Home Sinhala භානුක, චාමික, ලහිරු සහ අවිශ්ක ශ්‍රී ලංකාවට තරගාවලි ජයක් ගෙනේ

භානුක, චාමික, ලහිරු සහ අවිශ්ක ශ්‍රී ලංකාවට තරගාවලි ජයක් ගෙනේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන සංචාරය 2021

601

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවති තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (9) ඕමානයේ මස්කට් හිදී නිමාවට පත්වුනේ ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කරමිනුයි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත මෙම ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස අවසන් කරන්නට සංචාරක ශ්‍රී ලංකාවට හැකි වුනා.

Al Amerat ක්‍රීඩාංගණයේ දී පැවති අද තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළා. පෙර තරගයට ක්‍රීඩා නුවන් ප්‍රදීප් (ආබාධයක් නිසා) සහ කමිඳු මෙන්ඩිස් වෙනුවට බිනුර ප්‍රනාන්දු සහ චරිත් අසලංක කණ්ඩායමට කැඳවා තිබුණා.

දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – Pathum Nissanka, Dinesh Chandimal(w), Avishka Fernando, Bhanuka Rajapaksa, Charith Asalanka, Dasun Shanaka(c), Chamika Karunaratne, Maheesh Theekshana, Lahiru Kumara, Binura Fernando, Akila Dananjaya
  • ඕමානය – Kashyap Prajapati, Jatinder Singh, Aqib Ilyas, Zeeshan Maqsood(c), Mohammad Nadeem, Ayan Khan, Sandeep Goud, Naseem Khushi(w), Kaleemullah, Fayyaz Butt, Bilal Khan

ශ්‍රී ලංකාවේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕමානය වෙනුවෙන් Jatinder Singh සහ Kashyap Prajapati ඉනිම ආරම්භ කළා.

පෙර තරගයේ මෙන්ම ඕමාන ආරම්භ පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට ඉඩ නොදෙමින් මුළු ලකුණු සංඛ්‍යාව 15 දී Jatinder Singh ලකුණු 5කට පිටියෙන් ඉවත් කිරීමට බිනුර ප්‍රනාන්දු සමත් වුනේ කෙළින්ම පන්දුව කඩුල්ල වෙත යොමු කරමින්.

එම කඩුල්ලෙන් පසු තරමක වේගවත් ප්‍රහාරයක් දියත් කරමින් ඕමාන ලකුණු පුවරුව 36ක් දක්වා ඉහළ දැමීමට Kashyap Prajapati සමත්වූවත්, චාමික කරුණාරත්න යොමු කළ පන්දුවකට ඔහු අතටම උඩපන්දුවක් ලබා දෙමින් ලකුණු 22ට පිටියෙන් ඉවත් වීමට ඔහුට සිදු වුනා.

නමුත් පසුව පිටියට එක්වූ AAqib Ilyas සහ Zeeshan Maqsood වේගවත් ප්‍රහාරයක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව වාර්තා කරමින් පන්දුවාර 9ක් අවසානයේ දී ඕමාන ලකුණු පුවරුව 75ක් දක්වා ඉහළ දැමීමට සමත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක පීඩනයක් එල්ල කරමිනුයි.

බිනුර ප්‍රනාන්දුගේ ප්‍රශංසනීයයි උඩ පන්දු රැකීම හමුවේ ඕමාන් නායක Zeeshan Maqsood ලකුණු 16 (08)කට පිටියෙන් ඉවත් කිරීමට මහීෂ් තීක්ෂණට හැකි වුනේ ඕමාන් ලකුණු පුවරුව 75කට කඩුලු 3ක් බවට පත්කරමිනි.

ඕමාන් ඉනිමේ මැද භාගයේ දී කඩුලු ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමිවූවත්, දුර්වල උඩපන්දු රැකීම් නිසාවෙන් එම අවස්ථා මගහැරී ගියේ ඕමාන කණ්ඩායමට වාසි ගෙන දෙමිනුයි.

එම අවස්ථාවලින් ප්‍රයෝජන ගත් AAqib Ilyas තරගයේ අර්ධ ශතකයක් රැස්කරමින් පන්දු 38ක දී ලකුණු 60ක් රැස්කිරීමට සමත්ව සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට චාමික කරුණාරත්න සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 134ක් වන විටයි.

තරගයේ අවසන් පන්දුවාර ත්‍රිත්වය ලකුණු 19කට සීමා කරමින් ඕමාන් ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 159කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර ඕමානය වෙනුවෙන් AAqib Ilyas ලකුණු 60ක් සහ Kashyap Prajapati ලකුණු 22ක් රැස්කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින් බිඳ හෙළීමට සමත් වූ අතර මහීෂ් තීක්ෂණ, දසුන් ශානක සහ බිනුර ප්‍රනාන්දු අතර කඩුලු එක බැගින් බෙදී ගියා.

ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක සහ දිනේෂ් චන්දිමාල් ඉනිම ආරම්භ කළත්, මුළු ලකුණු සංඛ්‍යාව 25ක් වන විට ලකුණු 18ක් ලබා සිටි චන්දිමාල් දවා ගැනීමට Fayyaz Butt සමත් වුනා.

