Mbappe නැවතත් වැඩ පෙන්නද්දී Real Madridට පළමු ජයග්‍රහණය

93

යුරෝපයේ ප්‍රමුඛතම පාපන්දු තරගාවලිය වන ‘UEFA Champions League’ තරගාවලියේ තෙවැනි සතියේ තවත් වැදගත් තරග කිහිපයක් ඊයේ (22) දිනයේ පැවැත්විය.

Ronaldo ගෝල 700ය ඉක්මවා යද්දී Lewandowskiගෙන් තවත් වාර්තාවක්

මේ සති අන්තයේ දී ස්පාඤ්ඤ La Liga තරගාවලිය මෙන්ම ………

Atletico Madridට තියුණු ජයක්

ස්පාඤ්ඤයේ Atletico Madrid ක්‍රීඩා සමාජය සහ ජර්මනියේ Bayer 04 Leverkusen ක්‍රීඩා සමාජය අතර ‘D’ කාණ්ඩය යටතේ පැවති තරගය අවසන් වූයේ Atletico ක්‍රීඩකයින් ඉන් ගෝල 1-0ක තියුණු ජයක් හිමිකර ගනිමිනි. 

පළමු අර්ධය පුරාවටම කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගැනීමට කිසිදු පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට අපොහොසත් වීමත් සමඟ තරගය තරමක උදාසීන ස්වරූපයක් ගන්නට විය. එහි දී දුර සිට පහරවල් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගන්නට කණ්ඩායම් දෙකම දැරූ උත්සාහයන් සාර්ථක වූයේ නැත.

දෙවන අර්ධයේ දී Atletico ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන්නට යොමුවීමත් සමඟ ඔවුන්ට ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථකව අවසන් කරගන්නට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් එහි දී Atletico ක්‍රීඩක Renan Lodi ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවකට Alvaro Morata හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමුකිරීමත් සමඟ වාර්තා වූ ගෝලය ඔවුන්ට තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නට ප්‍රමාණවත් විය. 

සම්පූර්ණ කාලය: Atletico Madrid 01 – 00 Bayer 04 Leverkusen 

ගෝල ලාභීන් 

  • Atletico Madrid – Alvaro Morata 78’

සුජාන්ගේ දක්‍ෂතා හමුවේ ශ්‍රී ලංකාවෙන් තවත් දුර්වල තරගයක්

2022 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය හා………

Fodenගේ රතු කාඩ්පත හමුවේ වුවද Manchester Cityට විශිෂ්ට ජයක්

එංගලන්තයේ Manchester City ක්‍රීඩා සමාජය සහ ඉතාලියේ Atalanta ක්‍රීඩා සමාජය අතර ‘C’ කාණ්ඩය යටතේ පැවති තරගයෙන් Manchester City ගෝල 5-1ක පහසු ජයක් හිමිකර ගන්නට සමත් විය. 

Manchester City ක්‍රීඩක Fernandinho විසින් Josip Ilicic හමුවේ සිය ගෝල රාමු කලාපය තුළ සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් පිරිනැමුණු දඬුවම් පහර සාර්ථක කර ගත් Ruslan Malinovskiy විසින් තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබීය.

කෙසේ නමුත් අනතුරුව ක්‍රියාත්මක වූ Sergio Aguero පිට පිට ගෝල ද්විත්වයක් වාර්තා කරගනිමින් Manchester City තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. 

පසුව ක්‍රියාත්මක වූ Raheem Sterling දෙවන අර්ධයේ දී මිනිත්තු 12ක කාලයක් තුළ ගෝල ත්‍රිත්වයක් වාර්තා කර ගනිමින් Manchester City ඉතා ප්‍රබල තත්වයකට ඔසවා තබන්නට සමත් විය. 

ඒ අතරතුර Atalanta ක්‍රීඩක Remo Freuler ගෝලයක් වාර්තා කරගැනීමට සමත් වුවත් එහි දී ‘offside’ නීතිය උල්ලංඝනය වූ බවට විනිසුරුවරයා සංඥා කිරීමත් සමඟ එම ගෝලය ඔවුන්ට පිරිනැමුණේ නැත. 

