නාවික‍ සිහින ගුවනේ‍ පාවී‍ යයි‍

255

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයත් එක්ව 31 වැනි වතාවටත් සංවිධානය කරන ලද “තරුණසේවා රූපවාහිනී වොලිබෝල් තරගාවලියේ” සුපර් ලීග් අංශයේ කාන්තා අවසන් තරගය ඊයේ (16) මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

එහි දී තරග වට 3/0ක් ලෙස ශූරතාවය දිනා ගන්නට ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.

දෙ‍ව‍ර‍ක්‍ ඇ‍ණ‍හි‍ටි වි‍දු‍ලි‍බ‍ල‍ය හා‍ තෙ‍ව‍ර‍ක්‍ පැ‍ර‍දු‍ණ යු‍ධ‍ බ‍ල‍ය‍

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයත් එක්ව 31 වැනි වතාවටත් සංවිධානය කරන ලද “තරුණසේවා රූපවාහිනී…

 පළමු වටය 

තරගය ආරම්භයේ ප‍ට‍න්‍ ම‍නා‍ සං‍ය‍ම‍ය‍කි‍න්‍ ක්‍රීඩා‍ ක‍ර‍මි‍න්‍ ලකුණු 8–6ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූයේ ගුවන් හමුදා කණ්ඩායමයි. ගුවන් හමුදා ප්‍රහාරිකාවන්ගේ පහර කිහිපයක්ම නා‍වි‍ක‍ හ‍මු‍දා‍ ක‍ණ්‍ඩා‍ය‍මේ‍ කවී‍ෂා‍ ල‍ක්‍ෂා‍නි‍ගේ‍ හා‍ නෙ‍ළු‍ම්‍ ප්‍රි‍ය‍ද‍ර්ශනී‍‍ගේ‍ ආවරණවලට හසුවුවද එය වහා අවබෝධ කර ගත් ගුවන් හ‍මු‍දා‍ ක්‍රීඩිකාවෝ  ඉ‍න්‍ අ‍න‍තු‍රු‍ව‍ දැලෙන් මදක් ඈතින් සිට ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබුණි.

ත‍ම‍ ක්‍රීඩා‍ රි‍ද්‍ම‍ය‍ එ‍ක‍සේ‍ ප‍ව‍ත්වා‍ ග‍ත්‍‍ ගුවන් හමුදා කණ්ඩායම ත‍ම‍ ප්‍ර‍හා‍රි‍කා‍ව‍න්‍ ව‍න අ‍නු‍ත්‍ත‍රා‍ ස‍ඳ‍මා‍ලි‍ගේ‍ ස‍හ‍ අ‍මා‍නි‍ කෞ‍ෂ‍ල්‍යා‍ගේ ප්‍ර‍හා‍ර‍ව‍ලි‍න්‍ ලකුණු‍ රැ‍ස්‍ ක‍ර‍මි‍න්‍ පිළිවෙළින් ලකුණු 12-8ක් හා 18-13ක් ලෙස තරගයේ පෙරමුණ ගත් නමුත් තරග වටයේ අවසානයට ළඟා වෙත්ම ත‍ර‍ගය‍ උණුසුම් සටනක් බවට පත්වූ‍යේ‍ නාවික හමුදා කණ්ඩායමේ දි‍ල්‍කා‍ ල‍ක්‍චා‍නි‍ ස‍හ‍ කවී‍ෂා‍ ල‍ක්‍ෂා‍නි‍ දක්ෂ පන්දු ප්‍රහාරයන් ම‍ඟි‍න්‍ ලකුණු රැස් කිරීමෙන් අනතුරුවයි. ලකුණු තත්ත්වය 24-24ක් ලෙස සම මට්ටමකට ගෙන ඒමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූ නමුත් එම තත්ත්වය මැනවින් පාලනය කරගෙ‍න‍ අ‍ව‍ශ්‍ය‍ මො‍හො‍ත‍ක‍‍ ප්‍ර‍හා‍ර‍ය‍ක්‍ එ‍ල්‍ල‍ ක‍ර‍මි‍න්‍ අමා‍නි‍ කෞ‍ෂ‍ල්‍යා‍ තරගය නැවත තම කණ්ඩායමට දෙසට හරවාග‍ත්‍ අ‍ත‍ර‍ ගු‍ව‍න්‍ හ‍මු‍දා‍ ක‍ණ්‍ඩා‍ය‍ම‍ එම වටය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ලකුණු 27-25ක් වශයෙනි.

