NSL පිටිය අඩු ලකුණුවලට සීමා වූ දවසක්

SLC National Super League 4 Day Tournament 2024

120
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ තෙවැනි සතියේ තරග අද (21) ක්‍රීඩාංගණ 2ක කදී ආරම්භ වූවා.

13 වැනි තරගය, හම්බන්තොට, මාර්තු 2124, 2024, National Super League4 Day Tournament

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, සූරියවැව

o කාසියේ වාසිය – Colombo

Dambulla – මිනෝද් භානුක (නායක), ලසිත් කෲස්පුල්ලේ, සනෝජ් දර්ශික, රිසිර වීරසූරිය (කඩුලු රකින්නා), පවන් රත්නායක, සොනාල් දිනූෂ, චමිඳු විජේසිංහ, දුශාන් හේමන්ත, නවීන් ප්‍රනාන්දු, මුර්වින් අබිනාශ්, මොහොමඩ් ශිරාෂ්.

Colombo – නුවනිඳු ප්‍රනාන්දු (නායක), හේෂාන් ධනුශ්ක, නිපුන් ධනංජය, දසුන් ශානක, ක්‍රිශාන් සංජුල, ප්‍රියමාල් පෙරේරා, පැතුම් කුමාර (කඩුලු රකින්නා), දුනිත් වෙල්ලාලගේ, තරිඳු රත්නායක, ඉසිත විජේසුන්දර, නිසල තාරක.

කාසියේ වාසිය දිනා ගත් කොළඹ කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 240ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් චමිඳු විජේසිංහ පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත් අතර එය ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූවා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ද සහ පවන් රත්නායක පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ඉසිත විජේසුන්දර සහ නිසල තාරක කඩුලු 3 බැගින් දවා ගත් අතර දසුන් ශානක කඩුලු 2ක් ද සහ දුනින් වෙල්ලාලගේ කඩුල්ලක් ද දවා ගත්තා.

මෙම තරගයට දහවල් කාලයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් තරගයේ පන්දුවාර 26ක් අහිමි වුණා.

Dambulla – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 240 (64.0) ලසිත් කෲස්පුල්ලේ 43, සනෝජ් දර්ශික 23, පවන් රත්නායක 35, චමිඳු විජේසිංහ 51, නවීන් ප්‍රනාන්දු 25, නිසල තාරක 3/77, ඉසිත විජේසුන්දර 3/44, දසුන් ශානක 2/35

මෙම තරගය හෙට (22) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

14 වැනි තරගය, කොළඹ, මාර්තු 14-17, 2024, National Super League4 Day Tournament

o ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ

o කාසියේ වාසිය – Jaffna

Jaffna – ජෙෆ්රි වැනඩර්සේ (නායක), සඳුන් වීරක්කොඩි (කඩුලු රකින්නා), හසිත බෝයගොඩ, රොන් චන්ද්‍රගුප්ත, නිපුන් කරුණානායක, ජනිත් ලියනගේ, ලහිරු මධුශංක, සංතුශ් ගුණතිලක, රවිඳු ප්‍රනාන්දු, දිලුම් සුදීර, නිපුන් මාලිංග.

Kandy – නිරෝෂන් දික්වැල්ල (නායක), පවන්ත වීරසිංහ, ලසිත් ලක්ෂාන්, කමිල් මිෂාර, සහන් ආරච්චිගේ, අහන් වික්‍රමසිංහ, චාමික කරුණාරත්න, වනුජ සහන්, අශේන් ඩැනියෙල්, නිම්සර අතරගල්ල, සිතුම් දිසානායක.

කාසියේ වාසිය දිනා ගත් යාපනය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසිය ද ඔවුන්ට එහි වාසිය හරි හැටි ලබා ගැනීමට හැකි වූයේ නැහැ. ඔවුන්ගේ ඉනිම ලකුණු 261කට සීමා වුණා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජනිත් ලියනගේ. ඔහු පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 83ක් ලබා ගත්තා.

ඊට අමතර ව රොන් චන්ද්‍රගුප්ත පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ද සහ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නිම්සර අතරගල්ල සහ වනුජ සහන් කඩුලු 3 බැගින් දවා ගනිද්දී සහන් ආරච්චිගේ, සිතුම් දිසානායක, චාමික කරුණාරත්න සහ අශේන් ඩැනියෙල් කඩුල්ල බැගින් බෙදා ගත්තා.

එම ඉනිමෙන් අනතුරුව තම පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ ද තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 57ක් ලබා අසාර්ථක මට්ටමේ පසු වූවා.

එම ඉනිමේ එතෙක් වැඩිම ලකුණුලාභියා වූයේ නායක නිරෝෂන් දික්වැල්ල. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟන් ලකුණු 26ක් ලබා ගත්තා. තරගය අවසන් වන විට කමිල් මිෂාර (15) සහ සහන් ආරච්චිගේ (01) නොදැවී පන්දුවට පහර දෙමින් පිටියේ රැදී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ලහිරු මධුශංක, නිපුන් මාලිංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 261 (69.0) සඳුන් වීරක්කොඩි 33, රොන් චන්ද්‍රගුප්ත 34, නිපුන් කරුණානායක 26, ජනිත් ලියනගේ 83, සංතුශ් ගුණතිලක 29, නිම්සර අතරගල්ල 3/40, වනුජ සහන් 3/40

Kandy – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 57 (12.0) නිරෝෂන් දික්වැල්ල 26, ලහිරු මධුශංක 1/05

මෙම තරගය හෙට (22) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<