සල්පිටි රයිගම් එක්දින කුසලානය 4 වැනි වතාවටත් පිළියන්දලට

358

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර 5 වැනි වතාවටත් පැවැත්වුණු ‘සල්පිටි රයිගම් කෝරල එක්දින සටන” තරගය ලකුණු 96කින් ජය ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (24) සමත් විය. තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්විය.

අශාන්ගේ ශතකය වතුරේ යද්දී චන්දි, උඩවත්ත NCC දිනවයි

ශ්‍රී ලංකා ක්‍රිකටි සංවිධානය කරන අන්තර් ක්‍රීඩා ….

ඒ අනුව දෙවිදුහල් අතර මේ දක්වා පැවති එක්දින තරග 5න් 4ක ජය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට හිමි වූ අතර පසුගිය වසරේ දී පැවති එක්දින තරගය විසඳුමකින් තොරව අවසන් වූයේ අයහපත් ආලෝක තත්වය නිසාවෙනි.

කාසියේ වාසිය දිනූ හොරණ තක්‍ෂිලා මධ්‍ය විදුහල පළමුව පන්දුවට පහර දීම සඳහා ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන පිළියන්දල මධ්‍ය විදුහලට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 210ක් රැස්කර ගැනීමට සමත්කම් දැක්විය.

2018/19 දෙවන පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය පිතිකරුවෙක් වන චමෝද් සඳරු පන්දු 107කට මුහුණ දෙමින් 4 පහර 4ක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 61ක් ලබා ගත්තේය. ඔහු මේ තරගයට පෙර දින දෙකේ දී පැවැත්වුණු දෙදින මහා ක්‍රිකට් තරගයේ දී ද නොදැවී ශතකයක් ලබාගෙන එම තරගයේ වැඩි වාසිය පිළියන්දල මැදි විදුහලට හිමිකර දීමට සමත් විය.

සල්පිටි රයිගම් කෝරල කුසලානය 15 වැනි වතාවටත් සමව බෙදේ

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය …

චමෝද් සඳරුට අනගි සහයක් ලබා දුන් ආරම්භක පිතිකරුවෙක් වන ජනිත් දිල්ශාන් පන්දු 83ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 47ක් රැස්කළ අතර ගියවර කණ්ඩායමේ නායකත්වය දැරූ හේෂාන් මදුශංක පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟ ලකුණු 35ක් රැස්කිරීමට සමත් විය. ඔවුන් තිදෙනා පළමු කඩුලු දෙක තුල ලකුණු 135ක ලකුණු ප්‍රමාණයක් ඔවුන්ගේ විද්‍යාලයේ ලකුණු සටහනට එකතු කරන ලදි.

පිළියන්දල මැදි විදුහල් මුල්පෙළ පිතිකරුවන්ගේ දැවී යාම් වලට පසුව ඔවුන්ගේ මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් දැවැන්ත ලකුණු පුවරුවක් වෙත යෑමට තිබූ අවස්ථාව පිළියන්දල මැදි විදුහලෙන් ගිලිහී ගියේය. කෙසේ නමුත් ලකුණු 200 සීමාව ඉක්මවා යාමට ඔවුන්ට හැකි වුණි.

පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන තිසර සචින්තන කඩුලු 3ක් ද නායක තිළිණ තාරින්ද, සසිඳු ජනෙත්  සහ සෙනෙත් වින්විනු කඩුලු 2 බැගින් දවා ගනිමින් තක්ෂිලා විදුහල වෙනුවෙන් දස්කම් දැක්විය.

>>Photos: Taxila Central College Horana vs Central College Piliyandala – Limited over encounter<<

ජයග්‍රහණය සඳහා ලකුණු 211ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පැමිණි හොරණ තක්‍ෂිලා විදුහල වෙනුවෙන් එකදු අර්ධ ශතකයක් හෝ වාර්තා කර ගැනීමට ඔවුන්ගේ පිතිකරුවන් අසමත් වූයේ මද වේගපන්දු යවන චමෝද් සඳරුගේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩා විලාසය නිසාවෙනි.

ඔවුන්ගේ විදුහලේ වැඩිම ලකුණු ලාභීන් වූ සසිඳු ජනෙත් ලකුණු 37ක් සහ චමිඳු රන්විනු ලකුණු 22ක් රැස්කිරීමට සමත්වූ අතර සෙසු පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ලකුණු 211 ඉලක්කය කරා යාමට තක්ෂිලා මැදි විදුහලට අවස්ථාවක් හිමි නොවීය.  අවසානයේ ඔවුන්ට පන්දුවාර 36යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනාම දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 114ක් පමණි.

මේ පාසල් මහා තරගයේ වීරයා බවට පත්වූ චමෝද් සඳරු පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දක්වමින් පන්දුවාර 6ක් තුල ලකුණු 25කට කඩුලු 4ක් දවා ගත්තේය. ඊට අමතරව නායක මල්ෂාන් ගුණතිලක කඩුලු 3ක් සහ උෂාන් දීමන්ත කඩුලු 2ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිළියන්දල මැදි විදුහල – 210/10 (49.3): චමෝද් සඳරු 61, ජනිත් දිල්ශාන් 47, හේෂාන් මදුශංක 35, තිසර සචින්තන 3/41, තිළිණ තරින්ද 2/26, සසිඳු ජනෙත් 2/27, සෙනෙත් වින්විනු 2/36.

තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය – 114 (36.4): සසිඳු ජනිත් 37, චමිඳු රන්විනු 22, චමෝද් සඳරු 4/25, මල්ෂාන් ගුණතිලක 3/20, උෂාන් දීමන්ත 2/12.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<