පාසල් අටක් දස සාමාජික රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

636

වයස අවුරුදු 16න් පහළ සමස්ත ලංකා අන්තර් පාසල් දස සාමාජික රග්බි තරගාවලිය ඊයේ (4) මහනුවර දිගන පිටිය දී හා ත්‍රිත්ව විද්‍යාල පිටියේ දී ආරම්භ විය. මේ තරගාවලියේ ආරම්භක දිනයේම ගියවර අනුශූරතාවය දිනා ගත් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය තරගාවලියෙන් ඉවතට යාම කැපීපෙනෙන සිදුවීමක් විය.

16න් පහළ පොඩ්ඩෝ නුවර දෙවනත් කරන්නට සැරසේ

වයස අවුරුදු 16න් පහළ සමස්ත ලංකා දස සාමාජික පාසල් රග්බි තරගාවලිය හෙට හා අනිද්දා (අගෝස්තු 4, 5) දෙදින පුරාවට මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි පිටියේ…

තරගාවලියේ මූලික වටය අවසානයේ දී අපරාජිත පාසල් වූ ගියවර ශූරතාවය දිනා ගත් ත්‍රිත්ව, රාජකීය, ඉසිපතන, වෙස්ලි, සාන්ත පීතර, සාන්ත ජෝසප්, ධර්මරාජ හා  සාන්ත අන්තෝනි යන විද්‍යාල මෙහි කුසලාන රග්බි තරගාවලියේ අවසන් සුපිරි අට දෙනාගේ කණ්ඩායමට තේරී පත්විය. මේ තරගාවලිය මෙතැන් සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙන අතර එහි දී ඒ ඒ කණ්ඩායම් අට පහත දැක්වෙන ලෙස කුසලාන වටයේ  අවසන් පූර්ව තරග වටයේ දී එකිනෙකා මුණ ගැසෙනු ඇති අතර ඉන් ජය ගන්නා පාසල් කණ්ඩායම් 4ක් එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.

කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරග:

  • පළමු අවසන් පූර්ව තරගය – ත්‍රිත්ව විද්‍යාලය හා රාජකීය විද්‍යාලය
  • දෙවන  අවසන් පූර්ව තරගය – ඉසිපතන විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය
  • තෙවන අවසන් පූර්ව තරගය – සාන්ත  පීතර විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය
  • සිව්වැනි අවසන් පූර්ව තරගය  – ධර්මරාජ විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය

කාණ්ඩ 8ක් යටතේ පැවැත්වෙන මේ තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 25ක් සහභාගි වූ අතර ගියවර ශූරයින් ලෙස මේ තරගාවලියට අවතීර්ණ වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙවර A කාණ්ඩය යටතේ තරග වැදුණි. ඊයේ උදෑසන පැවති තරග දෙකේ දී ලුම්බිණි විද්‍යාලය හා පිළියන්දල මධ්‍ය විද්‍යාලය පහසුවෙන්ම පරාජය කළ ත්‍රිත්ව විද්‍යාලය තරගාවලියේ මීළඟ වටය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

  • ත්‍රිත්ව විද්‍යාලය 26 – 00 පිළියන්දල මධ්‍ය විද්‍යාලය
  • ලුම්බිණි විද්‍යාලය 20 – 00 පිළියන්දල මධ්‍ය විද්‍යාලය
  • ත්‍රිත්ව විද්‍යාලය 31 – 00 ලුම්බිණි විද්‍යාලය

කොළඹ රාජකීය විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය කොළඹ කේරි විද්‍යාලය පරාජය කරමින් B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට වෑයම් කළත්, රාජකීය විද්‍යාලය තියුණු සටනකට පසුව ලකුණු 12-10ක් ලෙස ඩී. එස්. සේනානායක විද්‍යාලය පරාජය කරමින් B කාණ්ඩයේ පෙරමුණ ලබා ගත්තේය.

