ප්‍රබලයින් සිටියත් ක්‍රීඩාවේ උද්යෝගය පවත්වා ගන්නා සිංහ දස්කම්

137

2019 ලෝක කුසලාන ශූරයන් වූයේ එංගලන්තයයි. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම කණ්ඩායම ලෙස ඉන්දියාව සැලකිය හැක. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි වත්මන් ක්‍රිකට් දැවැන්තයන් හමුවේ ක්‍රිකට් ක්‍රීඩාව තවත් උද්වේගකර කිරීමට සමත් කණ්ඩායමක් වේ නම් ඒ ශ්‍රී ලංකාවය. 

ශ්‍රී ලාංකිකයින්, මාර්ටින් ක්‍රෝ එවරස්ට් මුදුනින් බිම හෙළයි

“එය එවරස්ට් කන්ද මුදුනටම නැග අවසන් අඩි කිහිපයේ දී මස්පිඩු පෙරළීමකට ලක්වුණා වගේ …

1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ සිට ලෝක ක්‍රිකට් ගමන් මඟ වෙනස් කිරීමට සමත් වන ශ්‍රී ලංකා කණ්ඩායම 2019 වසරේ දී දැක්වූ දක්ෂතා ක්‍රිකට් ලෝකය උඩු යටිකුරු කිරීමට සමත් විය. මේ 2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ එවන් දක්ෂතා පිළිබඳව කෙරෙන විමසීමකි. 

කුසල් පෙරේරාගේ මැජික්

කුසල් පෙරේරා, ශ්‍රී ලාංකීය ප්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරියගේ ආගමනය ලෙස සැලකේ. 2019 වසර ආරම්භ වන විට කුසල් පෙරේරා ටෙස්ට් ශතක එකක් පමණක් වාර්තා කර තිබුණි. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය. 

දකුණු අප්‍රිකාව සමඟින් පැවති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වැනි ඉනිමේ දී එල්ල වූ ඉලක්කය 304කි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 226ක් ලබා සිටි මොහොතක පිටියේ එක්වූ විශ්ව ප්‍රනාන්දු හා කුසල් පෙරේරා නොබිඳුණු ලකුණු 78ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේ එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි. 

කුසල් පෙරේරා නොදැවී වාර්තා කළ ලකුණු 153 ලෝක ටෙස්ට් ඉතිහාසයේ හොඳම ඉනිම ලෙස සැලකේ. 

ශතක මැෂිමේ හොඳම ඉනිම නිසා ඉන්දියාවට වාර්තාගත ජයක්!

සුපිරි පිතිකරු විරාත් කෝලි වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකය හේතුවෙන් දකුණු අප්‍රිකානුවන්ට… 

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නවක දඟපන්දු ‍යවන්නෙකු යොදා ගත් අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දෙදෙනාම ක්‍රීඩා කර තිබුණේ ටෙස්ට් තරග 5කට අඩු ප්‍රමාණයකි. ඇන්ජලෝ මැතිව්ස් ද ආබාධයක් නිසා මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කළේ නැත. 

පළමු ටෙස්ට් තරගය එක් කඩුල්ලකින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේ කඩුලු 8කිනි. ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහිව එරට දී පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගත් තුන්වන කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

මැතිව්ස්ගේ 115kph පන්දුව

ඔබට ඉක්මන් කඩුල්ලක් අත්‍යාවශ්‍ය නම් පන්දු ‍යැවීමට තෝරාගන්නේ කවුද

නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයේ දිමුත් කරුණාරත්නට මෙම ගැටලුවට මුහුණ දීමට සිදු විය. ඔහු තෝරා ගත්තේ මාස 8කින් එකඳු පන්දුවක් හෝ යවා නැති ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහු මාස 8ක් ජාත්‍යන්තර තරගයක හෝ දේශීය තරගයක හෝ පුහුණුවීම් අතරතුර හෝ පන්දු ‍යවා තිබුණේ නැත. අවම ලෙස සිහිනෙන් හෝ පන්දු ‍යවා නොතිබෙන්නට ඇත. 

කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ පන්දුවාර තුනක දී ලකුණු 31කි. කඩුල්ලේ රැඳී සිටියේ නිකලස් පූරාන් ය. තම පන්දු ‍යවන්නන් දක්ෂ ලෙස යොදා ගනිමින් කොදෙව් මුල් කඩුලු කීපය ඉක්මනින් දවා ගත් දිමුත් කරුණාරත්නට අවසන් පන්දුවාර තුන යැවීම සඳහා ඉතිරිව තිබුණේ විකල්ප කීපයක් පමණි. 

