පාකිස්තානය හමුවේ සත්කාරක ශ්‍රී ලංකාව අසරණ වේ

444

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය නිමාව දුටුවේ පාකිස්තාන ක්‍රීඩකයින් තරග 3ම ජයග්‍රහණය කරමිනි.

අශාන්ගේ ශතකය වතුරේ යද්දී චන්දි, උඩවත්ත NCC දිනවයි

ශ්‍රී ලංකා ක්‍රිකටි සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මුවර්ස් සහ…….

තරගාවලියේ වීරයා ලෙස මොහොමඩ් රෂීඩ් සම්මාන දිනා ගත් අතර පැවති එක් එක් තරගවල වීරයන් ලෙස රිද්සාට් ඛාන්, බදාර් මුනීර්, මොහොමඩ් රෂීඩ් සම්මාන දිනා ගන්නා ලදි.

ප්‍රථම තරගය

වෙළඳසේවා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දු රැකීමට තීරණය කරන ලදි. පාකිස්තානු ආරාධනයෙන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 216 රැස්කර ගන්නා ලදි. මෙහි දී සමන් කුමාරගේ පිත්තෙන් කණ්ඩායමට ලකුණු 42ක් එක්විය.

ලකුණු 216ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු  දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් කඩුලු දෙකක් දැවී තිබිය දී එම ඉලක්කය හඹා යන ලදි. පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් මොසින් ඛාන් ලකුණු  69ක් රැස් කරගන්නා ලදි.

ශ්‍රී ලංකා – 216 (31.5) සමන් කුමාර 42, කේ. ඒ. සිල්වා 26, රුවන් වසන්ත 21, සුරංග සම්පත් 20, ප්‍රියන්ත කුමාර 20, ෆකාර් ෆබ්බාස් 3/35, බදාර් මුනි 2/45

පාකිස්තානය – 218/2 (18.3) මොසින් ඛාන් 69, බදාර් මුනින් 64*, අයුබ් කාන් 55*, කේ. ඒ. සිල්වා 1/44

සල්පිටි රයිගම් එක්දින කුසලානය 4 වැනි වතාවටත් පිළියන්දලට

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර 5 වැනි වතාවටත් පැවැත්වුණු ‘සල්පිටි රයිගම් කෝරල එක්දින සටන” තරගය ලකුණු 96……

දෙවන තරගය

BRC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දු රැකීමට තීරණය කරන ලදි.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 383ක්  රැස්කර ගත් අතර චමින්ද දේශප්‍රිය ලකුණු 138ක අගනා ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

ලකුණු 383ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් පන්දුවාර 33 දී ඉලක්කය හඹා යන අතර පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් නිසාර් අලී නොදැවී ලකුණු 121ක් රැස්කරන්නට සමත් විය.

ශ්‍රී ලංකා – 383/9 (40) චමින්ද දේශප්‍රිය 138, දිනේෂ් මදුවන්ත 38, රුවන් වසන්ත 30, සමන් කුමාර 24, දමිත් සදරුවන් 21*, මොන්සින් කාන් 2/23, මොහොමඩ් ඉසාස් 1/13

පාකිස්තානය – 384/4 (33.4) නිසාර් අලී 121*, මොහොමඩ් රිශිඩ් 83, රිසාට් කාන් 50, සෆාර් ඉක්බාල් 30*, දමිත් සඳරුවන් 1/38, සුරංග සම්පත් 1/57

මම ක්‍රීඩකයින්ට බාධා කළේ නැහැ. ඔවුන් එකට ඉන්න එක මට ඕන වුනේ – දිමුත්

දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගත් ආසියාවේ ප්‍රථම ක්‍රිකට් කණ්ඩායම ලෙස ඉතිහාසගත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද……

තෙවන තරගය

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් පාකිස්තානු ක්‍රීඩකයින් පන්දුවාර 40ක් තුල කඩුලු 7ක් දැවී ලකුණු 448ක් රැස්කර ගන්නා ලදි.

පිතිකරණයේ දී මොහොමඩ් රෂීඩ් නොදැවී ලකුණු 179ක් රැස්කර ගත් අතර ලකුණු 448ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ට පන්දුවාර 40ක් අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 342ක් පමණි. මෙහි දී දමිත් සඳරුවන්ගේ පිත්තෙන් ලකුණු 107ක් වාර්තා විය.

පාකිස්තානය – 448/7 (40) මොහොමඩ් රෂීඩ් 179*, රිසාට් කාන් 100, බදාර් මුනීර් 29, උපුල් සංජීව 2/68, සුරංග සම්පත් 2/51

ශ්‍රී ලංකා – 342/9 (40) දමිත් සදරුවන් 107, කේ. ඒ. සිල්වා 58, සහන් කුමාර 34, උපුල් සංජීව 27, සමන් කුමාර 24*, මොසීන් ඛාන් 2/47, ඵකාර් අබ්බාස්  2/56

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<