තවත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමක් ජූලි මාසයේ ශ්‍රී ලංකාවට

පාකිස්තාන ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

491
Pakistan Deaf Cricket team tour of Sri Lanka 2022

විස්සයි විස්ස තරග දෙකකින් සහ එක්දින තරග තුනකින් සමන්විත සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා පාකිස්තාන ​ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

තරග පහකින් යුත් මෙම තරගාවලියේ සියලූම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2018 වසරේ ඉන්දියාවේ පැවති පන්දුවාර විස්ස ​ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වෙන දෙවැනි තරගාවලිය මෙයයි.

ඔවුන් අවසන් වරට 2020 වසරේ ඉන්දීය ​ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරගාවලිය ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

කොරෝනා වසංගතයෙන් පසුව පැවැත්වෙන පළමු ශ්‍රවණාබාධිත ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර මෙය ප්‍රධාන වශයෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට සූදානම් වීමේ අරමුණින් සූදානම් කර තිබෙන තරගාවලියක් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ​ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ජයලත් අපොන්සු මහතාගේ අවාසනාවන්ත වියෝවෙන් පසුව නව පුහුණුකරු ලෙස උෂාන් ගුණරත්න මහතා කටයුතු කරනු ලබනවා.

2018 පැවති ​ශ්‍රවණාබාධිත විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට නායකත්වය දුන් ගිමඳු මැල්කම් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය

ගිමඳු මැල්කම් (නායක), රජිත අසංක, තාරක සම්පත්, ලක්ෂාන් ප්‍රනාන්දු, සුමුදු ලංකා, ශානක වල්ගම, අසංක මංජුල, උදය ලක්මාල්, Alenross Kalep, තරිඳු විමලවීර, දිනුක සචින්, සචිත් පෙරේරා, චාමර ඩිල්ෂාන්, නඳුන් සමීර, එස්. මධුරංග, B. Tharmaseelan

තරගාවලියේ තරග කාලසටහන

විස්සයි විස්ස තරගාවලිය

පළමු විස්සයි විස්ස තරගය ජූලි 4 වැනිදා සවස 2 සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි විස්සයි විස්ස තරගය ජූලි 5 වැනිදා සවස 2 සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

එක්දින තරගාවලිය

පළමු එක්දින තරගය ජූලි 6 වැනිදා උදෑසන 10 සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි එක්දින තරගය ජූලි 8 වැනිදා උදෑසන 10 සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
තෙවැනි එක්දින තරගය ජූලි 9 වැනිදා උදෑසන 10 සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<