ශ්‍රී ලංකාවට අමතර පීඩනයක් එක් කරමින් අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි චරිත් අසලංක ලකුණු 5කට දැවී ගියේ Zeeshan Maqsoodගේ පන්දුවකට Fayyaz Butt හට උඩ පන්දුවක් ලබා දෙමිනුයි.

අංක 04 පිතිකරු ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක්ව ලකුණු 47ක සම්බන්ධතායක් පිහිටවූ පැතුම් නිශ්ශංක ලකුණු 26ක් රැස්කර සිටිය දී Kaleemullah හමුවේ දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 87ක් වන විටයි.

මෙතෙක් වේලාවක් ශ්‍රී ලංකාවට විවරව තිබූ තරගය සිය කණ්ඩායම දෙසට හරවා කරගනිමින් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33කට සහ දසුන් ශානක ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට Mohammad Nadeemට හැකි වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 89/5ක් බවට පත් කරමිනි.

ඉන්පසු පිටියේ එක්වූ භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න වගකීම් සහගත ඉනිමක් දියත් කරමින් නොබිඳුණ ලකුණු 74ක සම්බන්ධතාවක් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක ජයකට මෙහෙයවන්නට සමත් වුනා.

භානුක රාජපක්ෂ පන්දු 21ක් තුළ හයේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වූ අතර ඉතා වගකීම් සහගත ඉනිමක් දියත් කළ චාමික කරුණාරත්න හයේ පහර තුනක් සමඟ නොදැවී ලකුණු 35ක් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන සංචාරය ඒ සමඟ නිමාවට පත්වූ අතර මෙම තරගාවලියේ දී ලහිරු කුමාරගේ පන්දු යැවීම සහ අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිකරණ දස්කම් කැපී පෙනුණු අතර ඕමාන කණ්ඩායමේ දස්කම් ද සියලු දෙනාගේ අවධානයට ලක්වුනා.

ලොව පුරා දෙස් විදෙස් කෙළිබිමේ තතු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<


Result


Sri Lanka
163/5 (17.3)

Oman
159/8 (20)

Batsmen R B 4s 6s SR
Jatinder Singh b Binura Fernando 5 12 1 0 41.67
Kashyap Prajapati c & b Chamika Karunaratne 22 19 1 2 115.79
Aqib Ilyas c Dasun Shanaka b Chamika Karunaratne 59 38 3 4 155.26
Zeeshan Maqsood c Binura Fernando b Maheesh Theekshana 16 8 0 2 200.00
Ayaan Khan b Lahiru Kumara 20 26 0 0 76.92
Naseem Khushi b Lahiru Kumara 6 2 0 1 300.00
Sandeep Goud c Avishka Fernando b Dasun Shanaka 12 8 2 0 150.00
Mohammad Nadeem run out () 0 1 0 0 0.00
Fayyaz Butt not out 3 5 0 0 60.00
Kaleemullah not out 1 1 0 0 100.00


Extras 15 (b 5 , lb 5 , nb 0, w 5, pen 0)
Total 159/8 (20 Overs, RR: 7.95)
Fall of Wickets 1-15 (2.6) Jatinder Singh, 2-36 (5.2) Kashyap Prajapati, 3-75 (9.1) Zeeshan Maqsood, 4-134 (16.5) Aqib Ilyas, 5-141 (17.2) Naseem Khushi, 6-142 (17.4) Ayaan Khan, 7-142 (17.5) Mohammad Nadeem, 8-157 (19.4) Sandeep Goud,

Bowling O M R W Econ
Binura Fernando 2 0 9 1 4.50
Lahiru Kumara 4 1 20 2 5.00
Maheesh Theekshana 4 0 24 1 6.00
Chamika Karunaratne 4 0 39 2 9.75
Akila Dananjaya 3 0 33 0 11.00
Dasun Shanaka 3 0 24 1 8.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Kaleemullah 26 29 3 0 89.66
Dinesh Chandimal c Ayaan Khan b Fayyaz Butt 18 8 1 2 225.00
Charith Asalanka c Fayyaz Butt b Zeeshan Maqsood 5 4 4 0 125.00
Avishka Fernando lbw b Mohammad Nadeem 33 18 0 2 183.33
Bhanuka Rajapaksa not out 35 31 0 2 112.90
Dasun Shanaka c Naseem Khushi b Mohammad Nadeem 0 2 0 0 0.00
Chamika Karunaratne not out 35 26 0 3 134.62


Extras 11 (b 1 , lb 3 , nb 3, w 4, pen 0)
Total 163/5 (17.3 Overs, RR: 9.31)
Fall of Wickets 1-25 (2.4) Dinesh Chandimal, 2-40 (4.2) Charith Asalanka, 3-87 (9.2) Pathum Nissanka, 4-89 (10.1) Avishka Fernando, 5-89 (10.3) Dasun Shanaka,

Bowling O M R W Econ
Kaleemullah 3.3 0 31 1 9.39
Bilal Khan 3 0 25 0 8.33
Fayyaz Butt 3 0 30 1 10.00
Zeeshan Maqsood 4 0 38 1 9.50
Ayaan Khan 1 0 13 0 13.00
Mohammad Nadeem 3 1 22 2 7.33