Home Sinhala බිඳ වැටුණු ඉනිමට මැතිව්ස් සහ ධනංජයගෙන් ශතක සබඳතාවයක්

බිඳ වැටුණු ඉනිමට මැතිව්ස් සහ ධනංජයගෙන් ශතක සබඳතාවයක්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

3093

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

ධනංජය ද සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් ගොඩනැංවූ සුපිරි ශතක සබඳතාවය නිසාවෙන් පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවට සිය ගෞරවය රැක ගැනීමට හැකියාව ලැබුණා. දිනයේ නිමාව සටහන් වන විට, ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 242ක් ලබාගෙන සිටියා.

නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා සිය 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරගනිමින් ලකුණු 94*ක් ලබාගෙන සිටින අතර සදීර සමරවික්‍රම දිනයේ අවසන් පන්දුවේ දී අවාසනාවන්ත ලෙස ලකුණු 36කට දවා ගැනීමට Agha Salman සමත් වුනා.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකක් ලෙස පැවැත්වෙන මේ තීරණාත්මක තරගාවලිය 2023-25 ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය තුල කණ්ඩායම් දෙකම තරග වදිනු ලබන මංගල තරගාවලියයි.

ශ්‍රී ලංකාව පිතිකරුවන් 7 දෙනෙක්, ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනෙක් සහ වේගපන්දු යවන්නන් දෙදෙනෙක් සමඟ මේ තරගයට අවතීර්ණ වන අතර පාකිස්තානය ද ඒ හා සමාන සංයුතියක් සහිතව මේ තරගය අවතීර්ණ වුනා.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා. සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු , ප්‍රභාත් ජයසූරිය

පාකිස්තානය – Abdullah Shafique, Imam-ul-Haq, Shan Masood, Babar Azam (C), Sarfaraz Ahmed (wk), Saud Shakeel, Agha Salman, Nauman Ali, Naseem Shah, Abrar Ahmed, Shaheen Shah Afridi

ගාල්ල තණතීරුවේ කාසියේ වාසිය ඉතාමත් තීරණාත්මක සාධකයක් වන අතර ශ්‍රී ලංකාව එම සාධකය ජය ගනිමින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ දින ගතවත්ම තණතීරුව මන්දගාමී වෙමින් දඟපන්දු යවන්නන්ට වැඩි හිතකර බවක් දක්වන නිසයි.

>>LIVE – Pakistan tour of Sri Lanka 2023 | 1st Test – Day 1<<

කෙසේ නමුත් පාකිස්තානු ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා වන Naseem Shah සහ Shaheen Shah Afridiගේ අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවයකට මුහුණ දුන් අතර පළමු පන්දුවාර 16 ඔවුන් දෙදෙනා විසින් ක්‍රියාත්මක කළා. ඒ වන විට ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 58ක් ලබාගෙන සිටියා.

පිතිකරුවන්ට යම් සහනයක් ලැබෙන ගාල්ල තණතීරුවේ පළමු දිනයේ පළමු සැසිය තුල ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 4ක් දැවී ගිය අතර දෙවැනි සැසිය තුල දැවී ගිය එකම පිතිකරුවා වුනු ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේ ලකුණු 64කටයි. මැතිව්ස් අද දිනයේ දී ලබා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 39 වැනි අර්ධ ශතකයයි.

ලකුණු 54කට කඩුලු 4ක් දැවී ගොස් තිබිය දී පිටියේ එක්වුණු මැතිව්ස් සහ ධනංජය 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 131ක සබඳතාවයක් පිහිටුවමින් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක් කළා.

එම සබඳතාවය බිඳ දමමින් මැතිව්ස්ගේ කඩුල්ල දවා ගත්තේ දකුණතින් පා දඟපන්දු යවන Abrar Ahmed. ශ්‍රී ලංකා මැදපෙළ ගොඩනැංවීම සඳහා පළමු අඩිතාලම සකස් කළ මතිව්ස් 4 පහර 9ක් එල්ල කරමින් ලකුණු 64ක් ලබා ගත්තා.

නිශාන් මදුෂ්ක සහ නායක කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නමුත්, Shaheen Shah Afridi ඔහුගේ 100 වැනි ටෙස්ට් කඩුල්ල ද වාගනිමින් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100 සීමාව පසුකළ 19 වැනි ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වුනා.

