මම ක්‍රීඩකයින්ට බාධා කළේ නැහැ. ඔවුන් එකට ඉන්න එක මට ඕන වුනේ – දිමුත්

683

දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගත් ආසියාවේ ප්‍රථම ක්‍රිකට් කණ්ඩායම ලෙස ඉතිහාසගත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (25) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්විය. මෙම මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති, ලේකම් සහ වර්තමාන ටෙස්ට් නායක ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙක් පැමිණ සිටියහ. 

කුසල්, ඕෂද සමඟින් තවත් ක්‍රීඩකයින් රැසක් ඉහළට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ නවතම ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්ව තිබේ. ඒ නිමාවට පත්වූ දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට්…

ප්‍රථමයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ ක්‍රිකට් ආයතනයේ නව ලේකම් මොහාන් ද සිල්වා මහතා ජයග්‍රාහකයන්ට සුබ පැතුම් එක් කළ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ නව ටෙස්ට් නායකයා වන දිමුත් කරුණාරත්න සියලු ක්‍රීඩකයන් හොඳින් මෙහෙයවා ජයග්‍රහණය කරා රැගෙන ගිය බවත්, පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුට ලබා දෙන වැටුප පිළිබඳව විවිධ පුද්ගලයන් විවිධ මත පලකර තිබූ බැවින් ඒවාට ද මේ වන විට පිළිතුරු ලැබී ඇති බවත්ය. තවදුරටත් මාධ්‍යයට අදහස් දක්වමින් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ  මාධ්‍ය විසින් පසුගිය කාලයේ ඔවුන්ට ඉමහත් සහයක් දැක්වූ බවත් එය ඉදිරියටත් බලාපොරොත්තු වන බවත්ය.

Photos: Post – Series Media Briefing | Sri Lanka Test Squad from South Africa 2019

ඉතිහාස ගත ටෙස්ට් ජයග්‍රහණයේ නායකයා වන දිමුත් කරුණාරත්න මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ මෙවර තරගාවලියට සහභාගි වූ සියලු නවකයන්ගෙන් කණ්ඩායමට විශාල දායකත්වයක් ලැබුණු බවයි. කුසල් ජනිත්ගේ ඉනිම සහ නවක ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනියගේ පන්දු යැවීම කණ්ඩායමේ ජයග්‍රහණයටත්, තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ දැමීමටත් හේතු වූ බව දිමුත් පවසා සිටියේය.

තීරණාත්මක තරගයක් වූ දෙවන ටෙස්ට් තරගය ගැන අදහස් දක්වමින් දිමුත් පවසා සිටියේ සෑම ක්‍රීඩකයෙක්ම මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන්ගේ කාර්ය ඉතාමත් හොඳින් සිදු කළ බවත්, තම කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් ඉතාමත් අසීරුතාවයකට පත්වූ බවත්ය.

එකමුතුකමේ ශක්තිය ලොවට පෙන්වූ සිංහයින්ට ඓතිහාසික ජයක්!

අවසන් වතාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් දකුණු අප්‍රිකාව බලා පියාසර කරන්නේ ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයේ සිටිමිනි. 

මෙහි දී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දක්වමින් දිමුත් පවසා සිටියේ තම කණ්ඩායමේ එකමුතුකම පිළිබඳව තමන් වැඩි අවධානයක් යොමු කළ බව සහ ක්‍රීඩකයන්ගේ  නිදහසට ඔහු බාධා නොකළ අතර සෑම ක්‍රීඩකයෙක්ම නිතරම එකට සිටිය යුතු බව ඔහු අවධාරණය කළේය.

“මට නායකත්වය බාර දුන්නට පස්සේ මම මුලින්ම කළේ දික්වැල්ල එක්ක කතා කරපු එක. හැමෝගෙම දක්ෂතා තියනවා ඇඟේ, අපිට ඕන වෙලා තිබුණේ ඒක එළියට ගන්න, අපි තරගාවලි දෙකක් පරාජය වෙලා තිබුණේ. මට ඕන වෙලා තිබුණේ ජයග්‍රහණයට වඩා කණ්ඩායමේ එකමුතුකම නංවන එක අපි බැලුවේ හැමතිස්සෙම එකට ඉන්න, අපි කන්න බොන්න ගියෙත් හැමෝම එකට, ඒ දේවල්වලින් හැමෝටම එකිනෙකා කෙරෙහි විශ්වාසයක් ඇතිවුනා. ඒක තමා මේ තරගාවලිය ජයග්‍රහණයට ගොඩක්ම හේතු වුනේ” යැයි දිමුත් කරුණාරත්න වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.

එළඹෙන ඉරිදා (03) ආරම්භ වීමට නියමිත තරග 5කින් සමන්විත එක්දින තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංගගේ නායකත්වයෙන් තරග කරන්නට සූදානමින් සිටියි. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<