ඩිල්ශාන් වෙනුවට Maphaka මුම්බායි සමඟ එක් වෙයි

IPL 2024

75
IPL 2024

Mumbai Indians කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත ව සිටි ඩිල්ශාන් මදුශංකට ඇති වූ ආබාධ තත්වය නිසා ඔහු වෙනුවට යොවුන් දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Kwena Maphaka ඩිල්ශාන්ගේ ආදේශක ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

බංග්ලාදේශය සමඟ පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර ඩිල්ශාන් මදුශංක ආබාධයක ලක් වූ අතර, ඒ නිසා ඔහුට 2024 IPL තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව මීට පෙර වාර්තා වුනා.

මේ අතර අද දිනයේ දී ඩිල්ශාන් වෙනුවට යොවුන් ක්‍රීඩක Kwena Maphaka තම කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට නියමිත බව Mumbai Indians මඟින් නිල වශයෙන් දැනුම් දී දුන්නා.

නිමා වූ වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා (කඩුලු 21) බවට පත් වෙමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලද Maphaka තවමත් වයස අවුරුදු 18 කඩ ඉම හෝ සම්පූර්ණ නොකර තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් දැනටමත් ඔහු විසින් දකුණු අප්‍රිකානු A සහ නැගී එන කණ්ඩායම් පවා නියෝජනය කර ඇති අතර, වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි ද්විත්වයක් ද නියෝජනය කර තිබෙනවා. එමෙන්ම මෙතරම් කුඩා වියේ දී පවා පැයට කිලෝමීටර 140ක වේගය ඉක්මවමින් පන්දු යැවීමට ඔහුට ඇති හැකියාව පිළිබඳ ව ද විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

මේ අතර ඩිල්ශාන්ට අමතරව එළඹෙන 22 දා සිට ආරම්භ වන IPL තරගාවලියට සහභාගී වීමට නියමිත ව සිටි තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ම ආබාධ සම්බන්ධව ගැටලු පවතින බවත් වාර්තා වනවා.

ඒ අනුව ඔවුන්ගේ IPL සහභාගීත්වය කෙසේ ද යන්න පිළිබඳ ඉදිරියේ දී ඔබට නිල වශයෙන් ම දැනුම් දීමටත් ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<