නිකලස් මේ වන විට තමාට එල්ල වන සෑම පන්දුවක්ම රොකට් ලෙස හතරේ සීමාවට යොමු කරමින් සිටියේය. එම අවස්ථාවේ දී ඇන්ජලෝ මැතිව්ස් පන්දුවාරයක් යැවීම සඳහා දිමුත්ගෙන් පන්දුව ඉල්ලා සිටියේය. 

මැතිව්ස් පන්දු ‍යැවීමට සූදානම්‍ විය. පහරදෙන්නා ලකුණු 118ක් ලබාගෙන සිටින නිකලස්ය. ඇන්ජලෝ යොමු කළ පන්දුව යෝකරයක් නොවේ. බවුන්සර් පන්දුවක් ද නොවේ. පැයට කිලෝමීටර් 115ක වේගයෙන් යැවූ වයිඩ් සීමාවට ආසන්න පන්දුවකි. පුදුමයකි. නිකලස් පූරාන් කඩුලු රකින්නා හට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. 

ඉන් නොනැවතුනු මැතිව්ස් 50 වැනි පන්දුවාරය ද යැවුවේය. එම පන්දුවාර දෙකටම ඔහු ලබා දී තිබුණේ ලකුණු 6ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 23කිනි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ චන්දික හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කළ අතර කණ්ඩායම යම් ජයග්‍රාහී පසුබිමක් ගොඩනගා ගනිමින් සිටියේය. නමුත් මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබුණේ පුහුණුකරු ලෙස හතුරුසිංහ මහතාට කරන ගෙවීම් අධික බවය. 

කෙසේ වෙතත් හතුරුසිංහ සමඟින් එළඹ ඇති ගිවිසුම මාස 19ක කාලයක් වලංගු වන බැවින් ඔහුගේ ගිවිසුම අවලංගු කිරීමට නම් විශාල වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් නිසි පුහුණුකරුවෙකුගෙන් තොරව ක්‍රීඩා කරයි. 

හෙඩින්ලි වික්‍රමය

ලෝක කුසලාන තරගාවලියට පෙර එංගලන්ත නායක ඔයින් මෝර්ගන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා සිටියේ මෙවර ලෝක කුසලාන සංචිතයේ ‘පුදුම සහගත තෝරාගැනීම’ ජොෆ්රා ආචර් නොව ශ්‍රී ලංකා කණ්ඩායම බවයි. ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වූ ශ්‍රී ලංකා සංචිතය නව ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් යුක්ත විය. එම කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනා සමඟ තමන් ක්‍රීඩා කර නොමැති බවත් මෝර්ගන් පවසා සිටියේය. 

ඉන් සති කීපයකට පසුව ලෝක කුසලානයේ එංගලන්ත – ශ්‍රී ලංකා තරගය පැවති අතර ඔයින් මෝර්ගන්ට දෛවය සරදමට ලක්වීමට එහි දී සිදු විය. එංගලන්ත තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව හමුවේ දරුණු පරාජයන්ට මුහුණ දී තිබූ අතර ඇෆ්ගනිස්තානය හමුවේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය. නියත ජයග්‍රහණයක් ලබා ගැනීමේ අරමුණින් තරගයට පිවිසි එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 232කට සීමා කළේ පහසු ජයග්‍රහණයක් සඳහා මඟ පාදා ගනිමිනි. 

ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකයා වසර 13ක ශතක නියඟයට තිත තබයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ටෙස්ට් නායකයා වන ටිම් පේන් වසර 13කට…

එංගලන්ත ඉනිම විනාශ කිරීම ලසිත් මාලිංග විසින් ආරම්භ කළ අතර ඔහු ජේම්ස් වින්ස්, ජොනී බෙයාස්ට්‍රෝ, ජෝ රූට් හා ජෝස් බට්ලර් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ සීමාවට රැගෙන ගියේය. ධනංජය ද සිල්වා කඩුලු තුනක් දවා ගත් අතර එංගලන්ත කණ්ඩායම ලකුණු 212කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ලොව අංක එකෙ කණ්ඩායම හා ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ඇතැයි තරගාවලියට පෙර සිටම අනාවැකි පල කළ එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබීමට සමත් විය. 