වොලිබෝල් වික්‍රමාන්විතය; මාරවිල අභිමානය සාන්ත සේවියර් විදුහල

ඒ 2010 වසරයි. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ කප් ගැසූ පුත්තලම දිස්ත්‍රික්කයට අලුතෙන් පාසලක් එක් වූ වසරයි. පාසල මාරවිල සාන්ත සේවියර් විද්‍යාලයයි.

 දෙවන වටය 

පළමු තරග වටයේ ලබාගත් වාසිය එලෙසම රඳවා ගෙන පිළිවෙළින් ලකුණු 12-8ක් හා 19-14ක් ක් ලෙස තරගයේ ඉදිරියට ඇදුණු ගුවන් හමුදා කණ්ඩායම දෙ‍ව‍න‍ ව‍ට‍යේ‍ දී‍ පසුපස කලාපයේ සිට එල්ල කළ ප්‍රහාරවලින් වැඩි වශයෙන් ලකුණු රැස් කරනු දක්නට ලැබුණි.

ත‍ර‍ග ව‍ට‍යේ‍ අ‍ව‍සා‍න‍ භා‍ග‍යේ‍ දී‍ නා‍වි‍ක‍ හමුදා ක්‍රීඩිකා නි‍ල‍න්‍ති‍කා‍ සං‍ජී‍ව‍නී‍ පිට පිටම ප්‍රහාර තුනක් එල්ල කරමි‍න්‍ ලකුණු රැස් කළ ද ඉ‍න්‍ ප‍න්‍න‍ර‍ය‍ක්‍ ල‍බා‍ ගැ‍නී‍ම‍ට‍ නා‍වි‍ක‍ සෙ‍බ‍ලි‍ය‍න්‍ට‍ ඉ‍ඩ‍ක්‍ නො‍තැ‍බූ‍ ගු‍ව‍න්‍ සෙ‍බ‍ලි‍යෝ‍ තමා ලබාගත් වාසිය තරගය අවසාන වන තෙක්ම රඳවා ගෙන දෙවන වටයත් ජයග්‍රහණය ක‍ර‍න්‍න‍ට‍ සමත් වූයේ ලකුණු 25-23ක්‍ වශයෙනි.

 තුන්වන වටය 

තුන්වන වටය ආරම්භයේ නැවත තරගයට පිවිසීමට උත්සාහ කළ නාවික හමුදා කණ්ඩායම පිළිවෙළින් ලකුණු 8-4ක් 14-9ක් හා 19-18ක් ලෙස පෙරමුණ ගන්නා ලදි. නමුත් එතැන් පටන් යළි තම සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වූ ගුවන් හමුදා කණ්ඩායම තුන්වන වටයේ පළමු වරට ලකුණු 22-21ක් ලෙස ඉදිරියට පැමිණියේ ති‍ළි‍ණි‍ සෙ‍ව්‍ව‍න්දි‍ගේ අගනා පන්දු පිරිනැමීමකින් ලකුණු ලබා ගනිමින්ය.

එතැන් පටන් තරගය දෙපසට දෝලනය වීම ඇරඹුනේ පසුගිය දා නිමා වූ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සහ යුධ හමුදා කාන්තා කණ්ඩායම අතර මන්චි සුපර් ලීග් අවසාන මහා තරගයේ අවසන් වටය ප්‍රේක්ෂකයන්ට යළි සිහිගන්වමිනි. ලකුණු 21-21ක් තත්ත්වයේ සිට ලකුණු 32-32ක් වනතෙක්ම පහරට පහර එල්ල කරමින් ලකුණට ලකුණ ලබා ගනිමින් කණ්ඩායම් දෙකම අතිශය උද්වේගකර තරග රටාවක නිරත විය. එ‍හි‍ දී‍ ගු‍ව‍න්‍ හ‍මු‍දා‍ ක‍ණ්‍ඩා‍ය‍මේ‍ හ‍සි‍නි‍ ම‍ල්‍ෂා‍ හා‍ අ‍මා‍නි‍ කෞ‍ෂ‍ල්‍යා‍ගේ‍ ස‍හ‍ නා‍වි‍ක‍ හ‍මු‍දා‍ ක‍ණ්‍ඩා‍ය‍මේ‍ නි‍මා‍ෂා‍ සෙ‍ව්‍ව‍න්දි‍ගේ‍ ද‍ස්‍ක‍ම්‍ කැ‍පී‍ පෙ‍නු‍නි‍.

