ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කරයි

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1148

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා 18 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන කණ්ඩායම පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි සුපිරි පිතිකරු Babar Azam හට හිමිව ඇති අතර වසරකට ආසන්න විවේකයකින් පසුව පා දඟපන්දු යවන ක්‍රීඩක Yasir Shah පාකිස්තාන ටෙස්ට් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

2015 වසරේ පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් ඔහු ටෙස්ට් තරග තුනක් තුළ කඩුලු 24ක් දවා ගැනීමට සමත් වූ අතර තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කෙරුවේ ද පාකිස්තානයයි.

එම තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසාවෙන් ඔහුව මෙවර සංචිතයට ද කැඳවා ඇති අතර ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග්‍රහණය දෙපිලටම ඉතා වැදගත්.

තරගාවලියට නම් කළ පාකිස්තාන සංචිතය,

තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජූලි 16 සිට 20 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර අවසන් තරගය ජූලි 24 සිට 28 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2017 වසරේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගයෙන් පසු ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මෙම තරගාවලියට සහභාගී වන පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම ජූලි 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔවුන් ටෙස්ට් තරගාවලියට පෙර තෙදින පුහුණු තරගයකට ද සහභාගී වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<