මාලිංගගේ 4න් 4ක්

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ටෙස්ට් තරගාවලියකින් හා විස්සයි විස්ස තරගාවලියකින් සමන්විත විය. ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස නිමා කළ නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස තරගාවලිය තරගයක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට සමත් විය. එම තරගාවලියේ අවසන් තරගය වාර්තා පිට වාර්තා මැවූ තරගයක් විය. 

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත්තේ ලකුණු 125ක් පමණි. පෙර තරග දෙකම වැඩි ලකුණු සංඛ්‍යාවක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට මෙම ලකුණු සංඛ්‍යාව එතරම් අභියෝගයක් නොවන බව පෙනෙන්නට තිබුණි. නමුත් ලසිත් මාලිංග ක්‍රියාත්මක කළ තුන්වැනි පන්දුවාරය ඒ සියල්ල වෙනස් කළේය. 

තුන්වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවෙන් කොලින් මුන්රෝ දවා ගැනීමට මාලිංග සමත් විය. ඒ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. සිව්වැනි පන්දුව හර්මින් රදර්ෆර්ඩ්ට යොමු වූ අතර ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. 

කඩුලු ත්‍රිත්වයක් අභියස සිට පස්වැනි පන්දුව කොලින් ග්‍රැන්ඩ්හොම්ට යොමු කළ මාලිංග ඔහුගේ කඩුල්ල බිඳ දැමීමට සමත් වන්නේ තම ක්‍රිකට් දිවියේ පස්වැනි කඩුලු ත්‍රිත්වය වාර්තා කරමිනි. තුන්වැනි පන්දුවාරයේ අවසන් පන්දුව රොස් ටේලර්ට යොමු විය. දැවී යාමකි! පිට පිට ලබා ගත් සිව්වැනි කඩුල්ල එය විය. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රබලතම පන්දු ‍යැවීම ලෙස එය වාර්තා පොත් අතරට එක්විය. තරගයේ දී පන්දුවාර 4ක් යැවූ මාලිංග ලබා දී තිබුණේ ලකුණු 6ක් පමණි. ඔහු තරගයේ කඩුලු 5ක් බිඳ දමා තිබුණි. 

විස්සයි විස්ස ‍යෝධයන් දණ ගැස්වීම 

2014 විස්සයි විස්ස ලෝක ශූරයන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගවල දී එතරම් සාර්ථක වූයේ නැත. පසුකාලීන පරාජයක් කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානය දක්වා ඇද දැමීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම අසාර්ථකත්වය නිසා එළඹෙන 2020 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇත. 

>>සමුගැනීමේ තීරණය ඔවුන් සතුයි – නව පුහුණුකරු<<

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක් සඳහා එක්වූයේ මේ අතරතුර ය. ටෙස්ට් තරගාවලියක් සඳහා සැලසුම් සකසා තිබුණ ද ආරක්ෂක හේතූන් මත එය එක්දින හා විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවැත්විය. කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා එක්වීම කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් 10 දෙනෙකු ප්‍රතික්ෂේප කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා එක්වූයේ නවක කණ්ඩායමක් සමඟිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කළේ තරග 10කට අඩුවෙන් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන් 7 දෙනෙකු සමඟිනි. වර්තමාන විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ කණ්ඩායම වන පාකිස්තානය පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ක්‍රිකට් විචාරකයන් මවිතයට පත්කරමිනි. 

ඔවුන් පාකිස්තානය පරාජය කළා නොව පාකිස්තානය විනාශ කර දැම්මේය. පළමු තරගය ලකුණු 64කින් හා දෙවන තරගය ලකුණු 35කින් ජයග්‍රහණය කරමින් තරගාවලිය තරගයක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට මේ නවක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

මුල් තරග දෙක ක්‍රීඩා කළ සංචිතයට වෙනස්කම් 5ක් කරමින් තුන්වැනි තරගය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ද ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ලබා ගත් පළමු අවස්ථාව ලෙසිනි. මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ භානුක රාජපක්ෂ මීට පෙර එකඳු ජාත්‍යන්තර තරගයක් හෝ ක්‍රීඩා කර තිබුණේ නැත. 

2019 වසර තවමත් අවසන් නැත. නමුත් මෙම නිමා වූ මාස 10ක කාලය තුල ලෝක ක්‍රිකට් ඉතිහාසය නැවත ලිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<