  • රාජකීය විද්‍යාලය 44 – 00 කේරි විද්‍යාලය
  • ඩී. එස්. සේනානායක විද්‍යාලය 36 – 00 කේරි විද්‍යාලය
  • රාජකීය විද්‍යාලය 12 – 10 ඩී. එස්. සේනානායක විද්‍යාලය

ජ’පුර සහ වයඹ සිසුහු කොළඹ රග්බි පිටිය පෙරළයි

කොළඹ විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන 2018 අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි තරගාවලිය ඊයේ (04) කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ආරම්භ වුනා. තරගාවලියේ…

මේ තරගාවලියේ C කාණ්ඩය යටතේ ඉසිපතන විද්‍යාලය, සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය හා ශ්‍රී සුමංගල විද්‍යාලය තරග වැදුණි. ඒ අතරින් කුසලාන තරග වටයේ ඉදිරියට යාමට අවස්ථාව ලබා ගත්තේ ඉසිපතන විද්‍යාලයයි. සුමංගල විද්‍යාලය එහි දෙවන තැන දිනා ගන්නා විට සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය පිළිවෙළින් එහි තෙවන හා සිව්වැනි තැන දිනා ගැනීමට සමත් විය.

  • ඉසිපතන විද්‍යාලය 38 – 00 ශ්‍රී සුමංගල විද්‍යාලය
  • ආනන්ද විද්‍යාලය 07 – 05 සාන්ත ඇලෝසියස් විද්‍යාලය
  • ඉසිපතන විද්‍යාලය 26 – 05 සාන්ත ඇලෝසියස් විද්‍යාලය
  • ඉසිපතන විද්‍යාලය 32 – 00 ආනන්ද විද්‍යාලය
  • ශ්‍රී සුමංගල විද්‍යාලය12 – 05 සාන්ත ඇලෝසියස් විද්‍යාලය

පාසල් කණ්ඩායම් පහක් එකිනෙකා සමඟින් තරග වැදුණු D කාණ්ඩයේ මූලික තරග වටය අවසානයේ පෙරමුණ ලබා ගත්තේ වෙස්ලි විද්‍යාලයයි. එම කාණ්ඩයේ දෙවන තැන දිනා ගත් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය බඳුන අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගන්නා විට, එහි තෙවන තැන දිනා ගත් නාලන්ද විද්‍යාලය  පළඟ වටයට පිවිසීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගන්නා ලදි.

  • වෙස්ලි විද්‍යාලය 31 – 00 නාලන්ද විද්‍යාලය
  • සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය 10 – 05 වේල්ස් කුමාර විද්‍යාලය
  • සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය 29 – 07 ඇහැලියගොඩ ජාතික පාසල
  • වෙස්ලි විද්‍යාලය 40 – 00 සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය
  • වෙස්ලි විද්‍යාලය 38 – 00 වේල්ස් කුමාර විද්‍යාලය
  • වෙස්ලි විද්‍යාලය 54 – 00 ඇහැලියගොඩ ජාතික පාසල
  • නාලන්ද විද්‍යාලය 07 – 20 වේල්ස් කුමාර විද්‍යාලය
  • වේල්ස් කුමාර විද්‍යාලය 00 – 10 ඇහැලියගොඩ ජාතික පාසල
  • ඇහැලියගොඩ ජාතික පාසල 17 – 00 නාලන්ද විද්‍යාලය
  • සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය 19 – 12 නාලන්ද විද්‍යාලය

බඳුන කුසලානයේ හා පළඟ කුසලානයේ අර්ධ අවසන් පූර්ව තරග පහත පරිදි පැවැත්වේ.

බඳුන අර්ධ අවසන් පූර්ව තරග:

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය
  • සුමංගල විද්‍යාලය හා සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය
  • මහානාම විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය
  • සහිරා විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය

පළඟ කුසලාන අර්ධ අවසන් පූර්ව තරග:

  • පිළියන්දල මධ්‍ය විද්‍යාලය හා කේරි විද්‍යාලය
  • ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය
  • විද්‍යාර්ථ විද්‍යාලය හා සී. ඩබ්. ඩබ් කන්නංගර විද්‍යාලය
  • මලියදේව විද්‍යාලය හා ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<