha Salman st Sadeera Samarawickrama b Ramesh Mendis 83 113 9 1 73.45
Nauman Ali lbw b Ramesh Mendis 25 57 4 0 43.86
Shaheen Shah Afridi lbw b Vishwa Fernando 9 14 2 0 64.29
Naseem Shah b Ramesh Mendis 6 78 1 0 7.69
Abrar Ahmed c Angelo Mathews b Ramesh Mendis 10 12 1 1 83.33


Extras 31 (b 9 , lb 8 , nb 6, w 8, pen 0)
Total 461/10 (121.2 Overs, RR: 3.8)
Fall of Wickets 1-3 (1.6) Imam-ul-Haq, 2-47 (10.2) Abdullah Shafique, 3-67 (11.6) Shan Masood, 4-73 (14.4) Babar Azam, 5-101 (20.2) Sarfaraz Ahmed, 6-278 (55.6) Agha Salman, 7-330 (73.2) Nauman Ali, 8-346 (76.3) Shaheen Shah Afridi, 9-440 (116.5) Naseem Shah, 10-461 (121.2) Abrar Ahmed,

Bowling O M R W Econ
Vishwa Fernando 18 1 69 1 3.83
Kasun Rajitha 19 1 77 1 4.05
Prabath Jayasuriya 35 3 145 3 4.14
Ramesh Mendis 42.2 2 136 5 3.22
Dhananjaya de Silva 7 1 17 0 2.43
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sarfaraz Ahmed b Nauman Ali 52 115 7 1 45.22
Dimuth Karunaratne c Agha Salman b Abrar Ahmed 20 27 4 0 74.07
Kusal Mendis lbw b Nauman Ali 18 45 2 0 40.00
Angelo Mathews c Babar Azam b Nauman Ali 7 21 1 0 33.33
Dinesh Chandimal c Imam-ul-Haq b Agha Salman 28 64 3 0 43.75
Dhananjaya de Silva c Sarfaraz Ahmed b Shaheen Shah Afridi 82 118 10 2 69.49
Sadeera Samarawickrama c Abdullah Shafique b Agha Salman 11 11 2 0 100.00
Ramesh Mendis lbw b Abrar Ahmed 42 79 3 1 53.16
Prabath Jayasuriya c Shan Masood b Shaheen Shah Afridi 10 11 2 0 90.91
Vishwa Fernando not out 0 6 0 0 0.00
Kasun Rajitha c Shan Masood b Abrar Ahmed 5 3 0 0 166.67


Extras 4 (b 0 , lb 1 , nb 1, w 2, pen 0)
Total 279/10 (83.1 Overs, RR: 3.35)
Fall of Wickets 1-42 (11.1) Dimuth Karunaratne, 2-79 (24.6) Kusal Mendis, 3-91 (32.1) Angelo Mathews, 4-99 (36.6) Nishan Madushka, 5-159 (53.1) Dinesh Chandimal, 6-175 (55.5) Sadeera Samarawickrama, 7-251 (78.1) Ramesh Mendis, 8-269 (80.6) Dhananjaya de Silva, 9-274 (82.3) Prabath Jayasuriya, 10-279 (83.1) Kasun Rajitha,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 13 0 64 2 4.92
Naseem Shah 12 2 32 0 2.67
Agha Salman 9 0 39 2 4.33
Abrar Ahmed 24.1 5 68 3 2.82
Nauman Ali 25 5 75 3 3.00


Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Sadeera Samarawickrama b Prabath Jayasuriya 8 18 1 0 44.44
Imam-ul-Haq not out 50 84 4 0 59.52
Shan Masood c Nishan Madushka b Prabath Jayasuriya 7 11 1 0 63.64
Nauman Ali run out (Ramesh Mendis) 0 7 0 0 0.00
Babar Azam lbw b Prabath Jayasuriya 24 28 5 0 85.71
Saud Shakeel c Sadeera Samarawickrama b Ramesh Mendis 30 38 6 0 78.95
Sarfaraz Ahmed c Kusal Mendis b Prabath Jayasuriya 1 10 0 0 10.00
Agha Salman not out 6 1 0 1 600.00


Extras 7 (b 4 , lb 3 , nb 0, w 0, pen 0)
Total 133/6 (32.5 Overs, RR: 4.05)
Fall of Wickets 1-16 (6.4) Abdullah Shafique, 2-36 (10.4) Shan Masood, 3-38 (12.6) Nauman Ali, 4-79 (20.3) Babar Azam, 5-122 (29.4) Saud Shakeel, 6-127 (32.4) Sarfaraz Ahmed,

Bowling O M R W Econ
Vishwa Fernando 2 1 6 0 3.00
Ramesh Mendis 14 1 62 1 4.43
Prabath Jayasuriya 14.5 0 56 4 3.86
Dhananjaya de Silva 2 1 2 0 1.00



තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<