අනතුරුව 82 වැනි මිනිත්තුවේ දී Manchester City ක්‍රීඩක Phil Foden හට නිකුත් වූ දෙවන කාඩ්පතත් සමඟ එය රතු කාඩ්පතක් බවට පරිවර්තනය වීමෙන් ඔහුට පිටියෙන් ඉවත්ව යන්නට සිදු වූවත් එහි දී ඔවුන් තරගයෙන් පහසු ජයග්‍රහණයක් සටහන් කරගන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: Manchester City 05 – 01 Atalanta

ගෝල ලාභීන් 

  • Manchester City – Sergio Aguero 34’, 38’ (P), Raheem Sterling – 58’, 64’, 69’
  • Atalanta – Ruslan Malinovskiy 28’ (P) 

Kroos විසින් Real Madridට ජය ගෙනෙයි

ස්පාඤ්ඤයේ Real Madrid ක්‍රීඩා සමාජය සහ තුර්කියේ Galatasaray ක්‍රීඩා සමාජය අතර ‘A’ කාණ්ඩය යටතේ පැවති තරගය අවසන් වූයේ Real Madrid ක්‍රීඩකයින් ඉන් ගෝල 1-0ක තියුණු ජයක් හිමිකර ගනිමිනි.

Real Madrid ක්‍රීඩක Eden Hazard විසින් පන්දුව ඉදිරියට රැගෙන එමින් එය ගෝල රාමු කලාපයට යොමුකළ අතර එහිදී Karim Benzema හට එය මඟහරුණත් එය ලබාගත් Toni Kroos එල්ල කළ පහර ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ වැදී ගෝල රාමුව තුළට යොමුවීමෙන් තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා විය. 

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් හට ගෝල වාර්තා කරගැනීමට පහසු අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථකව අවසන් කරගන්නට සමත් වූයේ නැත. 

ඒ අනුව Real Madrid මෙහි දී ගෝල 1-0ක ජයක් වාර්තා කරගනිමින් මෙවර මෙම තරගාවලියේ පළමු ජයග්‍රහණයට හිමිකම් කියන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: Real Madrid 01 – 00 Galatasaray

ගෝල ලාභීන් 

  • Real Madrid – Toni Kroos 18’  

Mbappe වීර ක්‍රියා නැවතත්

ප්‍රංශයේ Paris Saint-Germain (PSG) ක්‍රීඩා සමාජය සහ බෙල්ජියමේ Club Brugge කණ්ඩායම අතර ‘A’ කාණ්ඩය යටතේ පැවති තරගය අවසන් වූයේ PSG ක්‍රීඩකයින් ඉන් ගෝල 5-0ක පහසු ජයක් හිමිකර ගනිමිනි.

ආරම්භයේ පටන් අවසානය දක්වාම තරගයේ පාලනය තමන් සතුව රඳවා ගන්නට සමත් වූයේ ප්‍රබල PSG ක්‍රීඩකයින් ය. එහි දී පළමු අර්ධයේ වාර්තා වූ එකම ගෝලය Mauro Icardi විසින් වාර්තා කර ගනු ලැබූ අතර ඔහු දෙවන අර්ධයේ දී තවත් ගෝලයක් තම නම ඉදිරියේ සටහන් කරගන්නට සමත් විය.

කෙසේ නමුත් ප්‍රතිවාදී ආරක්‍ෂක ක්‍රීඩකයින් හට ප්‍රබල අභියෝගයක් වූ ආදේශක ක්‍රීඩක Kylian Mbappe විසින් එහි දී ඉතා විශිෂ්ට ක්‍රීඩා විලාශයක් දියත් කරමින් අගනා ගෝල ත්‍රිත්වයක් වාර්තා කරගනිමින් සිය හැකියාවන් විදහා දක්වමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: Paris Saint-Germain 05 – 00 Club Brugge

ගෝල ලාභීන් 

  • Paris Saint-Germain – Mauro Icardi 7’, 63’, Kylian Mbappe 61’, 79’, 83’

Manchester City හා Chelseaට පහසු ජයග්‍රහණ

එංගලන්ත ප්‍රිමියර් …….

