ආසියානු කුසලානයට එන පාකිස්තාන සංචිතය නම් කරයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

2386

ඇෆ්ගනිස්ථානය සමඟ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සහ ආසියානු කුසලානය සඳහා සහභාගී වන පාකිස්තාන ක්‍රිකට් සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සුපුරුදු පරිදි මෙම සංචිතයේ නායකත්වය Babar Azam හට හිමිව තිබෙන අතර කණ්ඩායමේ උපනායකත්වය හිමිව ඇත්තේ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Shadab Khan හටයි.

ඇෆ්ගනිස්ථාන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙන අතර ආසියානු කුසලානය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකු සංචිතයට ඇතුළත් වෙනවා.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන තරගාවලිය සඳහා නම් කළ පාකිස්තාන සංචිතයට ඇතුළත් වූ Saud Shakeel හට ආසියානු කුසලානය සඳහා නම් කළ සංචිතයේ ඉඩක් හිමිව නැහැ.

අප්‍රේල් මාසයේ දී නවසීලන්තය සමඟ පැවති තරගාවලියේ දී පාකිස්තාන සංචිතයට ඇතුළත් වූ Shan Masood සහ  Ihsanullah මෙම සංචිත වලින් ඉවත් කර තිබෙන අතර Tayyab Tahir, Faheem Ashraf සහ  Saud Shakeel සංචිතය සඳහා අලුතින් ඇතුළත් වූ ක්‍රීඩකයින් වෙනවා.

Faheem Ashraf පාකිස්තාන එක්දින කණ්ඩායමට කැඳවා ඇත්තේ වසර දෙකකට පසුව වන අතර ඔහු අවසන් වරට 2021 වසරේ පැවති පාකිස්තාන තරග සංචාරයේ දී පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළා.

නිමා වූ නැගීඑන ආසියානු කුසලානයේ දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Tayyab Tahir පාකිස්තාන කණ්ඩායමට ඇතුළත් කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු මීට පෙර නවසීලන්ත තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරමින් වැඩිම ලකුණු ලාභියා වීමට සමත් වුනා.

මෙම තරගාවලි සඳහා සහභාගී වන පාකිස්තාන කණ්ඩායම අගෝස්තු 18 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් හම්බන්තොට දී කණ්ඩායම සමඟ එක් වීමට නියමිතව තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක් ඇසුරිනි.

>>තවත්ක්‍රිකට්පුවත්සඳහාපිවිසෙන්න<<