Shaheen Shah Afrid ඔහු දිනය තුල ක්‍රියාත්මක කළ දෙවැනි පන්දුවාරය තුල ලකුණු 4ක් ලබාගෙන සිටි මදුෂ්කව දවාගෙන සිය ක්‍රීඩා දිවියේ එම සුවිශේෂී කඩඉම පසුකළා.

දිවා ආහාරය දක්වා ක්‍රියාත්මක වුනු තරග සැසිය තුල නායක කරුණාරත්න ලබා ගත් ලකුණු 29 හැරෙන්නට අනෙක් පිතිකරුවන් හට එතරම්ම මට්ටමකට හිස එසවීමට පාකිස්තානු ප්‍රධාන වේගපන්දු යවන්නන් යුගලය අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

උදෑසන ඇදහැළුණු වර්ෂාව නිසා අද දිනය තුල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු පන්දුවාර ප්‍රමාණයෙන් පන්දුවාර 7ක් අඩුවුණු අතර ඉන් අනතුරුව දිනයේ තෙවැනි සැසිය තුල සවස 4.40ට නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පන්දුවාර 7ක් අඩු කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

ඒ අනුව දිනය තුල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණු පන්දුවාර 90න් 24ක් වර්ෂාව විසින් ගිලගත් අතර අවසානයේ දී දිනය තුල ක්‍රියාත්මක කිරීමට හැකි වුනේ පන්දුවාර 66ක් පමණයි.

Result


Sri Lanka
312/10 (95.2) & 279/10 (83.1)

Pakistan
461/10 (121.2) & 133/6 (32.5)

Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sarfaraz Ahmed b Shaheen Shah Afridi 4 9 0 0 44.44
Dimuth Karunaratne c Safraz Ahmed b Shaheen Shah Afridi 29 43 6 0 67.44
Kusal Mendis c Agha Salman b Shaheen Shah Afridi 12 14 3 0 85.71
Angelo Mathews c Sarfaraz Ahmed b Abrar Ahmed 64 109 9 0 58.72
Dinesh Chandimal c Babar Azam b Naseem Shah 1 6 0 0 16.67
Dhananjaya de Silva c Shan Masood b Naseem Shah 122 214 12 3 57.01
Sadeera Samarawickrama c Imam-ul-Haq b Agha Salman 36 57 5 0 63.16
Ramesh Mendis c Babar Azam b Abrar Ahmed 5 40 1 0 12.50
Prabath Jayasuriya c Sarfaraz Ahmed b Naseem Shah 4 29 0 0 13.79
Kasun Rajitha c Abdullah Shafique b Abrar Ahmed 8 24 1 0 33.33
Vishwa Fernando not out 21 28 2 1 75.00


Extras 6 (b 4 , lb 1 , nb 1, w 0, pen 0)
Total 312/10 (95.2 Overs, RR: 3.27)
Fall of Wickets 1-6 (2.2) Nishan Madushka, 2-22 (6.4) Kusal Mendis, 3-53 (14.2) Dimuth Karunaratne, 4-54 (15.2) Dinesh Chandimal, 5-185 (48.1) Angelo Mathews, 6-242 (65.4) Sadeera Samarawickrama, 7-257 (76.6) Ramesh Mendis, 8-282 (85.6) Prabath Jayasuriya, 9-283 (87.1) Dhananjaya de Silva, 10-312 (95.2) Kasun Rajitha,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 24 3 86 3 3.58
Naseem Shah 22 2 90 3 4.09
Abrar Ahmed 31.2 9 68 3 2.18
Agha Salman 5 1 18 1 3.60
Nauman Ali 13 2 45 0 3.46
Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Dhananjaya de Silva b Prabath Jayasuriya 19 28 3 0 67.86
Imam-ul-Haq c Kamil Mishara  b Kasun Rajitha 1 10 0 0 10.00
Shan Masood lbw b Ramesh Mendis 39 30 5 1 130.00
Babar Azam c Sadeera Samarawickrama b Prabath Jayasuriya 13 16 2 0 81.25
Saud Shakeel not out 208 361 19 0 57.62
Sarfaraz Ahmed lbw b Prabath Jayasuriya 17 15 3 0 113.33
Agha Salman st Sadeera Samarawickrama b Ramesh Mendis 83 113 9 1 73.45
Nauman Ali lbw b Ramesh Mendis 25 57 4 0 43.86
Shaheen Shah Afridi lbw b Vishwa Fernando 9 14 2 0 64.29
Naseem Shah b Ramesh Mendis 6 78 1 0 7.69
Abrar Ahmed c Angelo Mathews b Ramesh Mendis 10 12 1 1 83.33


