අශාන්ගේ ශතකය වතුරේ යද්දී චන්දි, උඩවත්ත NCC දිනවයි

1916

ශ්‍රී ලංකා ක්‍රිකටි සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මුවර්ස් සහ එන්. සී. සී. කණ්ඩායම් සමත් විය. අද (25) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති අවසන් පූර්ව වටයේ දී ඔවුන් වෙතින් පරාජයට පත්වූයේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ සී. සී. සී. කණ්ඩායම් ය.

කුසල්, ඕෂද සමඟින් තවත් ක්‍රීඩකයින් රැසක් ඉහළට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ නවතම ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්ව තිබේ. ඒ නිමාවට පත්වූ දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ..

මුවර්ස් සහ යුද හමුදාව අතර තරගය

මෙම තරගයෙන් යුද හමුදා ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.  

කාසියේ වාසිය දිනා ගත් මුවර්ස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 186ක් ලබා ගත් හ. එම ඉනිම වෙනුවෙන් ආරම්භක වමත් පිතිකරු අශාන් රන්දික පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 117ක් ලබා ගත්තේ ය. ඊට අමතරව වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ අසේල ගුණරත්න (17) ය.

කඩුලු ලබා ගැනීමේ දී ශිරාන් ප්‍රනාන්දු, නිමන්ද සුබසිංහ, තරිඳු කෞෂාල්, අදීශ තිලාංචන සහ අයන සිරිවර්ධන කඩුල්ල බැගින් බෙදා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් අහිමිකර ගනිමින් තවත් පන්දු 17ක් ඉතිරිව තිබිය දී ලකුණු 190ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළහ. එම ඉනිම වෙනුවෙන් චාමර සිල්වා සහ නිමන්ද සුබසිංහ ලකුණු අතරට පිවිසෙමින් යුද හමුදා ක්‍රීඩකයෝ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කළහ.

Photos: Moors SC vs Army SC | Semi-Final | Major T20 Tournament 2018/19

චාමර සිල්වා පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා ගත්තේ ය. නිමන්ද සුබසිංහ ලබා ගත් ලකුණු සංඛ්‍යාව ද නොදැවී 46කි. ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 17ක් පමණි. හතරේ පහර දෙකක් සහ හයේ පහර 5ක් එම ඉනිමට ඇතුළත් විය. ඔහු සහ චාමර සිල්වා අතර 5 වැනි කඩුල්ලට ලකුණු සබඳතාව 74කි. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 27ක් පමණි.

මුවර්ස් ඉනිමේ ආරම්භක පිතිකරු චරිත කුමාරසිංහ රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 41කි. ඔහු මේ වෙනුවෙන් පන්දු 24කට මුහුණ දුන් අතර හතරේ පහර 8ක් තම ඉනිමට ඇතුළත් කළේය. ඊට අමතරව අදීශ තිලාංචන පන්දු 22කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තේ ය. චරිත සහ අදීශ අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 57කි.

කඩුලු බිඳ දමීමේ දී සංජික රිද්ම ලකුණු 6කට කඩුල්ලක් බිඳ දමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

යුද හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 6ක් දැවී 186 (20) අශාන් රන්දික 117, අසේල ගුණරත්න 17, අයන සිරිවර්ධන 1/14

මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 4ක් දැවී 190 (17.1) චරිත කුමාරසිංහ 41, අදීශ තිලංචන 33, චාමර සිල්වා නොදැවී 46, රමේෂ් මෙන්ඩිස් 18, නිමන්ද සුබසිංහ නොදැවී 46, සංජික රිද්ම 1/06

ද මැසනඩ් විද්‍යාලය ජයග්‍රහණය අභියස නවතී

2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට නිමා වී තිබේ. කෙසේ නමුත් එම තරගාවලියේ සුහද කාණ්ඩයේ…

එන්. සී. සී. සහ සී. සී. සී. අතර තරගය

තියුණු අවසානයකින් යුත් මෙම තරගයේ ජයග්‍රහණය එන්. සී. සී. ක්‍රීඩකයෝ සතු වූහ. ඒ අවසන් පන්දුව දක්වා ම කළ සටනිනි. අවසන් පන්දුවාරයේ දී සී. සී. සී. ජයග්‍රහණය සඳහා ලකුණු 10ක් අවශ්‍යව තිබූ අතර එහි දී එච්. හෙට්ටිආරචිචි පළමු පන්දුවට හයේ පහරක් ගසමින් තමන්ගේ කණ්ඩායම වෙත තරගය නම්මවා ගත්ත ද ඉතිරි පන්දුවල දී ඔවුන් පෑ දුර්වල පිතිහරඹය හේතුවෙන් අවසන් පන්දුවේ දී ලකුණකින් තරගයේ තීරණය කියැවුණි.

කාසියේ වාසිය දිනූ එන්. සී. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගනිමින් කඩුලු 9ක් දැවී ලකුණු 142ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් නායක මහේල උඩවත්ත පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේ ය.

Photos: CCC vs NCC | Semi-Final | Major T20 Tournament 2018/19

ඔහුට අමතරව ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 31කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 17කට මුහුණ දුන් අතර හතරේ පහර 6ක් තම ඉනිමට ඇතුළත් කළේය. කඩුලු ලබා ගැනීමේ දී වනිඳු හසරංග සහ අශාන් ප්‍රියංජන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 141ක් පමණි. එම ඉනිම වෙනුවෙන් වනිඳු හසරංග පන්දු 27කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තේ ය. කඩුලු දවා ගැනීමේ දී සාරංග රාජගුරු ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

එන්. සී. සී. කණ්ඩායම; කඩුලු 9ක් දැවී 142 (20) දිනේෂ් චන්දිමාල් 31, මහේල උඩවත්ත 48, පැතුම් නිස්සංක 19, වනිඳු හසරංග 2/19, අශාන් ප්‍රියංජන් 2/18

සී. සී. සී. කණ්ඩායම; කඩුලු 9ක් දැවී 141 (20) ඩිල්ශාන් මුණවීර 25, අශාන් ප්‍රියංජන් 19, වනිඳු හසරංග 38, සචින්ද කොළඹගේ 2/28, සචින්ත පීරිස් 2/27, ඩිලේශ් ගුණරත්න 2/24, සාරංග රාජගුරු 3/24

තරගාවලියේ අවසන් මහා තරගය මුවර්ස් සහ එන්. සී. සී. අතර මේ මස 27 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<