Kohliගේ ශතකය Naveenගේ ඇඟේ වැදෙයි

IPL 2023

1427

ඊයේ (18) Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව සුපිරි පිතිකරු Virat Kohli විසින් සිය හයවැනි IPL ශතකය වාර්තා කිරීමත් සමඟින් Naveen-ul-Haq සහ Gautam Gambhirගේ නම් නැවතත් කරළියට පැමිණ තිබෙනවා.

වසර හතරක් තිස්සේ පැවති සිය IPL ශතක හිඟයට නිමාව සටහන් කරමින් Kohli විසින් ඊයේ Royal Challengers Bangalore වෙනුවෙන් වටිනා ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර, සුපුරුදු පරිදි එම ඉනිම බැංගලෝරයේ ජයග්‍රහණය තහවුරු කිරීමටත් සමත් වුනා.

Kohliගේ මෙම විශිෂ්ට ශතකයෙන් පසුව Kohli රසිකයින් විසින් සමාජ මාධ්‍යවල සිය බලය පෙන්වමින් Gautam Gambhir සහ Naveen-ul-Haqගේ නම් සඳහන් කරමින් උපහාසාත්මක සටහන් තැබීම ආරම්භ කළා.

මීට පෙර Royal Challengers Bangalore සහ Lucknow Super Giants කණ්ඩායම් එකිනෙකා මුණ ගැසුණු තරගයේ දී (මැයි 1 වැනිදා) Kohli සහ Naveen අතර යම් වචන හුවමාරුවක් සිදු වූ අතර, පසුව Gautam සහ Kohli අතර ඊටත් වඩා උණුසුම් වචන හුවමාරුවක් සිදු වුනා.

මෙම සිදුවීමෙන් පසුව මුම්බාය සහ බැංගලෝරය අතර පැවැත්වුණු තරගයක දී Naveen-ul-Haq විසින් Instagram හි පළ කළ ඡායාරූපයක් මෙම සටන තවත් දුරදිග ගෙන යාමට හේතුවක් වුනා.

එවන් වටපිටාවක් තුල Kohli විසින් ලබා ගත් මෙම ශතකය Kohli රසිකයින්ට දිව ඔසුවක් බඳු වූ අතර, ඔවුන් විසින් එම ඉනිමෙන් පසුව Naveen-Gautam යුගලය ඉලක්ක කරමින් තැබූ Twitter සටහන් කිහිපයක් පහතින් දැක්වෙනවා.

මේ අතර ඊයේ බැංගලෝරය විසින් ලබා ගත් ජයග්‍රහණය සමඟින් මෙවර IPL ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට ඔවුන් පත් වූ අතර, මෙහි තෙවැනි ස්ථානය ලක්නව් කණ්ඩායමට හිමි ව තිබෙනවා.

පවතින තත්වය ඉදිරියේ දී වෙනස් නොවුනහොත් මෙම කණ්ඩායම් දෙක Play-Off තරග වටයේ Eliminator තරගයේ දී එකිනෙකා මුණ ගැසීමට නියමිතයි. එවැනි වාතාවරණයක් උදා වුවහොත් මේ පවත්නා තත්වය අනුව කණ්ඩායම් දෙක අතර මෙන් ම, කණ්ඩායම් වල රසිකයින් අතර ද උණුසුම් තරගයක් පැවැත්වෙතැයි අනුමාන කළ හැකියි.

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<