අළු මතින් නැගිටි Tottenham නැවතත් ජයග්‍රහණ මාවතට

පසුගිය සතියේ තරගයේ දී Bayern Munich හමුවේ ගෝල 7-2ක නින්දා සහගත පරාජයකට මුහුණ දුන් එංගලන්තයේ Tottenham Hotspur නැවතත් දක්‍ෂතා අතරට පැමිණෙමින් ඊයේ සර්බියාවේ Crvena Zvezda ක්‍රීඩා සමාජය හමුවේ ‘B’ කාණ්ඩය යටතේ පැවති තරගයෙන් ගෝල 5-0ක ජයග්‍රහණයක් සනිටුහන් කරගන්නට සමත් විය. 

තරගය පුරාවට සිය ආධිපත්‍ය රඳවා ගත් Tottenham ක්‍රීඩකයින් ප්‍රතිවාදී ආරක්‍ෂක ක්‍රීඩකයින් එල්ල කළ අභියෝගය ඉතා පහසුවෙන් මැඩලන්නට සමත් විය. 

එහි දී Harry Kane සහ Son Heung-min ගෝල ද්විත්වය බැගින් වාර්තා කරගනිද්දී, Erik Lamela එක් ගෝලයක් වාර්තා කරගනිමින් Tottenham හට මෙම තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර දුන්නේ නැවතත් කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන එමිනි. 

සම්පූර්ණ කාලය: Tottenham Hotspur 2 – 0 Crvena Zvezda

ගෝල ලාභීන් 

  • Tottenham Hotspur – Harry Kane 9’, 72’, Son Heung-min 16’, 44’, Erik Lamela 57’

Juventus හඹා යාම සාර්ථකයි

ඉතාලියේ Juventus ක්‍රීඩා සමාජය සහ රුසියාවේ Lokomotiv Moscow ක්‍රීඩා සමාජය අතර ‘D’ කාණ්ඩය යටතේ පැවති තරගයෙන් Juventus ක්‍රීඩකයින් තියුණු ජයක් වාර්තා කරගන්නට සමත් විය.

තරගයට සාර්ථක ආරම්භයක් ලබාගත් Lokomotiv ක්‍රීඩකයින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය. Joao Maria එල්ල කළ පහරක් Juventus ගෝල රකින ක්‍රීඩක Wojciech Szczesny විසින් නවතාලීමෙන් අනතුරුව එය Aleksei Miranchuk වෙත යොමු වූ අතර ඔහු පහසුවෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමු කිරීමෙන් එම ගෝලය වාර්තා විය. 

අනතුරුව තරගයේ අවසාන මිනිත්තු කිහිපය දක්වාම කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගන්නට පහසු අවස්ථාවන් හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් පසුව ක්‍රියාත්මක වූ Paulo Dybala මිනිත්තු දෙකක කාලයක් තුළ ගෝල ද්විත්වයක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් විය. 

එහි දී පළමු ගෝලය Juan Cuadrado ලබා දුන් පන්දුවක් Dybala විසින් ගෝල රාමු කලාපයේ අන්තයේ සිට ඉතා විශිෂ්ට ලෙස ගෝල රාමුව තුළට යොමුකරමින් සහ දෙවන ගෝලය Alex Sandro එල්ල කළ පහරක් Guilherme Marinato නවතාලීමෙන් අනතුරුව Dybala වෙත යොමුවීමත් සමඟ ඔහු එය පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකිරීමෙන් වාර්තා විය. 

ඒ අනුව තියුණු තරගයකින් අනතුරුව Juventus ක්‍රීඩකයින් මෙම තරගයෙන් ගෝල 2-1ක ජයග්‍රහණයක් හිමිකරගනු ලැබීය. 

සම්පූර්ණ කාලය: Juventus 2 – 1 Lokomotiv Moscow

ගෝල ලාභීන් 

  • Juventus – Paulo Dybala 77’, 79’
  • Lokomotiv Moscow – Aleksei Miranchuk 30’   

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<