ගුවන් ප්‍රහාරයෙන් යුධ හමුදාවට බරපතළ හානි

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ කාන්තා ආධිපත්‍යය තමා සතු බැව් යළිත් වරක් සනාථ කරමින් අද දින (18) පැවැත්වූ මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් තරගාවලියේ කාන්තා…

නමුත් අවසානයේ ලකුණු 34-32ක් ලෙස තුන්වන වටය ද ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ගුවන් හමුදා කණ්ඩායමයි.

සමස්ත තරග ප්‍රතිඵලය – ගුවන් හමුදා කණ්ඩායම තරග වට 3/0ක්  ලෙස අවසන් මහා තරගය ජයග්‍රහණය කරන ලදි.

විශේෂ දක්ෂතා

  • හොඳම පන්දු පිරිනමන්නිය – එ‍ම්‍. පි‍යු‍මා‍ලි‍ (ගු‍ව‍න්‍ හ‍මු‍දා‍ ක්‍රී‍ඩා‍ ස‍මා‍ජ‍ය‍)
  • හොඳම පන්දු භාරගන්නිය –  ස‍ජි‍නි‍ මේ‍නු‍කා‍ හේ‍ර‍ත්‍ (නා‍වි‍ක‍ හ‍මු‍දා‍ ක්‍රී‍ඩා‍ ස‍මා‍ජ‍ය‍)
  • හොඳම පන්දු සකසන්නිය –  ස‍චි‍නි‍ චා‍රු‍කා‍ (ගු‍ව‍‍න්‍ හ‍මු‍දා‍ ක්‍රී‍ඩා‍ ස‍මා‍ජ‍ය‍)
  • හොඳම ප්‍රහාරිකාව – අ‍නු‍ත්‍ත‍රා‍ ස‍ඳ‍මා‍ලි‍ (ගු‍ව‍න්‍ හ‍මු‍දා‍ ක්‍රී‍ඩා‍ ස‍මා‍ජ‍ය‍)
  • හොඳම පන්දු වළක්වන්නිය – ක‍වී‍ෂා‍ ල‍ක්‍ෂා‍නි‍ පෙ‍රේ‍රා‍ (නා‍වි‍ක‍ හ‍මු‍දා‍ ක්‍රී‍ඩා‍ ස‍මා‍ජ‍ය‍)
  • හොඳම ආරක්ෂිකාව – න‍දු‍නි‍  නි‍මං‍ස‍ලා (ගු‍ව‍න්‍ හ‍මු‍දා‍ ක්‍රී‍ඩා‍ ස‍මා‍ජ‍ය‍)
  • සියලු අංශවලින් දක්ෂතම ක්‍රීඩිකාව – අ‍මා‍නි‍ කෞ‍ෂ‍ල්‍යා‍ (ගු‍ව‍න්‍ හ‍මු‍දා‍ ක්‍රී‍ඩා‍ ස‍මා‍ජ‍ය‍)

කණ්ඩායම්

  • තෙවන ස්ථානය –  යු‍ධ‍ හ‍මු‍දා‍ ක්‍රී‍ඩා‍ සමා‍ජ‍ය‍
  • අනුශූරතාවය – නා‍වි‍ක‍ හ‍මු‍දා‍ ක්‍රී‍ඩා‍ ස‍මා‍ජ‍ය‍
  • ශූරතාවය – ගු‍ව‍න්‍ හ‍මු‍දා‍ ක්‍රී‍ඩා‍ ස‍මා‍ජ‍ය‍

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<