සත්කාරක ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජුලි 16 වැනිදා (අද) ආරම්භ වනවා.
මෙම තරග ද්විත්වය ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ලෙසින් ක්‍රියාත්මක අතර දෙරටේ ක්‍රීඩකයෝ මේ තරගාවලිය වෙනුවෙන් හමුවෙන්නේ පළමු වතාවටයි.
එම තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් ටෙස්ට් තරග 8කට සහභාගී වී තරග 4ක් ජයග්‍රහණය කරමින් තරග 3ක් පරාජය වී තරගයක නොවිසඳුණු තීරණයක් සමඟ තෙවැනි ස්ථානය ලබා සිටින අතර පාකිස්තානය තරග 7කට ක්‍රීඩා කර ඇති අතර තරග 3ක් ජයග්‍රහණය කරමින් තරග දෙකක් පරාජය වී ඉතිරි තරග 2 ජය පරාජයෙන් තොරව අවසන් කරමින් සිව්වැනි ස්ථානය ලබා සිටී.
වර්තමාන ටෙස්ට් තත්ත්වය අනුව ශ්‍රී ලංකාව, පාකිස්තානයට වඩා ඉදිරියෙන් සිටිය ද, ඉතිහාස දක්ෂතා දක්වන්නේ පාකිස්තානයට ප්‍රමුඛතාව ලබා දෙමින්.
එහි පළමුවැන්න වන්නේ මෙතෙක් දෙරට අතර පැවති තරග 55න් තරග 20ක් පාකිස්තානය ජයග්‍රහණය කරද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 16ක් පමණක් වීමෙන්. තරග 19ක් ජය පරාජයෙන් තොරව අවසන් ව තිබෙනවා.
එමෙන් ම දෙරට අතර අවසන් වරට පැවති ටෙස්ට් තරගාවලියේ ද ජයග්‍රහණය සතු වෙන්නේ පාකිස්තානයට. ඒ 2019 වසරේ දී පාකිස්තානයේ දී පැවති තරග 2කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙසින් නිමා කරමින්.
- පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
- ලසිත් කෘෘස්පුල්ලේගෙන් තුන් ඉරියව් දක්ෂතා
- අර්බුද මැද ආසියානු කුසලානය පවත්වන්න SLC සූදානමින්
- ජ්‍යේෂ්ඨයින් කණ්ඩායමේ වගකීම ගන්නවා – ශ්‍රී ලංකා සහය පුහුණුකරු
- පෙරළිකාර ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ ඉහළට
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් වරට මෙරට දී ටෙස්ට් තරගාවලියක් පවත්වා ඇත්තේ 2015 වසරේ දී. තරග 3කින් යුත් එම තරගාවලියේ දී පාකිස්තානය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කරනවා.
මේ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවසන් වරට පාකිස්තානය සමග තරගාවලියක් ජයග්‍රහණය කරන්නේ 2017 වසරේ ඩුබායි හි පැවති තරග 2කින් යුත් තරගාවලියෙන් 2-0ක් ලෙසින් ජය ගනිමින්. එහි මෙරට නායකත්වයේ කටයුතු කරන්නේ දිනේෂ් චන්දිමාල්.
එකී වාර්තාවන් සමඟින් ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගී වන විට පාකිස්තානය තම අවසන් තරග 5 නිමා කරන්නේ පරාජ – විසඳුමක් නැති – විසඳුමක් නැති – ජය සහ ජය ලෙසින් 2-1කින් ඉදිරියෙන් සිටිමින්. එහි ශ්‍රී ලංකා ලැයිස්තුව සැකසෙන්නේ ජය – පරාජ – ජය – විසඳුමක් නැති සහ පරාජ ලෙසින් 2-2ක් ලෙසිනුයි.
ඒ කෙසේ වෙතත් මේ සියලු දේ සමඟින් ශ්‍රී ලංකා – පාකිස්තාන කඩුලු පන්දු ගැටුමේ නිරත වන්නන් එදිනෙදා පිටියේ දී සිදු කරන සිදූවීම් පෙර පරිදි ම දෙරට ක්‍රිකට් ඉතිහාසයට එක් වෙනු ඇත.
ශ්‍රී ලංකා සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, විශ්ව ප්‍රනාන්දු, ඔෂඳ ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, ඩිල්ශාන් මධුශංක, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කසුන් රාජිත, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ
දිනේෂ් චන්දිමාල්

ඊට තවත් හේතු වන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමුවැන්නා බවට ද පත් වීමයි. මෙම ඉනිමත් සමඟින් චන්දිමාල් මේ වන විට ටෙස්ට් තරග 68කට ක්‍රීඩා කරමින් ලකුණු 4665ක් රැස් කර ගෙන සිටිනවා. ඉන් ලකුණු 653ක් ලබා ගන්නේ පාකිස්තානයට එරෙහිවයි. ඒ තරග 11කට ක්‍රීඩා කරමින්.
ප්‍රභාත් ජයසූරිය