Extras 31 (b 9 , lb 8 , nb 6, w 8, pen 0)
Total 461/10 (121.2 Overs, RR: 3.8)
Fall of Wickets 1-3 (1.6) Imam-ul-Haq, 2-47 (10.2) Abdullah Shafique, 3-67 (11.6) Shan Masood, 4-73 (14.4) Babar Azam, 5-101 (20.2) Sarfaraz Ahmed, 6-278 (55.6) Agha Salman, 7-330 (73.2) Nauman Ali, 8-346 (76.3) Shaheen Shah Afridi, 9-440 (116.5) Naseem Shah, 10-461 (121.2) Abrar Ahmed,

Bowling O M R W Econ
Vishwa Fernando 18 1 69 1 3.83
Kasun Rajitha 19 1 77 1 4.05
Prabath Jayasuriya 35 3 145 3 4.14
Ramesh Mendis 42.2 2 136 5 3.22
Dhananjaya de Silva 7 1 17 0 2.43
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sarfaraz Ahmed b Nauman Ali 52 115 7 1 45.22
Dimuth Karunaratne c Agha Salman b Abrar Ahmed 20 27 4 0 74.07
Kusal Mendis lbw b Nauman Ali 18 45 2 0 40.00
Angelo Mathews c Babar Azam b Nauman Ali 7 21 1 0 33.33
Dinesh Chandimal c Imam-ul-Haq b Agha Salman 28 64 3 0 43.75
Dhananjaya de Silva c Sarfaraz Ahmed b Shaheen Shah Afridi 82 118 10 2 69.49
Sadeera Samarawickrama c Abdullah Shafique b Agha Salman 11 11 2 0 100.00
Ramesh Mendis lbw b Abrar Ahmed 42 79 3 1 53.16
Prabath Jayasuriya c Shan Masood b Shaheen Shah Afridi 10 11 2 0 90.91
Vishwa Fernando not out 0 6 0 0 0.00
Kasun Rajitha c Shan Masood b Abrar Ahmed 5 3 0 0 166.67


Extras 4 (b 0 , lb 1 , nb 1, w 2, pen 0)
Total 279/10 (83.1 Overs, RR: 3.35)
Fall of Wickets 1-42 (11.1) Dimuth Karunaratne, 2-79 (24.6) Kusal Mendis, 3-91 (32.1) Angelo Mathews, 4-99 (36.6) Nishan Madushka, 5-159 (53.1) Dinesh Chandimal, 6-175 (55.5) Sadeera Samarawickrama, 7-251 (78.1) Ramesh Mendis, 8-269 (80.6) Dhananjaya de Silva, 9-274 (82.3) Prabath Jayasuriya, 10-279 (83.1) Kasun Rajitha,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 13 0 64 2 4.92
Naseem Shah 12 2 32 0 2.67
Agha Salman 9 0 39 2 4.33
Abrar Ahmed 24.1 5 68 3 2.82
Nauman Ali 25 5 75 3 3.00


Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Sadeera Samarawickrama b Prabath Jayasuriya 8 18 1 0 44.44
Imam-ul-Haq not out 50 84 4 0 59.52
Shan Masood c Nishan Madushka b Prabath Jayasuriya 7 11 1 0 63.64
Nauman Ali run out (Ramesh Mendis) 0 7 0 0 0.00
Babar Azam lbw b Prabath Jayasuriya 24 28 5 0 85.71
Saud Shakeel c Sadeera Samarawickrama b Ramesh Mendis 30 38 6 0 78.95
Sarfaraz Ahmed c Kusal Mendis b Prabath Jayasuriya 1 10 0 0 10.00
Agha Salman not out 6 1 0 1 600.00


Extras 7 (b 4 , lb 3 , nb 0, w 0, pen 0)
Total 133/6 (32.5 Overs, RR: 4.05)
Fall of Wickets 1-16 (6.4) Abdullah Shafique, 2-36 (10.4) Shan Masood, 3-38 (12.6) Nauman Ali, 4-79 (20.3) Babar Azam, 5-122 (29.4) Saud Shakeel, 6-127 (32.4) Sarfaraz Ahmed,

Bowling O M R W Econ
Vishwa Fernando 2 1 6 0 3.00
Ramesh Mendis 14 1 62 1 4.43
Prabath Jayasuriya 14.5 0 56 4 3.86
Dhananjaya de Silva 2 1 2 0 1.00



තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<