ඊට තවත් හේතු වන්නේ ගාල්ල ක්‍රීඩාංගණයේ දී පෑ ඔහුගේ දක්ෂතාවන්. ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයේ දී ඔහු ලකුණු 171කට ලබා ගත් කඩුලු 12 ලැයිස්තු ගත වෙන්නේ මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත් ට පසුවයි.
දිමුත් කරුණාරත්න

ආරම්භක පිතිකරු ලෙසින් වඩාත් වගකීම් සහිත පිතිකරු භූමිකාව යෙදෙන දිමුත් තම අවසන් ටෙස්ට් ඉනිම් 10 දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 423ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය 47.0ක්.
ඇන්ජලෝ මැතිව්ස්

මේ වෙද්දී තරග 98ක දී ලකුණු 6867ක් ලබා සිටින මැතිව්ස් තම අවසන් ටෙස්ට් ඉනිම් 10 නිමා කර ඇත්තේ ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 530ක් ලබා ගනිමින්. එහි සාමාන්‍ය 75.71ක්.
පාකිස්තානයට එරෙහිව තරග 19කට ක්‍රීඩා කර ඇති මැතිව්ස් ශතක 2ක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 1372ක් ලබා සිටින අතර එය මැතිව්ස් විසින් රටකට එරෙහිව ලබා ඇති ඉහළ ම ලකුණු එකතුව ද වෙනවා.
පාකිස්තාන සංචිතය: Babar Azam (නායක), Abdullah Shafique, Agha Salman, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Rauf, Hasan Ali, Imam-ul-Haq, Mohammad Nawaz, Mohammad Rizwan, Naseem Shah, Nauman Ali, Sarfaraz Ahmed, Saud Shakeel, Shaheen Shah Afridi, Shan Masood, Yasir Shah
Babar Azam

ඔහුගේ අවසන් ටෙස්ට් තරග 5 ඉනිම් 8 දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 489ක් එහි ඉනිමක සාමාන්‍ය 69.85ක්. මේ ඉනිම් අතර ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 196 ද ඇතුළත්.
ඒ උණුසුමේ ම මෙරට ට පිවිසි Babar Azam ගාලු පිටියේ දී තම රැඟුම් රඟන්නට දෙවරක් නොසිතනු ඇත.
Babar Azam ශ්‍රී ලංකාවට එරෙහිව තරග 4ක ඉනිම් 7ක දී නොදැවී රැස් කරන ලද ශතක දෙකක් සමඟින් වන ලකුණු සංඛ්‍යාව 301ක්. ඒ සියලු ඉනිම් එතෙර දී වාර්තා කරනු ලැබූ ඒවා වන අතර මෙතෙක් ඔහුට මෙරට තණතිලි තුළ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබී නැහැ.
කෙසේ වෙතත් මේ දක්වා Babar Azam තරග 11කට නායකත්වය ලබා දෙමින් ඉන් තරග 7ක් ජයග්‍රහණය කිරීමටත් සමත් වෙන්නේ තරග 2ක් ජය පරාජයෙන් යුතුව අවසන් කරමින්. ඉතිරි තරග දෙක පරාජිත තරග ගොඩට වැටෙනවා. කෙසේ වෙතත් මෙම දත්ත ප්‍රතිශතයක් ලෙසින් ගත් කළ 63.63%ක් වන අතර එය මෑත කාලීන පාකිස්තාන නායකයන් අතර ඉහළින් ම වැජඹීමට හේතු වී තිබෙනවා.
Azhar Ali

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව තරග 16ක දී ශතක 6ක් සමඟින් ලකුණු 1310ක් ද තිබෙනවා.
අවසන් ටෙස්ට් තරග 5 දී ශතකයක්, අර්ධ ශතක දෙක සමඟින් ලකුණු 380 ලබා සිටින ඉදිරි පෙළ ආරක්ෂාකාරී පිතිකරුවෙක් වන Azhar Ali වහා ක්‍රීඩාගාරයට යැවිය යුතු ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකියි.
Yasir Shah

ගාල්ල ක්‍රීඩා පිටියේ දී ලකුණු 76කට ලබා ගත් කඩුලු 7 Yasir Shahගේ ටෙස්ට් තරග දිවියේ හොඳම දක්ෂතා අතර දෙවැනි ස්ථානයේ රැඳී තිබෙනවා. ඒ මීට වසර 7කට පෙර 2015 වසරේ දී පෑ දක්ෂතාවක්.
ආබාධිත තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඈත්ව සිටි Yasir Shah ටෙස්ට් තරගාවලියක් හා එක් වෙන්නේ වසරකට පමණ පසුවයි. ඔහු අවසන් වරට සහභාගී වී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තුවේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි.
කෙසේ වෙතත් ඔහු මෑත කාලීනව ක්‍රීඩා කළ අවසන් තරග 10 දී කඩුලු 23ක් ලබා ගැනීමට සමත් වෙනවා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම හා පැවති තරගයේ දී ඔහුට එතරම් ම දක්ෂතා අතරට පැමිණීමට හැකි වූයේ නැහැ.
- පළමු ටෙස්ට් තරගය – ජුලි 16 – 20 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
- දෙවැනි ටෙස්ට් තරගය – ජුලි 24 – 28 කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී
මෙම තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















